(ෂෙහාන් චාමික සිල්වා)
රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට ලබාදුන් රක්ෂිත බන්ධනාගාර නියෝගයට එරෙහිව මෙම ඇප අයදුම්පත ගොනු කැරිණි.
පොදු දේපල පනත යටතේ අවභාවිතාව රුපියල් 25000ට වැඩි අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කිරීමට සිදු විණි.
සුවිශේෂි කරුණු යටතේ ඇප ලබා නොදීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නිවැරදි බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවිශේෂ කරුණු යනු විමල් වීරවංසගේ ගෙදර තියෙන පුද්ගලික ප්‍රශ්න ඉදිරපත් කිරීම නොවේ. අධිකරණය පිළිගත් නීති රාමුව තුල අවස්ථානුකූල සිද්ධි මත නිර්වචනය කළ කරුණුය. අදටත් අපේ ගරු අධිකරණය නිසා රටේ නීති ගරුක පුරවැසියන්ට හුස්මක් ගන්න පුළුවන් ඒ ගැන ගරු අධිකරණයට අපගේ ස්තුතිය පුදකරමු.
නියමයි.
එකනේ කියන්නේ.
සුපිරි දේශප්‍රේමියා ඔය ටිකත් ඉඳලම එන්නකෝ ඇප ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතුව .තමන් නිවැරදි නං එ්ක ඔප්පු කළානං ඉවරයි නේ ෆොටෝ කොපි ගහන්න අපු මිනිහ දැන් කෝටී පතියෙක් වෙලා ඉන්න හැටි අහනකොට නවලෝක මුදලාලිත් දුවනවා
කොහෙන්ද දන්නේ නෑ ඕඩර් එක ලැබුනේ
හිරගෙවල් 100ක යන්න තිබුන එතුමාගේ කැමැත්ත ඉටු වීම ගැන මගේ ප්‍රණාමය.
හිරේ ඉඳල ලෝවැඩ සඟරාව කියවන්න කියන්න. එතොකොට තේරයි මොකද වුනේ කියල. බොරුවෙන් හැමදාම ඉන්න බැහැ කියල.
මහිංද ගෙ කාලෙ නීතියේ ආධිපත්‍යය අවභාවිතා වුනා කියලා වොරී වෙච්ච උගත් බුජ්ජිමත් ටොයි මිතුරු කැළ ඒවා වෙනස් කරන්නයි කියලා තමං විසින් බලයට පත් කර ගත්ත යහපාලන ආන්ඩුව. දැං ඒ ආන්ඩුවම නීතිය පාවිච්චි කරනවා විරුද්ධ වාදීන් මර්ධනය කරන්න. ජනවාරි ඉඳං විමල් වීරවංශ ව රිමාන්ඩ් කරං, ඇප නොදෙන්න ආන්ඩුව කියන එක්ස්කියුස් එක තමා "...තාම පරීක්ෂණ ඉවර නෑ...ඉවර වෙන තාක් කල් විමල් ව රිමාන්ඩ් එකේ තියනවා....". මේක දේශපාලන පලිගැනීමක් කියලා ඕනම නොදරුවෙකුට වුනත් පේනවා. හැබැයි අර උගත් බුජ්ජිමත් ටොයි මිතුරු කැළ බොහොම උද්දාමයෙන් ඉන්නවා විමල් ව දිගින් දිගටම රිමාන්ඩ් කරලා තියං ඉන්න එක ගැන. අන්තිමට බලන කොට ඒ උගත් බුජ්ජිමත් අයටත් ඕන, නිතීය ඉස්සරහට දාල එයාලගෙ දේශපාලන විරුද්ධ වාදීන්ගෙන් පලි ගන්න.
කට කයිවාරු තිබුනට මුහුන නම් දුකින් වගේ
මෙයාගේ කට හින්ද මෙයා නැහුන. ඇත්තටම මෙයා දන්න වචන පහළොවක් විතර තමා හැමදාම එහාට මෙහාට කරන්නේ. මේ බොරුව දැන් මහජනතාව දන්නවා. තව මෙයාගේ මල්ලි ඉන්නවා අර මන්පිල හාදය. එයාටත් මේකම තමා වෙන්නේ.
විමල්ගෙ නඩුවට වාගේම දැනට එන්න තිබෙන නඩුවලටත් නිතිය කිුයාත්මක කරන්න එසේ නැති වුනොත් මුලු අධිකරන පද්ධතිය ගැනම මහඡන අප්‍රසාදය ඇතිවිම වැලක්විය නොහැකිය.දැනටමත් සමහර කාරනා වලට උසාවියේ ගොනුකර ඇති පැමිණිලි සමිබන්ධව එම උසාවිවල ඇති නිතිය කිුයාත්මක නොවිම සමිබන්ධව ඇත්තේ විශාල කලකිරීමකි. එය මුලු රටටම නොරහසකි. මහ බැංකුවට විරුද්ධව දැනට පවතින නඩුව සමිබන්දව කිසිම නිලධාරියකු අත්අඩංගුවට නොගැනිම නිතිය වල්වැදී වාගේ සිතේ වැරැද්ද කාටත් එක සමාන වියයුතුය එය පසුගිය කාලයේත් සිදුවිය .එය උත්තරීතර විනිසුරුවරුන් විසින් සමාජ ගතකලයුතය.එය එසේ නොවුන තැන .නිතිය බල්ලාට ගියා වැන්න
සිංහල අවුරුද්දටත් රිමාන්ඩ් එකේම පොඩි විවේකයක් අරන්, අවුරුදු නැකතට `ජෙල්` ටිකක් ඔලුවේ ආලේප කොරලා තව මඩ ටිකක් නාලා , පක්ෂියා නීච වෙන වෙලාව, මරු සිටින දිසාව එහෙමත් බලාගන මොබයිල් එක බෙල්ලේ එල්ලාගන සුදානම් පිට ඉන්න. ඔතනින්ම මහ ගෙදරට උසස් වීමක් ලැබෙන්නත් බැරි නැහැ වාසනාව තිබුනොත්!