රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේය.
රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිර වාට්ටුවට යොමු කළ වීරවංශ මහතා හිටපු ජනපති සමග කතා බහ කිරීමට කාර්යාලය වෙත ගෙනු එනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරය පලිගේනීම ද්වේශය සිත් වලින් තුරන්කරගෙන ජීවත්වන ටික කාලයට මෙත් සිතින් කතා කරන්න වෛරයෙන් ලියන වචන ආපසු කැරකි තමන් පසුපසම ආපසු එනවා තීන්දුව උසාවියෙන් එනතුරු නිහඬව ඉන්න (ම)
දැන් පෙන්නනවා ..... යහපාලනයේ රාජපක්ෂ වෛරය (අ)
ශ්‍රීලංකා ජනතාවට විහිළු සපයන ආණ්ඩු.අනේ අපි යටත් විජිතයක් උනානම් අයෙමත් නේද.පිටරට විනිශයවරුම තමයි මේ රටට ඕනි (බ)
වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා ඇපමත නිදහස් කරන ලෙසයි.එහෙත් පොලීසිය අධිකරණට ඉදිරිපත් කළ බී වාර්තාව සම්බන්ධයෙන් වීරවංශ මහතාගේ නීතිඥයන් කිසිවක් ප්‍රකාශ කර නොමැත. (අ)
තමාගේත්,බිරිදගෙත්,බාල වයස් දරුවන්ගේත්, උප්පැන්න වෙනස් කලාටවත්, නිවාස සමුහයක් තම නෑදෑ පරපුරට බෙදීම නිසාවත්, නිවසේ තරුණයෙක් ව්‍යාඝ්‍රා අධි මාත්‍රාව නිසා මියගිය නිසාවත් නෙවෙයි මේ අය අඩංගුවට ගත්තේ. වෙනත් චෝදනාවකට.ගයාන් දුක් වෙන්න එපා.(අ)
බලයේ ඉන්නකොට නීති විරෝධී වැඩ නොකර ඉන්නවා නම් කිසිම කෙනෙක් බය වෙන් හේතුවක් නෑ හැබැයි වැරදි කරල තියෙනවා නම් තමයි අධිකරණ තියෙන්නේ කරුමයෙන් බේරෙන්න බෑ (අ)
කෝ ලෙමන් පෆ් සහ තැඹිලි ? (බ)
රොකී, අර තවත් කාන්තා පාර්ශවයේ කෙනෙකුත් රෝහල්ගත වෙලාලු. අනේ ඒ ගැනත් අදහස් දාන්නකෝ. (නි)
මේ වසර ආරම්භයේදී අසන්නට ලැබුන හොඳම පුවත මෙයයි. මේ තක්කඩියාට නිසි දඬුවම් තවමත් නොලැබීම ගැන අපි බලා සිටින්නේ නො ඉවසිල්ලෙනි! (අ)
හොරාකෑවේ ජනතාවගේ මුදල්. ජාතික ධනය කොල්ලකාපු හැම කෙනෙකුටම අනිවාර්යෙන්ම දඬුවම් දියයුතුයි. කවුරුත් සාමාන්‍ය මිනිස්සු මෙතන නැහැ. අවස්ථාවාදි දේශපාළුවොයි, වාසි ගත්තු නෑයොයි තමයි වටකරගෙන ඉන්නේ. (නි)
ලැජ්ජා නැතුව තව බලන්නත් යන හැටි? (නි)
උසාවි එන දවසට ගිලන් රථයෙන් එයි යස අපූරුවට (හේ)
මොහු නම් අනිවාර්යයෙන්ම හිරේ දාන්න ඕනෑ. කිසිම වැඩක් නැහැ රටට. කට විතරයි. හිරේ දාලා විතරක් මදි ලොකු වන්දියක් ගන්න ඕනෑ කරපු වැරදි වලට. (නි)
වරදිකලා නම් දඬුවම අනිවාර්යයි. (හේ)
මෙහෙම අසාධාරණකම් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. නීතියක් හරියට ක්‍රියාත්මක නොවෙන කාලයක් මේ වගේ ඉතිහාසයේම තිබිලා නැහැ. සැබෑ සොරුන් නිදැල්ලේ. රජයට ඕනෑ අය විතරයි අත්අඩංගුවට ගන්නේ. (නි)
