
(සුජිත් හේවාජුලිගේ )
තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම හදපු පාර දිගේ ඇවිල්ලා කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙම රටක දේශපාලනය කළ යුතු දැයි ප්‍රශ්න කළේය.
මේවා මතක් වෙද්දි තමාට දැනෙන්නේ පිළිකුලක් යයිද දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටියත් කෙරෙන වැඩක් නැහැනේ... යන එකමයි කාරිය...
ඔහෙව ජනතාව පාර්ලිමේන්තු යැව්වේ ප්‍රදේශයට වැඩකරන්න තමයි. ඔහේගේ සල්ලි වලින්ද පාරවල්, ටැප් හැදුවේ...?
හැදුවා කියන පාර දිගේ ඇවිල්ලා දුන්නයි කියන බත් කාලා දුන්නයි කියන වතුර බීලා ඔහේ වගේ එයාට ඡන්දෙ දීපු කාලේ ඉවරයි. යන එකමයි හොඳ...
බත් පැකට් දුන්නාම එහෙම තමයි
ඔයාට ටැප් හදන්න පාරවල් හදන්න ගොඩක් වියදම් යන්න ඇතිනේ. ඔයාලා වගේ මහජනයාගේ සල්ලි වලින් පාරවල් ටැප් හදලා නම දාගන්න අයට කොහොමත් මේ පාර අවස්ථාවක් නෑ මිනිස්සු දැන් ඉස්සරට වඩා උගත්.
ඇයි උඹේ සල්ලි වලින්ද ටැප් හැදුවේ බත් දුන්නේ?
මේ මිනිස්සු කියන විදියට මේ පාරවල් හදලා තියෙන්නේ, ටැප් හදලා තියෙන්නේ තමුන්ගේ පුද්ගලික සල්ලි වලින් කියලයි හිතෙන්නෙ. අනේ මෙහෙම රටක්.
මෙයාගේ සල්ලි වලින්ද කරේ කියන එකයි ප්‍රශ්නයයි
ඔබ තුමා දීපු බත් එකකෑවාද, ඔබතුමා හදපු ටැප් එකෙන් වතුර බිව්වාද, ඔබතුමා හදපු පාරෙන් ආවද කියන නම් දන් නෑ. හැබැයි ඔබතුමා වනජීවී ඇමැති විදියට කියපු කතා ටික ඇහුවාම ඔබතුමා විශ්‍රාම යන එක ඉතා හොදයි කියලා මට හිතෙනවා. බැරි වැඩ නොකරන් අබරෝ කියලා කියනවානේ.
මෙයා මේ කියන ඔක්කොම කරල තියෙන්නෙ ගෙදරින් ගෙනහල්ලා වගෙයි. රටට, ජනතාවට කෙළ වුනේ මජර - අසික්කිත - තකතීරු -අඥාන දේශපාලුවන් නිසා. ඔය 226 ම ගෙදර යනකං මේ රටට, සෙතක් නම් නෑ කවරදාවත් ....
අපේ බදු මුදල් මිසක ඔබේ මුදල් නොවේ... මිනිස්ස එක තේරුම් ගත් දවසක මේ රට හැදේවි...
අපිටත් ඔයා ගැන කලකිරිමක් තියෙන්නේ
මාස 4 එන්නේ විශ්‍රාම වැටුප අරගෙනම යන්න වෙන්න ඇති
බත් එකයි වතුරයි පාරයි නෙමෙයි උඹ කරපු දේශපාලනේ ඒ මිනිසුන්ගේ සහ දරුවන්ගේ ජීවිත විනාශ කලා.
