වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලට මෙම තත්වය බලපානු ඇත.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ උපදේශනය.
ඉදිරි පැය 24 සඳහා 2014 දෙසැම්බර් මස 23 වන දින දහවල් 02.00 ට නිකුත් කරන ලදී.
දහවල් 12. 20
ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වැඩි) ඇතිවීමට ඉඩ ඇත.
විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
පෙරවරු 5.30
ඉදිරි 24 පැයේ කාලගුණය
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය කෙටි කාලීනව ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ රළු විය හැක.
ත්‍රීකුණාමළය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 16
113
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වායු ගෝලයේ කැළඹීම දිගටම
තිළිණ Tuesday, 23 December 2014 11:54 AM
ස්වභාව ධර්මයා රටම සෝදලා පිරිසිදු කරලා මෛත්‍රී ට පාලනය භාර දෙන්න වගේ හදන්නේ! (නදී)
කුමාර Tuesday, 23 December 2014 09:00 AM
රට තුල නොමනා දේ වැඩි වන විට අහස පොලොව උහුලන්නේ නැහැ. (නදී)
ජනක Tuesday, 23 December 2014 09:28 AM
කලට වැසි වසීවා. රජු දැහැමි වේවා. මේක වෙනස් වෙලාද? අපිට පැහැදිලි කරලා දෙන්න. (නදී)