(ජයන්ත සමරකෝන්)
ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි. විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
වීරවංශ මහතා වෙනුවෙන් ඔහුගේ සටන් තමන් ඇතුළු පිරිස භාරගන්නා බව එහි ගිය හිමිවරු පිරිසක් කියා ඇතැයි ද ඔහු කීවේය. නාපානේ පේමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි ඇතුළු තවත් නා හිමිවරු කිහිප දෙනෙක් ද විමල් වීරවංශ මහතාට උපවාසය අත්හරින ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සය එදා කලෙත් බොරුව.අද කරන්නෙත් බොරුව,හෙට කරන්නෙත් බොරුව.ඕක තේරුම් ගන්න බැරි මිනිස්සු ලංකාවේ ඉන්නවනේ.
ලෙමන් පෆ් කාලා නැද්ද
ඕක වෙන බව අපි දන්නවා
අනේ මෙහෙමත් රැවටිලි . අපෙ හාමුදුරුවරුත් මේ විකාරවලට සහයෝගය දැක්වීම හරිම කනගාටුවෙනවා . අපි ඔබවන්සේලගෙන් දෙපා නමැද ආයාචනා කරසිටින්නේ මුළු රටම යහපතට ගෙනියන රටකරවන පිරිසක් හදන ලෙස .තෙරුවන් සරණයි
දෙපාරම උපවාසය අතහැරියෙ ඉල්ලීම් දිනාගෙන නෙවෙයිනෙ, ගියපාර බෑන් කී මූන් අස්වුනෙත් නැහැ, මේ පාර ඇප ලැබුනෙත් නැහැ.
බොරුවට ආයුෂ කෙටි බව තේරුම් යනකොට මෙහෙම වෙනවා.
තෙරුවන් සරණයි
උපවාස කළාට නම් කොහෙත්ම ඇප දිය යුතු නැහැ, හැබැයි විමල් උපවාස කළේ තමාට ක්‍රියාත්මක නීතිය තෝරටගත් අයවළුන්ට ක්‍රියාත්මක නොවීමට එරෙහිව මිසක් ඇප ලබා ගන්න නම් නොවෙයි. මොකද අපේ රටේ බන්ධනාගාරගතවන දේශපාලඥයින්ට ලැබෙන පෞද්ගලික රෝහල් ගත වීමේ වරප්‍රසාදය විමල්ට නොලැබීම තවත් අසාධාරණයක්.
මට දුක ලංකාවේ මිනිස්සු තවම මේවට රැවටෙන එකයි
වීරවංශ කාවද මේ රවට්ටන්න උත්සහ කරන්නේ?
මේ සියල්ල රඟපාන්න කරන දේවල් ... තව දින කිහිපයකින් ඇප දෙන්න වෙනවා දින 90 සම්පුර්ණ නිසා.... ඕව දැනගෙන තමයි මෙච්චර කාලයක් ඉඳල උපවාස පටන්ගත්තේ.....
අනේ මෙහෙමත් විකාර සහ රැවටිලි. අපෙ හාමුදුරුවරුත් මේවට අහුවෙනවනේ ....
පහුවෙලා හරි කරන්නේ වැඩකට නැති උපවාසයක් කියල කල්පන වෙලා මේ බොරු වැඩේ අතරපු එක වඩාත්ම හොද දෙයක්, වරදක් කරුවනම් දඩුවමක් විදින්න ඕනේ ඒක තම නියමය සහ නිතිය
මේ ගැන උනන්දුවක් නොමැත !!
අනේ හැබෑටම මෙහෙමත් නාටක.
හාමුදුරුවරුන්ට මේ රටේ කරන්න වැඩ කොච්චර තියෙනවද?.
මේ මනුස්සය නම් මේ රටට හෙනයක්.