ඔයා පාර හැදුවෙ , ටැප් හැදුවේ රටේ හැමෝටම අයිති සල්ලි වලින් පාර හදපු ඉඩම රටේ හැමෝටම අයිති එක ඔයාට අමතක වුණාද ඔයා එකෙන් හොරා කෑවේ රටේ හැමෝටම අයිති සල්ලි , හැබැයි ඔයා බත් දුන්නේ ඔයාගේ පෝස්ටර් ගහපු ඔයා එක්ක රැස්වීම් වලට යන්න ආපු අයට ඒවාට සල්ලී කොහෙන්ද දන්නේ නැ ,,,
අන්න එහෙම අයින් වෙයන් බන් අපිට පව් නොදී.... මම දීපු මම දීපු කියලා කියන්නේ හරියට උගේ අම්ම අප්පගේ බූදලයකින් දීපු දෙයක් වගේ....
ඇයි තවත් ගසා කන්න බැරියැයි කියලාවත් හිතුණාද? පරම්පරා කියකට විතර හොයාගත්තාද?
හරියට මෙයාගේ පුද්ගලික මුදලින් ජනතාවට කන්න දීල, වතුර දීල, පාරත් හදල දුන්න වගේ. ඔයාල රටට බරක් මිස යහපතක් නොවේ. කෙසේ වෙතත ඔයා ඊළඟ පාර ගෙදර තමයි.
මුන් හරියට උන්ගේ බූදලේ විකුණා මෙව්වා හැදුවා වගේ
බෝහෝ දෙනෙක් දේශපාලනයෙන් ඉවත් වෙන සුබ ලකුණු තියෙනවා ..
අතින් සල්ලි වියදම් කරලා මහන්සි ඇති නේද
විශ්‍රාම නොවෙයි, තොලොන්චි වෙලාම යන්න ඕනා මේ වගේ නුගත් බුලත් හපයින්... මේ වගේ නුගත් කයිවාරු කාරයින්ට ච්ගන්දේ දුන්නු මෝඩයින්ට මඩු වලිගෙන් තලන්න ඕනා...
විමලවීර. ඔයා හදපු පාරකුත් නෑ ටැප් අකකුත් නෑ. ඔයා අවභාවිතා කලේ මහජන මුදල්. මම ඔයා ප්‍රියකළ දේශපාලකයෙක් කාලයකදී. ඒ ඔයාගේ අතීත දුක්ක දෝමනස්සයත් අක්ක. එත් ඔයා දැන් කතාකරන්නේ අයින් වෙන්නේ නැවත අනුකම්පාව ලබාගැනීම මිස කලකිරීමකින් නොවන බවනම් පැහැදිලි. ඔයා හදපු පාරක් ඇත්නම් පරම්පරා ගානකට ගෙවන්න හදලයි ඒටික ඔබ කරේ. නිකන් හිතන්න ඇයි අපට හම්බන්තොටට අදිවේගී ඕන වුනේ. එදා අපි කළුතරට පාර හදල අනෙක් ඒවා කුෂිකර්මන්ත වෙනත් කර්මාන්ත සදහා ආයෝජනය කලානම්, නැවත අදිවේගේ අපේ සල්ලිවලින්ම පටන් ගන්න තිබුන. කඩේ හදන්න ඉස්සෙල්ල පාර හදපු එක කරලා කඩේට බඩුගන්න සල්ලි නැති වුන දෙයක් තමයි මම දකින්නේ. කටුනායක වගේ වගුරු බිම් වල පාර හදපුවගෙන් අපේ ඉන්ජිනේරුවන්ට හොද අවබෝදයක් ගන්න තිබ්බ ඒවා බලාගෙන අපේ අයට අලුතෙන් අපේම පාරවල් හදන්න තිබුන. ඒක නැතිකරපු ඔයාල ඔයාලගේ පාරවල් ගැන කතා කරනවා.
