‘විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙන්නා අපේ පක්ෂෙට කරන්නේ ලොකු හානියක්. මහින්ද මහත්තයා පෙන්නා ගොඩ වැඩි කර ගන්න හදනවා. මහින්ද මහත්තයා දෙවැනි නායකත්වයක් හැදුවේ නෑ. පක්ෂය කඩා වැටෙනවා. අවුරුදු 47ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කළකිරුණා.‘ යැයි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා බිංගිරිය වීරපොකුණේ රැස්වීමක දී පැවසීය.
ඔහු ශ්‍රීලනිපයේ බිංගිරිය ආසන සංවිධායකවරයා ද වෙයි.
‘හැමෝම මගෙන් අහනවා “සර්, මෛත්‍රී පිළේද? මහින්ද පිළේද? කියලා. මම කියන්නේ. ‘‘නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අත ලකුණේ කියලා. පක්ෂයක, ආයතනයක නායකයෝ මාරු වෙනවා. අපි ඒ එන නායකයත් එක්කලා වැඩ කරන්න අවශ්‍යයි. පක්ෂයක් විදියට පුද්ගලික අරමුණු ඔස්සේ අපිට ගමන් කරන්න බෑ. එහෙම වුනොත් වෙන්නේ ඒ පක්ෂය හරි ආයතනය හරි කඩා වැටෙන එක. අපි හැමෝම ඒක හොදින් අවබෝධ කර ගන්න ඕනෑ.
මම හදවතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආදරෙයි. ගරු කරනවා. අපේ රටේ සංවර්ධනය සමග කියවෙන නමක් තමයි මහින්ද රාජපක්ෂ. එතුමා ගමට විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. එතුමා අපේ පක්ෂයේ උපදේශකතුමා. අපි එතුමාගේ උපදෙස් මත මේ පක්ෂය ගොඩ නගන්න ඕනෑ.
මෑතකදී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමායි, උපදේශකතුමයි හම්බවෙලා සාකච්ඡා කළා. ඒක යූ.ඇන්.පී කාරයන්ට ඇහැට කටු අනිනවා වගේ. මංගල සමරවීර කියලා තිබුණා බඩගාගෙන එනවා දැක්කා සාකච්ඡාවට කියලා. එහෙම එකක් එතන වුණේ නෑ. දෙන්නාම ඉතා ගෞරවනීය විදියට සාකච්ඡාව පැවැත්තුවා. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි දෙකට බෙදිලා මේ ගමන යන්න බෑ.
මහින්ද වෙනුවෙන් කෑ ගහන අය තේරුම් ගන්න ඕනෑ යූ.ඇන්.පී.ආණ්ඩුවක් ආපු ගමන් ඉස්සරලාම පහර දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටයි, පවුලේ අයටයි. දැන් බලයක් නැතුව ඔහොමනම්. බලේ ආවහාම කොහොම තියෙයිද.
19 වෙනි සංශෝධනය ගෙනැල්ලා රනිල් හැදුවේ ජනාධිපතිතුමාගේ බලතල සේරම තමන් අතට ගන්න. ඒත් එක කරගන්න බැරුව ගියා. ජනතා ආධිපත්‍ය අනුව සැකසුනු ව්‍යවස්ථාවක් සුළුතර ආණ්ඩුවකට හිතු මතේට වෙනස් කරන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකණය තීරණය කලා ජනතා කැමැත්ත නැතුව ව්‍යවස්ථාවේ වගන්ති වෙනස් කරන්න බැහැ කියලා. තාමත් හීන අගමැති රනිල් වික්‍රමසිංහ.
අද රනිල් වික්‍රමසිංහ මහත්තයට කොන්ද පන නෑ කියලා බැනපු අය තමයි රනිල් පිටිපස්සේ ඉන්නේ. රනිල් වික්‍රමසිංහට බැන්නා කියලා තේරුමක් නෑ. “පිනට ආපු අගමැති තමයි රනිල් වික්‍රමසිංහ. එතුමා හැම සැරේම අගමැති වුනේ පිනට. මෙවරත් මෛත්‍රී මහත්තයා ඉස්සරහට දාලා අගමැතිකම ගත්තා.
