හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ අද (09) උදේ නවයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග කියයි.
ඔහුගේ වත්කම් හා බැරකම් පිළිබඳව කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
වීමල් වීරවංශ අඳුරු පැහැ වීදුරු සහිත කළු කාරයකින් නීතීඥ කපිල ගමගේ මහතා සමඟ උදේ 9.30 පමණ අල්ලස් කොමිසම ඇතුළට ගියේය. ඔහු ඇතුළු වූ පසු අල්ලස් කොමිසමේ ගේට්ටුව ද වහා වසා දැමිණි.
වීරවංශ ඇතුළු සියලු දෙනාම සිතන්නට ඇත්තේ ඡායාරූප ශිල්පීන් ආපසු හැරී යන්නට ඇති බවයි. අල්ලස් කොමිසමේ ගේට්ටුවත්, තාප්පයත් ඔවුන්ගේ රාජකාරියට උදව් වූයේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කරලා මෙයාවත් කුඩුවට දාගත්තනම් යහපාලනයට හොඳයි (අ)
ඒකට ගිහිල්ලත් අර වේදිකාවල වල විදියට කතාකලාද දන්නේ නැහැ නේද චණ්ඩියා?(දිල්)
අනේ මගේ බඩ දාල යනවා මෙයාට කරන හිරහැර දැක්කම (බ)
අල්ලස් ගත්තානම් කොමිසම විමසයි . අර විමල්ගේ ලේකම්ගේ 2010 වැඩේට මොකද වුනේ කියලා විමල් කිව්වනම් තමයි හොඳ (අ)
ප්‍රකාශ සටහන් කරගෙන මදි. පොලිස් රාලහාමි කෙනෙක් රුපියල් 500 ක් ගත්තා නම් දැනටමත් කූඩුවේ (නදී)
රටේ පැවති අදම පාලනයට උදව් කරපු මෙයාව දේශපාලනයෙන් එලවන්න ඕනා.(නදී)
අසිරිමත් ආණ්ඩුවට ඇති එකම හිසරදය (නදී)
හැංගෙන්න දෙයක් මෙයා කරලා තියෙනවද? (නි)
අපි බලා සිටිමුකෝ. (නි)