ජාතික නිදහස් පෙරමුණේ අක්මීමණ ආසන සංවිධායක නීතීඥ මහේෂ් මඩවල මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය සහයෝගය ලබා දෙන බව අද ගාල්ල උණවටුණේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී කීවේය. නීතය හා නීතියේ ආධිපත්‍යය බරපතල අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවක දී එය සුරක්ෂිත කරනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි එමෙන් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරනු ඇතැයි විශ්වාස කළ හැකි අපේක්ෂකයාට තමන් සහයෝගය ලබා දෙන බව ද හෙතෙම කීවේය. තවමත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ සංවිධායක වරයා ලෙස පක්ෂයේ මතවාදය සමග සිටිය ද දැන් පක්ෂය ඒකාධිපති නායකයකුට කඩේ යාම හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

P1090127 - Copy