(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයකු මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ 21 ක් හැවිරිදි මොහොමඩ් ශ්‍යාම් නමැති තරුණයකු බව පොලිසිය කියයි.
හෝටලයේ තෙවන මහළේ භෝජනාගාරයේ පිහිටි කොටසේ මෙම පිපිරුම සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරික්ෂණ පවත්වයි. එම වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කරමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 21 කියන්නේ තාමත් දරුවෙක්... පලපුරුද්ද අඩුවගේ තමයි පේන්නේ... මීට වඩා ටිකක් පලපුරුදු අයෙකුගේ පරීක්ෂාවට ලක්ව වැඩෙහි යෙදෙව්වා නම් මීට වැඩිය හොඳයි.
අපරාදෙ තරුණ ජීවිතයක්... සුපර්වයිසර් කෙනෙක් ඉඳලා නැද්ද වැඩ බලන්න..? සහ යන්ත්‍රය ක්‍රියා විරහිත කරලා ආරක්ෂාකාරී විදිහට වැඩකරන්න පාඨමාලාවල්වලදී උගන්වා ඇති උපදෙස් හරියට නොපිළිපැද්දා වත්ද?