අපි 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන මහ මැතිවරණෙකට යන්නේ.මෛත්‍රිපාල ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක්. අපි එතුමා සමග මහින්ද මහත්තයාවත් එකතුකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න කැප වෙමු.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය මාස කීපයේ දැක්කේ රටේ සංවර්ධනය වෙනුවන් කටයුතු වෙනවා නොව සම්පුර්ණයෙන්ම පළිගැනීමේ කටයුතු වල නියැලෙනවායි. බලයක් නැතුව මෙසේ නම් බලය සහිතව කෙසේ වේද? සිතාගන්නට නොහැක. යුඑන්පි ආණ්ඩුවක් ආ දවසට රාජපක්ෂ ඉතිහාසයම කටු ගා දානවා නියතය. එබැවින් එකතුවීම ගොඩක් වැදගත්ය. (නි)
ඔබතුමා රෙදි ඇඳගෙනද ඔය කතාව කියන්නේ? මතක නැද්ද පසුගිය කාලයක මහින්ද මහතාගේ දන්සැලට හිටිවන කවි කිව්වා. "එන්න එන්න එන්න රජ මැඳුරෙන් කන්න " කියලා ප්‍රසිද්ධ රැස්වීම් වල කිව්වා මතකද? (නි)
මේ මහත්තයාට තවත් ලැජ්ජා නැහැ වගේ. (නි)
යහපාල මහත්තයෝ, දෙවන පෙළ අපට පෙනෙන්න හැදුවේ නැතුවට දේශපාලනේ ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා කාවද මේකට තල්ලු කරන්න හිටියේ කියලා. (නි)
අයෙත් සැරයක් ටීවී එකට ගිහින් රටට පේන්න ගහ ගන්න බැරිද? ලැජ්ජාවක් නැති විකාර කාරයෝ. (අ)
කොහොම හරි මහත්තයෝ ඔයාලගේ ගමන යන්න.(හේ)
මහින්ද අනිත් පක්ෂ වලට කරපු වැඩ නිසා තමන්ගේ පක්ෂයත් දෙකඩ වුණා. ඒක තමයි කියන්නේ කල කල දේ පල පල දේ කියල. (අ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය කන්නේ එදා රෑ පාර්ලිමේන්තුවේ නිදාගත් අයයි.වීරවංශ ගම්මන්පිලලා කරන්නේ ඒ අයට අවශ්‍ය උත්තේජනයක් දෙන එකයි.වර්තමානයේ ශ්‍රී ලංකා, යු එන් පි කියලා වෙනසක් හොයාගන්න බැහැ.දෙගොල්ලන්ගෙම අදහස් සමානයි (නි)
අනේ දයාසිරි මහත්තයෝ, යා දෙක නොරත රත වගේ මහින්දයි මෛත්‍රියි එකට එකතු කරන්න බැහැ. කරන්න හිතන්නවත් එපා. දේශපාලනය කරන කවුරු කවුරුත් හිතට ගන්න ඕනේ ඡන්දයකින් පාලනයේ වෙනස් කම් කරන්න අයිතිය තියෙන්නේ ඡන්ද දායක මහජනතාවට පමණක් කියලා. එහෙම නැතුව අත්තෙන් අත්තට පනින පාට නොහඳුන රිලවුන්ට නොවන බව. (නදී)
විමල් හරිම හොඳයි. බලන්න ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි (නි)
අපහු හීනෙන් කොලපාට, අලි එහෙම පේනවද? (අ)
රිතික්, මම ඔය ඉන්න පිරිස යනුවෙන් අදහස් කළේ පික් පොකට් ලොක්කයි ගෝලයෝ රොත්තයි ගැනයි. (අ)
කොහොමත් විදුරංග මෙයා ඉතින් වරදාන බලාගෙන වැඩ කරන කෙනෙක් බව ප්‍රසිද්ධයි නේ. (අ)
සත්‍යා දරුවගෙ කටේ මසුරන් දාන්න වටිනවා. මෙහෙම දරුවෝ ඉන්නවනං අපේ රටටත් ඉතිං අනාගතයක් තියෙයි. (අ)
දෙපත් නයි බොහොමයි. (බ)