තමුන්නැහැ දුන්නු බත් එක කාලා කෙළෙහිගුණ සැලකීමට ඡන්දය දීලා තමුන්නැහැ රටේ ප්‍රභූවරයකු කළා... අපි බත් එකට ණය නැහැ.. ඊළඟට ටැෆ් එක හා පාරවල් හැදුවේ ඔහේගේ අම්මගේ අප්පගේ බූදලයෙන් නොවෙයි... අපිට ඔබලාට අයිති සමහර විට තවත් පරම්පරා ගණනක් ගෙවීමට තියෙන ණය කන්දරාවේ මුදල් වලින් තමයි. ඒවායිනුත් තමුන්ට අඩුම තරමින් වටිනාකමෙන් 5% ක් වත් ලැබෙන්න ඇති... ඒ නිසා අපි ඒවාටත් ණය නැහැ කියලා කියන්න පුළුවන්... කූඩැල්ලා කොට්ටේ උඩ තියන්න බැහැ වගේ තමාට කරන්න බැරි නම් යන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ...
තමන්ගේ වාචාල කට නිසා තමන් කරන්නේ කුමක්ද, කියන්නේ මොනවාද සියල්ල අමතක වුණා. මන්ත්‍රී උෂ්ණය ඔළුවට ගැහුවා, ඡන්ද දායකයින් අමතක කළා, හැකි ආකාරයකින් දූෂණයේ යෙදුණා... මහජන දේපළ හොරා කෑවා. ඔබ ඡන්දෙට ආවත් බලු විදිහට පරදිනවා. හැබැයි කළකම් පළදෙනවා. ඒවාට ලැහැස්තිවෙලා ඉන්න. ඔබට පමණක් නොවෙයි දියවන්නාවේ උඩ පිනුම් ගහන 225 විතරවන "මෝඩ නරි " රංචුවටම ඔය ඉරණම අත්වෙනවා. ඡන්දෙන් පරදිනවා නරක විදිහට. ඊට පස්සේ සේකියුරිටි කුක්කන් එකෙක්වත් නැහැ. ආණ්ඩුවේ වාහන නැහැ. ගෙවල් නැහැ. කිසිකෙනෙක් ගණන් ගන්නේ නැහැ... එළියට යන්න බැහැ... මිනිස්සු ගහන්න බලාගෙන ඉන්නේ, අන්ත අසරණ වෙනවා. කොටින්ම කියනවා නම් "බල්ලා මාක්" එකට වැටෙනවා. ඊට පස්සේ ඒ අය කරපු දුෂණ හොයලා අධිකරණ ක්‍රියාමාර්ග පටන් ගන්නවා. අන්තිමට බලු කූඩුවට යනවා.
මෙයාගේ පෞද්ගලික දේපල වලින් පාරවල් ටැප් ලයින් හැදුවා වගේ කතා කරන්නේ... දැනට ගෙදර යන්න පස්සේ හිර ගෙදරට යන්න ලැහැස්ති වෙන්න...
ඇයි මාස 4ක්...? දැන්මම ගියා නම් තමයි හොඳ...
කාලකන්නි දේශපාලකයින් මගේ ආර්තිකේ විනාශ කළා...
ඔහේ දකිනකොට අපටත් පිළිකුලක් දැනෙනවා. නම්බු පිටින් ඉල්ලා අස්වෙන එක ඔහෙලාට හොඳයි...
අනේ මගේ කට ඉතින් ...... "මම දීපු බත් / මම හදපු ටැප් / මම හදපු පාර" කියන්නේ කොහොමද මහජන මුදල් (රාජ්‍ය මුදල්) වලින් හදලා, තව යටින් කොමිස් ගහලා, හොර බිස්නස් සල්ලි වලින් හම්බ කරලා...
ඒක හොඳයි. කොහොමත් ඊළග ඡන්දෙන් ගෙදර තමයි.
කලකිරෙන කොට කළ පිරිලා තිබෙන්න ඇති.
කුඹුරු වැඩ කරලා හම්බ කරපුවාගෙන් දීපුවා වෙන්න ඇති...
පවු, එතුමා මේවා ඔක්කොම කරලා තියෙන්නේ තම දෙමව්පියන්ගෙන් ලැබුණු බූදලයෙන් වෙන්න ඕනෑ.