(ජයන්ත සමරකෝන් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ/ ඡායාරූප - ඉෂාන් සංජීව)
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) දහවල් 12.20ට පමණ කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට පැමිණි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ජාතික රෝහලට මාරු කිරීමට උපදෙස් දී ඇති අතර දිගින් දිගටම සේලයින් ලබාදීමට නොහැකි බැවින් එසේ රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි උපුල්දෙණිය මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණින් කරදරයක් නොවේවා ! රට ජාතිය වෙනුවෙන් හඬ නැගීමට යෝධ ශක්තිය ලබීවා ! චිරන් ජයතු !
ජාතික ධනය තමන්ගේ පුද්ගලික වස්තුවක් ලෙස මංකොල්ල කපු හොරුන්ට (විමල් පමණක් නොවේ) තෙරුවන් සරණ පතන ජනතාවක් ඉන්න රටක කොහොමද නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ, බැරිවෙලා මේ උපවාසේ උඩ මෙයාව නිදහස් කලොත් අධිකරණය මොකද වෙන්නේ, ඊට පසු සෑම සිරකරුවෙක්ම උපවාස කරන්න ගනී කොහොමද එතකොට.
විමලව පිලිලයක්ව දකින අයට අනාගතයේදී වැටහේවි ඔහුගේ වටිනාකම
තෙරුවන් සරණයි ඔබට
පංචායුධ බලය ලැබෙයි.
කුම්බලාවෝ මාළු කෑවානම් විඳවපන් බළලෝ කියලා කව්දෝ කිව්වලු.
දළදා සමිදුන්ගේ පිහිටින් නිදුක් නිරෝගි වේවා
මේ ලියන අය සිංහලද කියල සැකයි... රිමාන්ඩ් යනු දඩුවමක් නොවේ... ගල් ගහන්න ඇත හෝදගෙන එන්න කියපන් 225 ටම. නඩු අහන්නේ නැතිව දඩුවම් දීල තියෙන්නේ...
මෙයාගේ වටිනාකම මොකක්ද ? මහජන දේපල වංචාකර කෝටිපතියෙක් වීමද
විමල්ව පිලිලයක්ව දකින අයට අනාගතයේදී වැටහේවි ඔහුගේ වටිනාකම
මහින්ද මහත්තය කුණු රකින රජෙක් නෙමේ. ඒ ඉස්සර .
උපවාසය නිසා කිසිසේත්ම නිදහස් නොකළ යුතුයි මේක වැරදි පුර්වාදර්ශයක් විය හැකිය.
මැතිතුමනි ඔබව සියලු දෙවියන් රැකදේවා
තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා!!!