තම වයස වසර දහයකින් අඩුකොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉතාලිය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය මීගමුවේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.
1971 වර්ෂයේ ඉපදී ඇති ඇය වසර දහයක් අඩුවෙන් තම ගුවන් බලපත සකස් කරගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකාර කාන්තාව කිව්.ආර් 661 දරණ ගුවන් යානයෙන් දෝහා හරහා ඉතාලියට යාමේ අරමුනින් ඊයේ රාත්‍රියේ ගුවන්තොටුපලට පැමිණ සිටියදී ආගමන විගමන නිලදාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගෙත් ෆයිල් එක අතුරුදහන්ද දන්නේ නැහැ නේද? (නි)
මෙතනදී තමයි කට්ටිය හිරවෙන තැන. ලොකු ලොකු නෝනලට එක නීතියක් පොඩි පොඩි නෝනලට තව නීතියක්, නීති දෙකක් වෙන්න බැහැ කොහෙත්ම. (හේ)
අනේ අපි නම් ඕවට උත්තර බඳින්න දන්නේ නැහැ. (හේ)
විමල්ගේ නෑදෑයෙක් ද දන්නේ නෑ. (ත)
එයාට නම් අකුරටම නීතිය ක්‍රියාත්මක වේවි. (ත)
ආයෙන් බලයට එන්න මිනිසුන් රවටන්නයි හදන්නේ. (ත)
විමල්ගේ කතට පුලුවන්නම් ඇයි අනිත් කතුන්ට බැරි? ඉස්සර වෙලාම විමල්ගේ කත හිරේට දමා දඬුවම් දෙන්න ඕන. ඊට පස්සේ පුළුවන්නේ මේ කතට දඬුවම් දෙන්න. (නදී)
රටට බරක් නොදී ජිවත් වන්න උත්සහ කරන අහිංසක මිනිසුන්ට කරදර කරන එකද යහපාලනය (නදී)
මේ අහිංසක කතටනම් දඩුවම් ලැබෙයි යහපාලනයේ හැටි. (බ)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉන්නවා මුදල් අරගෙන ඕනෙම කෙනෙකුට ලියවිලි හදලා, හොරට උප්පැන්න හදලා පාස්පෝට් හදලා ගෙදරටම එවන කිහිප දෙනෙක්. තමන්ට අවශ්‍ය නම විතරයි දෙන්න ඕනේ. මා දැනුවත්ව ශ්‍රී ලාංකිකයින් 20 ,30 මා ඉන්නා රටේ සේවය කරනවා. අවරුදු 4 යි මොවුන්ට මෙහෙ සේවය කිරීමේ කොන්ත්‍රාත් කාලය. ඉන්පසු තම රටට යා යුතුයි. නමුත් ආර්ථික හා විරැකියා දහසකුත් ප්‍රශ්ණ මැද මොවුන් ශ්‍රී ලංකාවට යාමට පෙර සිට ලංකාවේ ඒ පාස්පෝර්ට් දෙපාරතමේන්තුවේ තැරව් කරුවන් ලවා නිවසටම ගමන් බලපත ලැබෙනා හැටිත් මාසෙකින් පසුව නිවාඩු ගතකර නැවත රැකියාවට ස්තානයකුත් සොයාගෙන යාම අති විශිෂ්ටයි. මේ රටේ බොහොම දෙනෙක් ශ්‍රී ලාංකිකයින් පාස්පෝර්ට් 4,5 තියන ඒ සෑම ගමන් බලපතක්ම රජයේ දෙපාර්තමේතුවේ නිපදවුවක් වීම අභිමානය තවත් ත්‍රීව් කරන්නකි. දෙපාර්තමේන්තුව අයකරන මුදල 50, ත් 60, දහසත් අතර මුදලක් බවද මා දැනගතිමි. මහජනයා රැවටෙනවාද ? මුළු ශ්‍රී ලාංකිකයෝම හොරුද යන්න මට විටෙක සිතේ. කාට කෙසේ දඩුවම් කරමුද ? (නදී)
අරක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, මේක නම් අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(ම)
මෙයාගේ ළමයිනුත් නොකා නොබී ඉන්නවා ඇති නේද?මහත්තයත් රට ගැන කැක්කුමක් ඇති දේශප්‍රේමියෙක්ද දන්නෙ නැහැ (නි)
ඉතින් අර නෝනාට හොඳයි නම් මේ නෝනාට නරකද? හරි නම් මේ බවලතාටත් සොයාගත නොහැකි රෝග සඳහා රෝහල්ගත වෙන්න පහසුකම් සපයා දෙන්න ඕනෑ. (නි)
ඉතින් මේක ඒ හැටි වැරද්දක්ද? ලොකු ඉස්කෝල වල යන ළමයින්ගේ අම්මල තාත්තල මීට සමාන දේවල් කොච්චර කරනවද? (ර)
මේ නෝනව අල්ලා ගත්තට ඔය හොර ලියවිලි හදපු අය අල්ලයිද.? (ර)