(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පෙරවරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරීන් වීරවංශ මහතාගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.
එහෙත් අද (ඉරිදා) නිවාඩු දිනයක් බැවින් ලේ සාම්පල් පරීක්ෂාව පිටතින් කරගෙන එන ලෙසත් දන්වා ඇතැයි දැනගන්නට තිබේ.
බන්ධනාගාරය අසලදී වීරවංශ මහතා වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් කිරීමට බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය එක්ව සිටියහ. මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික පත්ම උදයශාන්ත ඇතුළු සෙසු පක්ෂ නායකයින් හා මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉක්මන් සුවය පතමු !!! බුදු සරණයි
හ්ම්ම්......ඒක හොදයි නැත්නම් ඒකත් දේශපාලනකරණය වෙන්න බැරි නැහැ.
පොදු දේපල වැරදි විදියට භාවිතාකරලා රටට කෝටි ගානක අලාභයක් කරලා තියනවා. රිමාන්ඩ් කරන්නේ අධිකරණයෙන්. උපවාස කරලා එලියට එන්න හදනවා නම් රටේ අපරාධකාරයන්ට දෙන වැරදි ආදර්ශයක්. කොහොම වුනත්, මිට වැඩ බරපතල හොරකම් වංචා සහ මිනීමැරුම් කරපු අය එළියේ ඉද්දි මෙයා විතරක් ඇතුලට දාන එක දේසපාලන පළිගැනීමක් කියල හිතෙන්න පුළුවන්.
විමල් වීරවංශ මැතිතුමාට ඉක්මන් සුව පතමි.
ලොවපුරා පිළිගැනීමට ලක්ව තිබු මානුසික හේතුන් මත කරන උපවාසයට අපහාස කිරීමේ චෝදනාවට විමල් වීරවංශට ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් ගොනුවෙමින් තිබෙන බව ජාත්‍යන්තර පුවපත් වාර්තා කර තිබේ .
ඔබතුමාට ඉක්මන් සුව
ඔය ලෙඩේට එකම බෙහෙත ඇප දීලා එලියට ගන්න එක. එලියට ආපුගමන් බලාගන්න පුළුවන් ලෙඩේ ක්ෂණිකව හොඳ වෙලා යටිගිරියෙන් කෑගහන හැටි! අනේ අපි නොදන්නා චෙස් .
බන්ධනාගාරය අසලදී ..... අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් කිරීමට බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමි ....ගත් තීරණය අපේ බුදු දහමට එකඟ නැතිබව මුන් වහන්සේලා දන්නේ නැති බව පේනවා. අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක්, අප දන්නා විදියට ගරු සරු ඇතුව සිදු කරන්නේ විහාරස්ථානයක බව අපේ ගමේ පන්සලේ පොඩි සාදු කලකට පෙර කිවූ බව මට මතකයි. සමහර හිමිවරුන් පසුගිය දිනක මහා පාරේ වාඩිවී පිරිත් දෙසු බව අප මාධ්‍ය වලින් දැන ගත්තා. අපේ රටේ "ප්‍රසිද්දයි කියා ගන්නා සමහර හාමුදුරුවෝ ", මෙවැනි උතුම් දෙයක් කිරීමට හිරගෙදරක් තෝරා ගැනීම ගැන අපේ රටේ අන්‍යාගමිකයන් බලන්නේ කොහොමද ?
දැන් ඉන්නේ හාමුදුරුවරු නෙවෙයි සිවුරුකාරයෝ
ඔහුට ලැබුනු මේ වරප්‍රසාදය අනෙක් සිරකරුවන්ටත් ලැබිය යුතුයි එහෙනම් . සිරකරුවනේ නුඹලා සියලු දෙනාම වීමල්ගේ ක්‍රියාව අනුගමනය කරපල්ලා. නුඹලා ඔක්කෝටම රෝහල් ඇඳන්මත ආතල් එකේ ඉන්න පුළුවන්
ආදරනීය විමල්, දකුනු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය ශ්‍රී ලන්කාවේ විමල් වීරවන්ශ තුලින් අප දුටුවෙමු.. නීතියක් නොමැති රටක හඩක් නැති මිනිසුන්ට හඩක් වීම ඔබ සිරිගත කීරීමට හේතූවූ එකම වරදයි.. මහජන මතයට බියෙන් දිනෙන් දින ඡන්ද කල් දමමින් සිටින මෙම ආණ්ඩුව කවදා හෝ එහි අවසානයට ලගා විය යුතුය.. ඔබට ඡන්දය ප්‍රකාශ කල 313,801 මිනිසුන්ගේ ආශිර්වාදය සහ ආදරය ඔබ සමගයි. එලැඹෙන මහමැතිවරනයකදී ඔබව අප 500,000කට වැඩි ඡන්දයෙන් ඔසවා තබන්නෙමු.. විමල් ඔබට තුනුරුවන් සරනයි.. චිරන් ජයතු...
දැන් ඉන්නේ හාමුදුරුවරු නෙවෙයි සිවුරුකාරයෝ එහෙමත් නැත්නම් "චීවරධාරීන්".මහජන මුදලින් හත්මුතු පරම්පරාවටම වාහන 45 බෙදා දීමේ වරදට දඩුවම් විදින කෙනෙකු නිදහස් වෙන්න කියල අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායන කරාවිද?
