වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තබාගැනීම සඳහා නුදුරේදීම චක්‍රලේඛයක් ගෙන ඒමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැරණියගල දී පැවසීය.
‘මේ වනවිට අපි දරුණු නියගයකට මුහුණදීලා තිබෙන්නේ. ජනතාවට අඛණ්ඩව විදුලිය සපයන එක අපට ලොකු අභියෝගයක්. අපි ජනතාවගේ පැත්තෙන් ඉල්ලන්නේ මෙගාවොට් 25 ක් ඉතිරි කරගන්න කියලා. කාලගුණ දෙපාර්තමේන්තුවත් කියනවා තවත් මාස 5ක් 6ක් වගේ කාලයක් මේ තත්ත්වය පවතීවි කියලා. අපි ළග මේ වනවිට ජලය තිබෙන්නේ 36% ප්‍රමාණයක් විතරයි. ඒ අනුව විදුලිය නිපදවීම සදහා ඩීසල් ගල් අගුරු වැනි විකල්පයකට යන්න වෙනවා. නමුත් ඒ සදහා යන වියදම ජනතාව පිට පටවන්නත් අපිට බැහැ‘යැයි ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩ එපා. සූර්ය බලශක්ති උපකරණ සඳහා බදු ඉවත්කර අවම මිලක් නිර්දේශ කරන්න. මධ්‍යම පන්තිය ඉබේම සුර්යබලයට යොමු වේවි. (නි)
අඩුගානට සෝලා සිස්ටම් විකුනනවානම් හොඳයි. අපේ රටේ ගොඩක් ඉන්නේ මධ්‍යම පාන්තිකයෝ ඒ ගොල්ල මිලදී ගනී. (ර)
සෝලා සිස්ටම් ගැන අදහස් දමන අයට මේ කියන්නේ, ඒවා හොඳ තමා. නමුත් ඒවායින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවායේ තාක්ෂණික ගැටළු අනන්තයි. අදට බලශක්ති ජනනයේ ලාබම විදිය සූර්ය බලය නෙමෙයි (නි)
මේ චක්‍රලේඛන දැම්මට මේවා කෙරෙන වැඩ නෙමෙයි. එහෙනම් වායුසමන යන්ත්‍ර ළඟට පොලීසියෙන් දමන්න වේවි. මේවා සංදර්ශන. මේ රටේ ආණ්ඩුවේ කාර්යාල වල වායුසමාන යන්ත්‍ර කීයක් තියනවද? මෙහෙම කරලා ඒවායින් කොච්චර බල ශක්තියක් ඉතුරු කරන්න පුලුවන්ද? මේකත් ආණ්ඩුව කරන තවත් එක මනස්ගාතයක් විතරයි. මේ වගේ වෙලාවක බල ශක්තිය ඉතුරු කරන්න ලෝකය පිළිගත් ක්‍රම ඕනෑතරම් තියනවා (නි)
ඔන්න ඇමතිතුමනි කරනවා නම් නියම වැඩ. 25-26 උෂ්ණත්වය ඉතා හොඳයි. තව තියනවා දේවල්. සීලිං ෆෑන් තහනම් කරන්න. ෆෙඩස්ටල් හෝ ටේබල් ෆෑන් ගන්න කියන්න. (නි)
ලොකු කතා දැම්මා නේද විදුලිය දෙන්න පුළුවන් සුදානම් කියලා. දැන් නහයෙන් අඬනවා (නි)
අනේ මන්දා මේ රට කොහේ නවතීද කියලා මෙහෙම ගිහින් (නි)
නීති දාො මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. රටක කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්න නම් ක්‍රමවත් බලශක්ති සැපයුමක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් මොන කොම්පනියද එන්නේ ෆැක්ටරි පටන්ගන්න. මේක ඝර්ම කලාපිය රටක් නිසා සුළං සහ සුර්ය බලශක්ති වලට යොමුවෙන්න ජනතාව දිරිගන්වලා අදාළ උපකරණ වලට බදු සහන සහ තාක්ෂණය දුන්නා නම් ගෘහස්ත විදුලිබල ඉල්ලුම අඩුකරලා රජයේ ප්‍රධාන විදුලි සැපයුම කර්මාන්ත ක්ෂේත්‍රයට යොදාගන්න පුළුවන් (නි)
සූර්ය බලශක්ති උපකරණඉතා හොඳයි (ම)
යහපාලන ආණ්ඩුවට තවත් දඩ මුදල් ටිකක් එකතුකරගන්න පුළුවන් විදියක් ගැන තමයි අපි කල්පනා කරන්න ඕනෑ. එහෙම නොකළොත් කොහොමද ඔච්චර ලොකු ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ එයාලට කෝටි ගණන් වටිනා කාර් ගන්නේ. මේ නීතිය දැම්මට පස්සේ පුළුවන්නේ ආයතන වලට කඩාගෙන පැනලා සෙන්ටිග්‍රේඩ් 26 ට වඩා අඩු නම් දඩයක් ගහන්න. අනේ මන්දා මේ ආණ්ඩුව මෙහෙම ගිහින් කොහේ නවතියිද කියලා. ඡන්දෙ දීපු අපි ගැනම අපි ලැජ්ජා වෙනවා. (නි)
උෂ්ණත්වය 26 ගෙනාවහම සීතල නැතුව පංකාව වැඩ විතරක් වේවි
නාමල් කිවුවා වගේ සුර්ය බලශක්තිය නිපදවන උපකරණ සදහා බදු ඉවත් කළෙ නම් සෑහෙන දෙනෙක් ඒ සඳහා යොමුවේවි. ආයතන වල කලින් පවතින විදුලි බිල 80% වත් අඩුකරන්න කියලා උපදෙස් දුන්නා නම් ඕක ටිකක් හරි අඩුවෙයි. රජයේ ආයතනවල (පාසල්) ආදියේ වහලවල් වල සුර්ය පැනල සවිකළා නම් වැඩිය හොඳයි. (නි)
පාරේ එළිවෙලත් පත්තුවෙන ලයිට් ටික නිවාදමන්න (නි)
අර ගස් කපන එකත් නැවැත්තුවා නම් මොකද? (නි)
වැසිකිළි වල ජල භාවිතයටත් නියාමනයක් එයිදෝ මන්දා... (නි)
නියම දූරදර්ශී ආණ්ඩුවක්. අම්මපා! බෝම්බ පාරක් කාලා මැරුනා නම් මීට වඩා හොඳයි මම. (නි)
ඔලු ගෙඩිය ඇතුලේ පිහිටා තියන මදේ හැටියටනේ තීරණ ගන්නේ? (බ)
ඔන්න ඔහොමනෙ නියාමන දාන්නේ. වායු සමීකරණයට අංශක 26 යි. ආප්පේ රුපියල් දහයයි, දවසට එක බත් වේලයි. ජය වේවා !!! (නි)