මෙයාලට ඡන්දෙ දුන්න අපිට ගහන්න ඕනෑ බූවල්ලෙන් (නි)
ඒවාගෙන් මේවාගෙන් කමක් නැහැ. ඔයා ගිය පැත්තේ ගිය විදිහට ඉන්න. ඔයාගේ හැම පැත්තටම නැවෙන දිව පරිස්සම් කරගන්න. (නි)
අපිත් කැමතියි මෛත්‍රී මහත්තයා පිළිගන්න. හැබැයි ඒ එතුමා ලක්ෂ 58 ක ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා නම්. එහෙත් එතුමා තවම කියන්නේ එතුමා පෙනීසිටින්නේ ලක්ෂ 62 වෙනුවෙන් කියලනේ. (නි)
පිනට කවුරුවත් ආවේ නැහැ. අපි හිතාගෙන හිටියේ ඔබ හොඳ ගතිගුණ ඇති කෙනෙක් කියලා. නමුත් දැන් අපිට පෙනෙන්නේ ඔබ ආත්මාර්ථකාමී කෙනෙක් කියලයි (නි)
පහන කාගේ වුණත් කිම එළිය ලැබෙනවා නම් (නි)
දැන් මොකද ජනාධිපතිතුමාගේ ගුණ කියන්නේ? අපිට මතකයි ඒ දවස්වල එතුමාට කළ අපහාස (නි)
ඒ කියලා තියෙන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
කොහෙත් එහෙමයි, ඔය වගේ අය ඉන්නවමයි.(හේ)
ඔබතුමාට ගැන අපි දන්නවා (නදී)
දයාසිරි මහත්තයා හරි.(හේ)
වාසි පිලට හුරේ දාමු. එකනේ මේ කියන්නේ. (නදී)
යු එන් පියේ ඉඳන් කියපුවා මතක් වෙන කොට හිනා යනවා. (නදී)
ඇත්තටම මේ කියමනේ සත්‍යතාවයක් තිබෙනවා. පසුගිය කාලවකවානුව තුළ කළ කී දෑ අනුව මේ අයට දේශපාලන අනාගතයක් ඇද්දැයි සැකයක් බලවත් ලෙස තිබෙනවා.(නි)
සමහර අදහස් වලට අපි එකගයි.නමුත් කිසිම කෙනෙක් අපේ හිටපු ජනාධිපතිතුමාට වැරැද්දක් කියනවාට අපි කැමති නැහැ.(හේ)
කතාව නම් හොදයි මහත්තයා එ්ත් පනින්න නම් එපා. ඉවසන්න ටිකක්.(හේ)
අපිට අතිතය තාමත් මතකයි දයාසිරි මහත්තයෝ. (නදී)
හිතවත් දයාසිරි,මම ඔබේ කතාව අගයනවා. නමුත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතාකරන්න කාගෙවත් කොන්ද පණ නැහැ. එම අඩුව විමල් සහ ගම්මන්පිල ඉෂ්ට කරනවා. කරුණාකර ඔබ මෙයට මැදිහත්වෙන්න, සුදුසු දෙය කරන්න ඉක්මනට. (නි)
සංවිදායක කම ලැබුනට පස්සේ දැන් කතාව වෙනස් වෙලා නේද (නදී)
මිනිපේ,කවුරුහරි ජාතිකත්වය වෙනුවෙන් ඡන්ද දුන් 58 ලක්ෂයක් ජනතාව වෙනුවෙන් පෙනීහිටලා මහින්ද මහත්තයාව ගෙනල්ලා රටට යහපතක් කරනවා නම් ඉතින් මේ කට්ටියගෙන් පිරුණු පක්ෂය ගැන මොකට වද වෙනවද? (නි)
ශ්‍රීලනිපය කෑවත් කමක් නැහැ. රට කන්නේ නැතුව. (නි)
සුමුදු හේවා මහත්තයා, ඔය ඉන්න ටික හිටියහම ඇති කිව්වේ කවුරු ගැනද? (නි)
හීනෙන්ද මහත්තයෝ මේ කියවන්නේ? (නි)
මහින්ද නැතුව දිනන්න බැහැ කියපු ස්ථාවරය දැන් වෙනස් වෙලාද? ලබන ඡන්දෙදි බලාගනිමු. (නි)
ඔබතුමා හොඳ කථිකයෙක්.වැල යන පැත්තට මැස්ස ගහන්න උපන් හපනෙක් . (නි)
මට මේ වෙලාවේ මතක්වෙනවා "මගේ සරම ඇඳගෙන උගේ වගේ යනවා" කියන කතාව (නි)
