( සිරංගිකා ලොකුකරවිට )
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මීට වසර එකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.
එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මේ පිළිබඳ විමසූ අවස්ථාවේ දී පිළිතුරු දෙමින් ගාල්ල කරාපිටිය රෝහලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සී.ඩී.පතිරණ මහතා පැවසුවේ යන්ත්‍රය සවිකිරීමට පෙර එම ස්ථානයේ වායු සමීකරණ පද්ධතිය අනිවාර්යයෙන් මසකස් කළ යුතු වුවත් තවමත් වායු සමීකරණ පද්ධතිය සකස් කර නොමැති බවයි.
“මෙම යන්ත්‍රය ඇතුළට ගැනීම සඳහා පිවිසුමක් සකස් කිරීමේ දී ඇතිවූ මතවාදයක් හේතුවෙන් යන්ත්‍රය සවිකිරීම ප්‍රමාද වූණා.එම ප්‍රශ්න විසඳා දැන් යන්ත්‍රය අදාළ ස්ථානයට ගෙනවිත් තියෙනවා“යැයි ඒ මහතා පැවසීය.
“වසරක් තිස්සේ වායු සමීකරණ යන්ත්‍රයක් සවි කිරීමට නොහැකි වූ හේතුව මොකක්ද? රෝගීන්ට පහසුකම් සපයන්න ආණ්ඩුව සල්ලි වියදම් කරනවා. ඒත් පරිපාලනයේ දුර්වලතා නිසා අහිංසක රෝගීන් දුක් විදිනවා. මේ ඒකකයේ ඉන්නේ ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබාදිය යුතු වූ රෝගීන්. මේ ගැන මා සෞඛ්‍ය ඇමතිවරයාටයත් කියන්නම්“යැයි විජේපාල හෙට්ටිආරච්චි මහතා කීවේය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට වෙලාවක් නෙහෙ මහත්තයෝ. අපිට පාරවල් ගැනේ පෙළපාලි යන්න තියෙනවා.
ජනතාවගේ බදු මුදල් වලින් කැපෙන වාහන පර්මිට් එකට සැප වහනයක් ගෙනල්ල අද වරායෙන් ගොඩ බාපුහම හෙටම ගෙදර ගෙනියල පාවිච්චි කරන්න පුළුවන්. ඒ බදු මුදල් ගෙවපු අහිංසක ජනතාවට අසනීපයකට රෝගයා පරික්ෂා කරන්න යන්ත්‍රයක් ගෙනපුහම අවුරුදු ගානක් ගුදමේ පුස් කනවා. මට වැරදුනා මේ යන්ත්‍රය කෝටි 10 නේ, සැප වාහනේ කෝටි 60 වෙනවනේ එක නිසා වෙන්න ඇති. අනේ අපි ගහපු කතිරේ අපිට හරවල ගහන හැටි.
ඔය මහත්තුරු SAITAM උපාදිද ...?
ලපය වලිගෙ පාගාගෙන