දාන්න තිබුනේ කොර වාටුවට (අ)
විමල් ගැන දැන්නම් දුකත් හිතෙනවා (නි)
මේ අයට උපරිම දඬුවම් කළ යුතුයි. රාජපක්ෂ ලාගේ ලොකුම හොරෙක් මේ.යහපාලන රජයට ජය වේවා .දැන්වත් නිතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි (අ)
පවු අනේ කුක්කු පැටියා (අ)
රොකි ..ඔයාගේ මොලේට තේරෙන්නේ නැද්ද මහා බැංකුව මහා දවල් කෝටි 90000 හොර කාපු මිනිස්සු හිරේ දාන්න ? ආණ්ඩුවේ හොරු රකිනවා,(අ)
බඩු මිල, හාල් මිල තව වැඩි කරලා පළිගැනීම දිගටම කරන්න මට දැන් හරි සතුටුයි. ආණ්ඩුවට බුදු සරණයි (බ)
රොකී අනේ ඔහේ මොන එහෙකට මේ ලංකාවේ ඉපදුනාද. ඔහේගේ මොලේ තියෙන්නේ වාඩි වෙන තැන. ලොකුම මන්කොල්ලේ මහා බැංකු හොරකමට හීතලවත් නැහැ. (බ)
එතනින් ගෙවන වාට්ටුවටද? (බ)
ඔහොම යන්. ඡන්දය ආවම ජනතාව ඕවට නිසි පිළිතුරු දෙවි. (අ)
පාට පක්ෂ ඔලුවේ තියාගෙන යන මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා. විමලුත් ඇමතිකමක් අරගෙන ආණ්ඩුවට ගියා නම් රටේ වෙන ප්‍රශ්න ගැන කතා නොකර හිටියා නම් මේ විදිහට හිරේ යන්න වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට විරුද්ධව කතාකරන අන්තිම මනුස්සයත් හිරේට දැක්කුවහම මේ කඩේ යන නිවටයින්ට නින්දයයි. (නි)
හොරා කාපුවට තවම නඩු නැද්ද (අ)
තමන් කළ දේවල්ම තමන්ට අමතකව අද සාධාරණය ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණකි.රාජපක්ෂ සාධාරණ නිතිය යටතේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිතුමාට හිරබත් කන්නට සිදුවීම ගැන අපට කවදාවත් අමතක වෙන්නේද නැත. දේශපාලනය අද රැකියාවකි. හැමවිටම අවංක දේශපාලකයා හඳුනා ගැනීම ජනතාවගේ වගකීමකි.කිසිවෙක් අවංක නම් හිතට එකඟව කතා කළ යුතුය. කතාවට එකඟව ක්‍රියාවේ යෙදිය යුතුය. (අ)
සුරේෂ්, එතකොට මහබැංකු හොරු හිරේ දාන්න ඕනෑ නැද්ද. එතකොට ඒ පාඩුවට වන්දිය අපි ගෙවමු නේද. පවුනේ! (නි)
මේ ගැන අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. දියෙහි යන දණ්ඩට... පිහිටක් වෙතත් පෙර සිට.. දුදනන් හට පිහිට... නොවව් යන බස සැබෑ කළෙ මට... (නි)
මෙතන සමහර කට්ටියට මං කියන දේ රිදෙනවත් ඇති. එහෙත් අපි වැරදි දේ වැරදි විදිහටත් හරි දේ හරි විදිහටත් දකින්න ඕනෑ. මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා හරි දේවලුත් තියෙනවා. දැන් වීරවංශ මැතිතුමාව හිරේ දැම්මා කියලා වැරදි වෙන්න බැහැනේ. හිරේ දාන්න කලින් දවස් කීපයක් තිස්සේ එෆ්සීඅයිඩී ආවා ගියාද? එකපාරටම හිරේ දැම්මේ නැහැනේ. ප්‍රශ්න කරලා එකට එක පරස්පර නම් එ්කෙනුත් එහාට ගිහින් ප්‍රශ්න කරලා සාක්ෂි අරගෙනනේ හිරේ දාන්නේ. දැන් ඉස්සර වගේ අධිකරණයත් ස්වාධීන වෙලානේ තියෙන්නේ. වැරදි කළා නම් දඬුවම් ලැබෙන්න ඕනෑ. මහා බැංකුවේ බැඳුම්කර සිද්ධියේදීත් දඬුවම් කරන්නම ඕනෑ. මොන දේ හොරකම් කළත් මහජනතාවගේ සල්ලි. (නි)