ආදරනීය විමල්, ඔබගේ සතුරන් ඔබට කොතරම් බියද එමෙන්ම කොතරම් ඔබ කෙරෙහි වෛරයකින් පෙලෙනවාද යන්න මෙහි ඇති බොහෝ අදහස් වලින් පෙනේ. එහි අනෙක් අරුත නම් ඔබට ආදරය කරන මිනිසුන් අතර ඔබ කෙතරම් ජනප්‍රිය නායකයකුද යන්නයි.චීනයේ විසූ අති ශ්‍රේශ්ඨ යුද උපාය මාර්ගික විශ්ලේශකයෙකූ වූ සන් ෂු පවසන පරිදි " ඔබගේ සතුරන් ඔබගේ ගුන වර්නනා කරමින ඔබ පසසයිද, ඔබ සතුරන් අතර දුර්වල චරිතයකි.. නමුත් ඔබගේ සතුරන් ඔබව කර්කශ ලෙස විවේචනය කරයිද, ඔබ විනාශ කල හැකි සියලු මාර්ග සොයයිද, ඔබ සතුරන්ට බිය උපදවන ශක්තිමත් චරිතයකි. ආදරනීය විමල්,එලැඹෙන මහමැතිවරනයකදී ඔබව අප 500,000කට වැඩි චන්දයෙන් ඔසවා තබන්නෙමු.. ඔබට තුනුරුවන් සරනයි.. චිරන් ජයතු...
එතකොට මාරාන්තික උපවාසේ කියන්නේ කවුරුහරි මොනවහරි බොන්න දෙනකන් නොකා නොබී ඉන්න එකද? අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ.
කවුරුවත් වැරදියට තේරුම්ගන්න එපා. විමල් සහෝදරයා කලේ මාරාන්තික උපවාසයක්. ඔය කිරි වීදුරුවත් එයා බීලා තියෙන්නේ වස වීදුරුවක් කියල හිතාගෙන. බීලා බැලින්නම් කිරි. ඉතින් මොනවා කරන්නද. රැකපු සීලේ කැඩු නනේ , ඉතින් උපවාසේ අතහැරිය.
අපරාදේ. පාංශු කුලේ දෙන්න ඔක්කොම ලෑස්ති කරලා තිබුනේ.
හාමුදුරුවනේ හොර දෙසපාලකයින් රකින්න එපා..ඔවුන්ට දඬුවම් දිය යුතුයි .
තමන් ගැන නොසිතා රට ගැන සිතන්න
පසුගිය ආණ්ඩු පෙරළියත් සමගම පොට වරද්දගත් රටක් මේක. දැන් යන්නෙ අයාලේ, දේශයට හිතැති පිරිසක් ආයේ ගොනු කරනු බොරු. ඔක්කොටම වඩා මිනින්සුන්ගේ ගුණමකු කම ඉහටත් උඩින්.
ශිහාන් ළමයෝ, අපි දන්නවා දෙවදත්තයාටත් මෝඩ අනුගාමිකයන් හිටපු බව! මුලදී අජාසත්ත රජ්ජුරුවන්ගෙත් සපෝට් එක ලැබුණා. කෝකාලික කියල එකෙකුත් අන්තිම වෙන තුරු හිටියනේ. ඒ කොහොම වුනත් අන්තිමේදී දේවදත්ත උන්නැහේටත් කෙළවුණ බව අමතක කොරන්න එපා! අනිත් කාරනාව `අපි` කියන්නේ ඔය ළමයට නොවෙයි. තනියෙන්ම කොහොමද ඡන්ද ඔච්චර ගන්නේ? පරණ ජිල්මාර්ට් එක දැන් තියෙනේ ඔයා ලඟද? දැන් නම් ඒ මැෂින් එක මලකඩ කාල ඇති! ඔයාගේ ඔය උපවාස වීරයාට අඩුම ගානේ ප්‍රාදේශීය සභා චන්දෙකින් වත් දිනන්න බැහැ මොකක් හරි වෙනත් පක්ෂෙක වලිගෙ එල්ලිලා ආවේ නැත්නම්!
වාහන අවභාවිත නොකරපු එක ඇමතිවරයෙක් ඉඳල තියනවද? අනික මේකදින 90 සිරගතව ඉන්න වෙන වරදක්ද?
රනිල්- අධිකරණ තීන්දු වලට එරෙහි වී ප්‍රතිචාර දැමීම වරදක්!! චන්ද්‍ර වීරසිංහ
රනිල්!! උසාවි තීන්දු අපහාසයට ලක් කරන්න එපා චන්ද්‍ර