
(අංජුල මහික වීරරත්න)
වාමාංශික බල කොටු පවා අද රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද හුස්ම ගැනීමට හැකි රටක් නිර්මාණය කරදී තිබෙන බව කී ජනාධිපතිවරයා එදා රනිල් නොසිටියා නම් රටට කුමක්ද සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.
රනිල්ට රට හදන්න නිසි සැලැස්මක් තිබෙන බව කී විජයවර්ධන මහතා ඒ නිසා පක්ෂ පාට භේද නොමැතිව රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එකතුව සිටින්නේ යැයිද පැවසීය.
දොම්පේ ජනපතිවරණ ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දන්නවද දන්නේ නැහැ... වාමාංශික බලකොටු කියන්නේ මොනවාද ඒවා තියෙන්නේ? කොහේද කියලා...!
වාමාංශිකයෝ වඳ වෙලා ගොඩක් කල් වෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ රට හදන්න එකතු කරගෙන ඉන්නේ හොරු ටිකක් වීම...
බත්ගොටු නැතිවෙනකොට බලකොටු ගන්න කියනවා...
ලෝකෙත් නැති වාමාංශීක බලකොටු ලංකාවේ කොහේද තියෙන්නේ...?
ඔය බලකොටු වල ප්‍රතිඵල බලාගන්න පුළුවන් 22 එළිවෙන කොට.. මැති ඇමැතිවරුන් බාගන්න වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතේවි. අර නුවර එකෙක් කියලා තිබුණ එජාප අය වැඩ නැහැ පැත්තට වෙලා ඉන්නවා කියලා. නුවර විතරක් නෙවෙයි කියලා හිතා ගත්තොත් හොඳයි...
සුනිමල් කියන්නේ මොලේ උඩ ඉන්න වහලෙක් වගේ... මාලිමාව වටා දෙස් විදෙස් විවිධ වෘත්තිකයින් එක්වී සිටිනවා. 76 වසරක් මාරුවෙන් මාරුවට බලයේ හිටපු, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ මෙවර දේශපාලනයෙන් තුරන් කළ යුතුමයි...
සිංහයෝ වගේ හිටපු වාමාංශිකයෝ අද බල්ලෝ වගේ වෙලා රනිල්ව ලෙවකාගෙන ඉන්නවා නම් කියලා අපිට දකිනවා.
සැබෑ තත්වය නම් දවසෙන් දවස රනිල්ගේ ගොඩ වැඩිවෙනවා කියන එක. 21 වෙනකොට රනිල් උඩින්ම ඉන්නවා ස්ථිරයි.
මෙයා හරියටම දන්නවද වාමාංශිකයො කියන්නෙ මොනවගේ අයද කියල.