බලාගෙන ඉඳිමු දඬුවම් කරනතුරු. එළුවා පස්සේ ගිය හිවලාට වෙච්ච දේ තමයි රොකීලට සුදේශ්ලට වෙන්නේ. (නි)
යටපත්වෙලා තිබුණ ලෙඩක් දැන් මතුවෙන්න පුලුවන් (නි)
රිමාන්ඩ් බාරයට පත්කිරීමට පෙර සියලුම සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරවීමට නීති සකස් කළයුතුයි (නි)
සිංහෙල ජාතියට නිදසේ ජීවත්වීමට වරම් ලාබාදුන් මහින්ද රාජපක්ෂලාගෙන් පළිගැනීම සදහා මේ වගේ දේවල් කිරීම මහත් නින්දාවක්. වාහන අවභාවිතා නොකරන එක ඇමති කෙනෙක් ගැන පුලුවන් නම් කියන්න. මහත්වරුනි, පාටක් බලා මිනිහෙක් මනින්න එපා. රට ගැන හිතා වැඩකරන්න (නි)
දුක හිතෙන මහත්වරු මෙතුමා රටට කරපු සේවය ටිකක් විස්තර කරලා කියන්නකෝ. දන්නේ නැති නිසා අහන්නේ (නි)
ගයාන්, මහබැංකු බැඳුම්කරය ගැන යථා කාලයේදී අධිකරණය ඉදිරියට එයි. වීරවංශ කේස් එක 2015 ට කලින් ඉඳන් එන එකක්. එම වාහන අවභාවිතය පෝලිමේ මුල හරියේ තියෙන නිසා ඒ ගැන කළයුත්ත සිදුකර පිළිවෙලට යන එක නේද හරි. (නි)
පෙරේරා මහත්තයෝ, එතකොට මේ ආණ්ඩුවේ ඇමතිකම් අරන් ඉන්න කවුරුවත්ම වාහන අවභාවිතා කරලම නැද්ද? තමන්ගේ ආණ්ඩුවේ ඉන්න කාට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක වුණේ කියමු බලන්න. කලින් ආණ්ඩුවේ කුඩු එතනෝල් ගේනවා කියපු මිනිසුන්ව පැහැරගත්තා කියපු අය කිසිම චෝදනාවක්වත් නැතුව ඇමතිකම් කරන්නේ. මේ කරන්නේ තමන්ට විරුද්ධ අය මර්දනය කරන එක විතරයි. කඩේ නොයා ඇත්ත දකින්න (නි)
කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා තමයි ට්‍රේල් එකේ පෙන්නුවේ. ඒත් ෆිල්ම් එකේ යන්නේ වාහනයක් හොරෙන් පාවිච්චි කළා කියලා. ලක්ෂ 62ට නොතේරුනාට මොළයක් තියන අයට තේරෙන්න ඕනෑ යහපාලනය කියන්නේ රැවටීමක් කියලා (නි)
ගයාන්, ඔයා කොහොමද ගණනය කිරීම කළේ? (නි)
බන්ධනාගාර වෛද්‍ය වරුන්ගෙන් මෙඩිකල් ලැබෙන්න ඇති වාට්ටුවට යන්න. (ම)
මේ අයටද අපි ඡන්දෙ දෙන්නේ. (ර)
කවුරු වුණත් වරදට දඬුවම් ලැබිය යුතුයි (නි)
මේ මොකද කෙනෙක් අත්අඩංගුවට ගත්විට රංචු පිටින් උසාවි පොලිසි ළඟට ඇවිල්ලා කලබල කරන්නේ? එම රාජකාරී කටයුතු අවශ්‍ය ලෙස සිදුවෙයි. (නි)
මහා බැංකුව හොරා කාපු, රටේ කැලෑ ටික කාපු කම්බා හොරු නිදැල්ලේ. සැකකරුවෝ හිරේ. ඔන්න වෙනස! (නි)
