IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විමල්ගෙ නෝන වගේ තවත් කතක් කොටු වේ

තම වයස  වසර දහයකින් අඩුකොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්  ඉතාලිය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් විසින්   අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය මීගමුවේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.

1971 වර්ෂයේ  ඉපදී  ඇති  ඇය  වසර දහයක් අඩුවෙන් තම ගුවන් බලපත  සකස් කරගෙන ඇති බව විමර්ශන වලදී  අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව කිව්.ආර් 661  දරණ ගුවන් යානයෙන් දෝහා  හරහා ඉතාලියට යාමේ අරමුනින් ඊයේ  රාත්‍රියේ ගුවන්තොටුපලට පැමිණ සිටියදී  ආගමන විගමන නිලදාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

 

   

 



අදහස් (0)

විමල්ගෙ නෝන වගේ තවත් කතක් කොටු වේ

පාලිත Wednesday, 25 March 2015 01:22 PM

එයාගෙත් ෆයිල් එක අතුරුදහන්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 01:43 PM

මෙතනදී තමයි කට්ටිය හිරවෙන තැන. ලොකු ලොකු නෝනලට එක නීතියක් පොඩි පොඩි නෝනලට තව නීතියක්, නීති දෙකක් වෙන්න බැහැ කොහෙත්ම. (හේ)

:       0       0

සෙනරත් Wednesday, 25 March 2015 02:41 PM

අනේ අපි නම් ඕවට උත්තර බඳින්න දන්නේ නැහැ. (හේ)

:       0       0

බුද්ධික Wednesday, 25 March 2015 10:05 AM

විමල්ගේ නෑදෑයෙක් ද දන්නේ නෑ. (ත)

:       0       0

රංජිත් Wednesday, 25 March 2015 10:06 AM

එයාට නම් අකුරටම නීතිය ක්‍රියාත්මක වේවි. (ත)

:       0       0

ගංගානාත් Wednesday, 25 March 2015 10:08 AM

ආයෙන් බලයට එන්න මිනිසුන් රවටන්නයි හදන්නේ. (ත)

:       0       0

ටිරෝන් Wednesday, 25 March 2015 10:14 AM

විමල්ගේ කතට පුලුවන්නම් ඇයි අනිත් කතුන්ට බැරි? ඉස්සර වෙලාම විමල්ගේ කත හිරේට දමා දඬුවම් දෙන්න ඕන. ඊට පස්සේ පුළුවන්නේ මේ කතට දඬුවම් දෙන්න. (නදී)

:       0       0

අජන්ත Wednesday, 25 March 2015 10:20 AM

රටට බරක් නොදී ජිවත් වන්න උත්සහ කරන අහිංසක මිනිසුන්ට කරදර කරන එකද යහපාලනය (නදී)

:       0       0

රෝයි Wednesday, 25 March 2015 10:29 AM

මේ අහිංසක කතටනම් දඩුවම් ලැබෙයි යහපාලනයේ හැටි. (බ)

:       0       0

රූපවතී Wednesday, 25 March 2015 10:52 AM

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉන්නවා මුදල් අරගෙන ඕනෙම කෙනෙකුට ලියවිලි හදලා, හොරට උප්පැන්න හදලා පාස්පෝට් හදලා ගෙදරටම එවන කිහිප දෙනෙක්. තමන්ට අවශ්‍ය නම විතරයි දෙන්න ඕනේ. මා දැනුවත්ව ශ්‍රී ලාංකිකයින් 20 ,30 මා ඉන්නා රටේ සේවය කරනවා. අවරුදු 4 යි මොවුන්ට මෙහෙ සේවය කිරීමේ කොන්ත්‍රාත් කාලය. ඉන්පසු තම රටට යා යුතුයි. නමුත් ආර්ථික හා විරැකියා දහසකුත් ප්‍රශ්ණ මැද මොවුන් ශ්‍රී ලංකාවට යාමට පෙර සිට ලංකාවේ ඒ පාස්පෝර්ට් දෙපාරතමේන්තුවේ තැරව් කරුවන් ලවා නිවසටම ගමන් බලපත ලැබෙනා හැටිත් මාසෙකින් පසුව නිවාඩු ගතකර නැවත රැකියාවට ස්තානයකුත් සොයාගෙන යාම අති විශිෂ්ටයි. මේ රටේ බොහොම දෙනෙක් ශ්‍රී ලාංකිකයින් පාස්පෝර්ට් 4,5 තියන ඒ සෑම ගමන් බලපතක්ම රජයේ දෙපාර්තමේතුවේ නිපදවුවක් වීම අභිමානය තවත් ත්‍රීව් කරන්නකි. දෙපාර්තමේන්තුව අයකරන මුදල 50, ත් 60, දහසත් අතර මුදලක් බවද මා දැනගතිමි. මහජනයා රැවටෙනවාද ? මුළු ශ්‍රී ලාංකිකයෝම හොරුද යන්න මට විටෙක සිතේ. කාට කෙසේ දඩුවම් කරමුද ? (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 25 March 2015 11:04 AM

අරක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, මේක නම් අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(ම)

:       0       0

සමන්ති Thursday, 26 March 2015 12:16 AM

මෙයාගේ ළමයිනුත් නොකා නොබී ඉන්නවා ඇති නේද?මහත්තයත් රට ගැන කැක්කුමක් ඇති දේශප්‍රේමියෙක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

හසිත් Wednesday, 25 March 2015 11:51 AM

ඉතින් අර නෝනාට හොඳයි නම් මේ නෝනාට නරකද? හරි නම් මේ බවලතාටත් සොයාගත නොහැකි රෝග සඳහා රෝහල්ගත වෙන්න පහසුකම් සපයා දෙන්න ඕනෑ. (නි)

:       0       0

ධනංජය Wednesday, 25 March 2015 12:01 PM

ඉතින් මේක ඒ හැටි වැරද්දක්ද? ලොකු ඉස්කෝල වල යන ළමයින්ගේ අම්මල තාත්තල මීට සමාන දේවල් කොච්චර කරනවද? (ර)

:       0       0

පද්මිණී Wednesday, 25 March 2015 12:13 PM

මේ නෝනව අල්ලා ගත්තට ඔය හොර ලියවිලි හදපු අය අල්ලයිද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site