( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජයේ වාහන 40ක් අවභාවිතා කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම ලබන 07 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.
වීරවංශ මහතාට ඇප දීම ප්රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත් මාර්තු 21 වැනි දා දෙන ලද නියෝගයට එරෙහිව ගොනු කළ මෙම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එච්.සී.ජේ.මඩවල මහත්මිය හමුවේ කැඳවන ලදී.
අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලෙහි එක් සාමාජිකයෙකු පමණක් සිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම 7 වැනිදාට කල් තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ මෙතුමාව නිදොස් කොට නිදහස් කරන්න කියල
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය
වැරදි කලාම තරාතිරම නොසොයා දඬුවම් දීම හොඳයි. නීතිය ඉදිරියේ අපි එක සමානයිජාතික ධනය කොල්ල නොකා යුතුයි