හරිහමන් අධ්‍යාපනයකුත් (9 සමත්)නැතිව, ජීවිතේටම හරිහමන් රැකියාවක් කරලත් නැතිව, පරම්පරාවෙන් කියල හරි හමන් දේපලකට හිමිකම් කියන්නෙත් නැතිව හිටිය විමල් ඒකාධිපතියාගේ යුගයේ දී අවුරුදු 5-6 තුලදී හිටිහැටියේම කෝටිපතියෙක් වුනේ කොහොමද?අධිසුඛෝපබෝගී නිවාස 3-4 කට හෝටල් 2-3 කට හිමිකම් කියන්නේ කොහොමද?
මහාචාර්යවරුත් විමල්ගේ පස්සෙන් යනකොට ගමේ ගොඩේ ,උගත් කමක් නැති,මෙලෝ හසරක් නොදන්නා සුමනපාලලා, ටිකිරි හාමිලා, සිරියාවතිලා, ජුවානිස්ලා විමල්ගේ පස්සෙන් යන එක අහන්න දෙයක්ද?
ඔබගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවි පතමි !!!!
යාම පාලකයිනි දැන් සතුටුද? ඊයේ පෙරේද දවසක් මම දැක්ක අර "ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් "කියපු කවටය [රජ මැදුරේ අන්දරේ]කියනවා හොරෙන් කනවා කියල. ඒ තමුන්ලා වගේ එවුන් . විමල් එහෙම නැති බව ඉර හද වගේ විස්වාසයි.විමල් සහෝදරයා,ඔබට තෙරුවන් සරණයි.!!!!
දේශපාලකයන් තමන්ගේ පැවැත්ම ගෙනයාමට කරන සහ කියන බොහෝ දේ ඉතා පිළිකුල් සහගතය. මේ හැම එකක්ම කරන්නේ ජනතාව රවටා ගැනීමටය. මේ කව්රුත් රට ගැන ජනතාව ගැන සිතුවේ නම් උපවාස කරන්නවත්, දුගී බව වෙනුවෙන් ජනතාවට කඳුළු සළන්නටවත් වන්නේ නැත. මාරාන්තික උපවාසවල යෙදීම මාලිගාවල සැප පහසුකම් ලැබීමට තරම් වාසනාව ලැබීමට හේතු වන්නකි.
නෙල්සන් මැන්ඩෙලා සිරගත වුනේ රජයේ දේපොළ හොරකාලද ?
මේ පල් හොරට සෙත් පතනවා ? ඔවු ඉතින් ලංකාවේ යහපත් ලෙස ජිවත් වෙන්නන්ට හැමදාම අගතියනේ. හොරු තක්කඩි, මැරයෝ, කුඩුකාරයෝ,ස්ත්‍රිදුෂකයෝ වගේ අයට තමා සෙත් පතන්න ඕනේ. සමාජ සධාරණිය ලෙස ජිවත් වන්නාට අමුතුවෙන් සෙත් පතන්න අවශ්‍ය නැත.
හැම හිරකාරයාටම මේ වගේ සහන දෙන්න වෙනවා නැතිනම් හිරමැදිරි නැති කරන්න වෙනවා නීතිය කාටත් එක විය යුතුය හොරකම් කරපුදේශපාලකයන්ට එකකුත් රටේ සාමාන්‍ය අයට එකකුත් මොකද්ද මේ නීතිය
කතාව නම් මද්දුම බණ්ඩාර වගේ....මාසයක් රිමාන්ඩ් ඉන්න බැරි වීරයා
ජාතියේ වීරයාගේ රුධිරය පරික්ෂා කිරීමට තරම් වාසනාවන්ත වුණ පුද්ගලික රෝහලේ නම දැනගන්න කැමතිය. අනේ මේ වීරයාට මොකුත් වුනොත් මුළු ලංකාවම ඉවරයි නේද ?
88/89 කාලයේ නම් මෙතුමා දැරුවේ වෙනත් අදහස් සහ කළේ වෙනස් දේවල්.
වැඩිහිටියන් වශයෙන් ලංකා ඊ නිව්ස් වීරවංශට අවවාදයක් ලෙස කියන්නේ තමන්ගේ හොර තක්කඩි වැඩ සඳහා දරුවන් ගාවා ගැනීමෙන් වළකින ලෙසයි. 9 වන ශ්‍රේණියෙන් ඉහලට අධ්‍යාපනයක් ලබා ගැනීමටත් නොහැකි වී, සීගිරිය නැරඹීමටත් නොහැකි වී, පත්තරකාරයෙක් වීමටත් නොහැකි වී, තමන්ගේ වයසට සරිලන නිකැලැල් තරුණියක හා විවාහ වීමටත් නොහැකි වී, ගෞරවනීය දේශපාලකයෙකු වීමටත් නොහැකි වී තමන් විනාශ වූවා මදිවාට දරුවන්ගේ ජීවිතත් විනාශ නොකර අනාගත යථාර්තයට පිරිමියෙකු ලෙස මුහුණ දෙන ලෙසයි......
අපේ පිරිසිදු දහමට නිගාකරන හොර හාමුදුරු රල මේ අය අපේ පිරිසිදු දහමට නිගා කරන නිගන්ට හාමුදුරු රල නරක පුර්වාදසයක් සමාජයට දෙනවා
මැතිදුණි ඔබට තෙරුවන් සරණයි.
බඩ ගින්නේ හිටියට කොන්ඩේ ජෙල් ටික නම් අඩු නැතුව තියෙනවා
අනේද කියන්නෙ චන්න, නෙල්සන් මැන්ඩෙලා කියන චරිතය ගැනවත් නොදන්න කෙනෙක් මොකක්ද ලියල තියෙනව.