
(මනෝප්රිය ගුණසේකර)
මන්ත්‍රීවරයකු වශයෙන් සිය ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපළවලට හිමිකරුව සිටිම සම්බන්ධයෙන් අමාත්‍ය විමලු වීරවංශ මහතාට එරෙහි පවරා ඇති නඩුව ලබන ජූලි 17 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අසනීප තත්ත්වයකින් සිටින බව කියමින් එම ඉල්ලීමට මහාධිකරණ විනිසුරුවරයා නඩුව 17 වැනි දාට කල් තිබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බැසිල් වගේ නිදොස් කොට නිදහස් කරන්නකෝ.. එතකොට මෙයාගෙ කටත් වහන්න පුළුවන්නේ... මන්ද පමා..?
බැසිල්, ජොන්ස්ටන්, මහින්දානන්දලා ඔවුන්ගේ නඩුවලින් නිදොස්කොට නිදහස් කරනවිට, මෙයාගේ සහ ගම්මන්පිලගේ නඩු ටික තමයි තාම පෙන්ඩින්... එක රට එක නීතිය කියලා කිව්වාට... පොහොට්ටුව තුළ එක නීතියක් නැහැ. විමල්ගේ පිලට අසාධාරණයි. මැදමුලනේ ජනේලයේ එල්ලුණු මහින්දව.., මේ විමල් තමයි "මහින්ද සමග නැගිටිමු" කියලා නුගේගොඩට ගෙනැල්ලා පණ දුන්නු විමල්ට මෙහෙම නම්, 69 ලක්ෂය ජනවරමට පයින් ගහන එක ඉතින් අහන්නද ඕනේ...?
මේ නඩුවත් අනිත් එක්කෙනාගේ මුදල් විසුද්ධි කිරීමේ නඩුවත් ඉතින් "නිදොස් කොට නිදහස්" ම තමයි. එකපිට එක නඩු අරගෙන ඉවරයක් කරන්න හදන්නේ තව වැඩි කාලයක් නැති නිසා වෙන්න ඇති... දැන් මිනිස්සු කියන්නේ ඩී.එස්. නිදහසේ පියා. මෙයා "නිදොස් කොට නිදහසේ පියා" කියලයි ඔන්න... හැබැයි අර රිය අනතුරුවලට සම්බන්ධ අයගේ නඩුවලින් නම් නම් ඒ ගොල්ලන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි වෙන්නත් බැරි නෑ...
මොකටද කල්දාන්නේ? රටේ ජනතාව දන්නවා තීන්දුව මේකයි කියලා... රංජා හිරබත් කන්නේ ඒවා කිව්වට නේද?