(අජන්ත කුමාර අගලකඩ)
විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ .
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත්දා පැවැති එම පක්ෂයේ මන්ත්රිවරුන්ගේ රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි .
එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් පක්ෂ කිහිපයක් එක්කර ගනිමින් පුළුල් කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති අතර, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ් උරුමයත් ඊට සම්බන්ධ කරගත යුතු බවට එහිදී යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා...! එ.ජ.නි. කට්ටිය ඔච්චරම බංකොළොත්ද?
මේ දෙන්නා ඒ තරමටම අමාරුකාරයින් දෙන්නෙක්. 20ට අතඋස්සලා ඔක්කොම කරලා දීලා දැන් මේ බොරු බයිලා ගහනවා.
මේ අය මොන සෙල්ලම් දැම්මත්, අවසානයේදී සියලු අමනාප දුරුකොට, එකට එකතුවී ඡන්දය දුන් අයට කොකා පෙන්වනවා. සියලුම දේ රඟපෑම්. මෙතෙක් කළේත් ඒකමයි. ඉදිරියට කරන්නෙත් ඒකමයි...
එතැනට යන්න.. එතැන තමයි ඔබලාට හොඳම තැන... මොකද එතන ඉන්නේ?
මෙයාලගේ සුළුපක්ෂවලට කවුරුවත් ඡන්දෙ දෙන්නේ නැති නිසා සාටකයින් පස්සේ ගිහින් ගොඩගියා. අවස්ථාවාදී, කපටි, කෛරාටික දේශපාලුවන්... මෙයාලා කවුද කියලා රටම දන්නවා...!
‘‘සිරිසේන තොලොංචි වෙලා යන්න‘‘... මතකද විමල්ගේ කතාව..?