පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල උද්ඝෝෂණයක් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු අට දෙනකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය නොවැම්බර් 25 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තවමත් අවසන්ව නැතැයි කුරුඳුවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය. සිද්ධියට අදාළ හයවැනි සැකකරුවන ටෙලි නාට්‍ය නළු රොජර් සෙනෙවිරත්න උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබූ අතර පසුව ඔහු මෝසමක් මගින් උසාවියේ පෙනී සිටීම හේතුවෙන් එම වරෙන්තුව අවලංගු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කොමසාරිස් ඉස්සරහ උද්ඝෝෂණ කලා කියල එයාට නඩු, ඇමරිකන් තානාපති ඉස්සරහ ලංකාවටම ලජ්ජා කරපු අරයට කෑම සංග්‍රහ! (හේ)