සත්‍යය තේරුම්ගත් එක ලොකු දෙයක්. නමුත්,කවුරුත් පිනට අගමැති වෙලා නැහැ.මෛත්‍රී,ඡන්දෙට කලින් ජනතාවට කිවුවා රනිල් අගමැති කරනවා කියලා.ජනතාව දීපු වරම එයාටත් පොදු බව තේරුම්ගන්න. (නි)
ශ්‍රීලනි පක්ෂය කන්න පිටින් කවුරුවත් මොකටද? මේ ඉන්න ටික හිටියහම මදැයි (නි)
කබල්ලෑවා ඉත්තෑවාගේ ගෙදරට රිංගපු කතාව මට මතක්වෙනවා (නි)
මෙහාට පැනලා දැන් වැදි බණ කියනවා (නි)
ඔබතුමාගේ දෙපිටකාට්ටු කතා දැන්වත් නවත්වන්න. මතකද ඒ කාලේ මහින්දට කියපු දේවල්? ඊටපස්සේ මෛත්‍රීට කියපු දේවල්? මහත්තයෝ, මේක දේශපාලනය නොවේ.බුදු දහමට අනුව ඇත්ත කතාකරන්න ඉගෙනගන්න.රනිල් අගමැති වුණේ පිනට නොවෙයි. ඒක මැතිවරණ පොරොන්දුවක් (නි)
ඔයා කටින්ද මේවා කියන්නේ? (නි)
මහින්ද හිතුවේ නැහැ එයා පැරදෙයි කියලා. ඒ පළිය තමයි මේ ගන්නේ. විමල්ලට තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ (නි)
යන්න මහත්තයෝ යන්න බයිලා නොගහා.මෛත්‍රී මහත්තයාට පක්ෂයත් යුඑන්පීයත් දෙකම සතුටු කරන්න බැහැ.එයා එකක් තෝරාගන්න ඕනෑ. එතුමා තෝරාගන්නා එක පිළිබඳව ප්‍රශ්නයක් අපිට නැහැ.ප්‍රශ්නය තියෙන්නේ ඒක කරන ගමන් මේ ලක්ෂ 58ක අපේ ජනමතය ඒ එක්ක මංකොල්ලකන එක.නායකයින් කියන්නේ හදන අය නෙමෙයි.මතුවෙන අය.එහෙම මතුවෙන නායකයින් යටපත් කරන්න බැහැ.දෙවන පෙළ නායකයින් බිහි නොවීමට මහින්ද මහත්තයා පළි නැහැ.එහෙම නායකයින් ශ්‍රී ලංකා එකේ හිටියේ නැහැ. (නි)
දැන් මොකද ජනාධිපතිතුමාගේ ගුණ කියන්නේ? අපිට මතකයි ඒ දවස්වල එතුමාට කළ අපහාස. (නි)
"මෛත්‍රිපාල ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් පෙනීසිටින නායකයෙක්. අපි එතුමා සමඟ මහින්ද මහත්තයාවත් එකතුකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න කැපවෙමු" ඉතා හොඳ අධිෂ්ඨානයක්. (නි)
ප්‍රතිපත්තියක් නැති, එකක් කියලා තව එකක් කරන, තමුන්ගේ වාසියට මුල් තැන දෙන අනෙක් අය ගැනත් අපි දන්නවා (නි)
අනෙක් අයත් එක්ක බලනවිට විමල් හොඳයි.ඔබට මතකයි නේද සමහරු ඡන්දෙට පෙර මෛත්‍රී මහතාට කළ අපහාස.අන්තිමේදී එතුමා ළඟ දෙකට නැමිලා පත්වීම ගත්තා නේද?විමල් තවම ඔහුගේ මතයේ ඉන්නවා (නි)
කන්න ඕනෑ වුණහම කබරයා තලගොයා කරගන්න එකට හොඳම උදාහරණය. මෙයා කලින් කලට එක එක්කෙනා ගැන කියපුවා එකතු කරලා බලන්නකො. (නි)
ඔය කියපු දෙන්නා විතරක් නෙමෙයි, තව අය ඉන්නවා. නමුත් අපි කවුරුන් කැමති නැති වුණත් මේ බල අරගලයේ තිත්ත ඇත්ත අපි පිළිගතයුතුයි. (නි)
මේ වගේ කෙනෙක් මම නම් දැකලම නැහැ (නි)
අනේ! මෙයාට මේ ඔක්කොම කියලා තිබෙන කතා හැටියට මම නම් දේශපාලනයෙන් අයින්වෙනවා. (නි)
මට මේ පිවිතුරු යහපාල ගැන දෙයක් ලියන්න හිතුනා. එය දෙපැත්තටම ලියන කෙනෙක්. ඒක හොඳයි. (නි)