ඔහු නිවැරදි නම් නීතියෙන් ඔප්පුකර පෙන්වන්න පුළුවන්නේ. ඒකට බාධාවක් නැහැනේ. අනෙක් හොරු මොකද මේ රංචු පිටින් ගිහින් නීතියට එරෙහිව එන්නේ? එහෙනම් හිරේ ඉන්න සියලුම සිරකරුවන්ගේ පිරිසටත් පුළුවන්කම තියෙන්න ඕනෑ ඒ විදියට හැසිරෙන්න (නි)
මට නින්ද යන්නේ නැති ලෙඩක් තිබුනා. දැන් හරි එ්කත් (නි)
දැන් ඉතින් වීරවංශට තියෙන ලෙඩ ටික දැනගන්න ලැබේවි (නි)
රෝහණ යුද්ධේ නැවත්තන්න ජ්‍යතියන්තරය ගත් උත්සාහය පරාජය කලේ මහින්ද මැතිතුමා. එතුමා තමයි සැබෑ වීරයා. (ර)
ආ... මේ පවුලේ අයත් ඇවිල්ලා ඉන්නේ... (නි)
අනේ! ඔය ඉන්නේ හිරේද? අනික මාර ලෙඩ්ඩුනේ අපේ දේශපාලකයෝ (නි)
යහපාලන රජයට ජය වේවා . දැන්වත් නිතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි. (ර)
අයියෝ ඇයි එයාලට ඒ වාට්ටුවම දෙන්නේ (බ)
මේ වගේ නඩු තමයි ඉක්මනට අහලා අවසන් කරන්න ඕනෑ (නි)
වාහන 90 ක් යොදවා කෝටි 9 ක් අපතේ හරිමින් විමල් වීරවංශ මෙම අවභාවිතාව සිදු කළ තරම නඩුවට අදාළ බී වාර්තාවේ වාහන ලැයිස්තුවෙන් හෙළිවන්නේ ඔහු කිසිවෙකුට නොදෙවෙනි ලෙස එය කළ ආකාරයයි. (බ)
මේ රජයේ වැරදි කරන අයට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි. එහෙම එපා කියලවත් ඒ අය වැරදි කරලා නැහැ කියලවත් මෙතන කිසිම කොමෙන්ට් එකක නැහැ. ඔය ටික විමලේ පස්සේ යන කාටවත් තේරෙන්නේ නැහැ. විමලේව අත් අඩංගුවට ගන්නේ කිහිප සැරයක් කට උත්තර ලබාගෙන අවුරුද්දක් විතර පරීක්ෂණ කරලා. (බ)
ඔය සමහර මන්ත්‍රීලට මුළු ජීවිත කාලයටම වෙන්නේ හොරුන් බලන්න සිරගෙවල් වලට යන්නයි (නි)
දැන් ඉතින් ඉවසනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
මහින්ද මහත්තයාගේ මුහුණේ තියන සන්තෝසේ.... මේ කොමෙන්ට් දාගෙන කඩේ යන නඩේ නිකන් හොටු පෙරාගෙන අඬනවා. ඉන්නකෝ මහින්ද සර් වගේ. (බ)
ආ! කට්ටියම ඇවිල්ලනේ යාළුවව බලන්න (නි)
වාට්ටුවකටද දාලා තියෙන්නේ? (නි)
තුන්වැනි ලෝකයේ රටවල්වල දේශපාලනික තත්වය ඉතාමත් ජුගුප්සාජනකයි. 99% ක්ම දුෂණ, වංචාවලට සම්බන්ධයි. ඒ නිසාම, මේ වගේ දේවල් අපිට කාලෙන් කාලෙට අහන්න දකින්න ලැබේවි. දේශපාලුවන්ට ලජ්ජා නහරය නැති නිසානේ, අත් අඩංගුවට පත්වුනාම වීර වැඩක් කරලා ගියා වගේ අත්දෙක වන වනා යන්නේ. ලොක්කොත් පොඩ්ඩන්ට වැරදි කරන්න අනුමත කරපු සහ සම්බන්ධ නිසානේ ඔවුනුත් හිර ගෙවල් ගානේ බඩගාන්නේ.මේක කවදාවත් " දියුණු වෙන රටක් නෙමෙයි " (බ)
ඇත්තටම මෙයා රටට කරලා තියෙන්න මොකක්ද? ලොකු ගෙයක් ගහල වටේ අයට හොඳට කවලා (බ)
හිටපු ජනපතිත් ඇවිල්ලා ඉන්නේ හරියට වීර කැප්පෙටිපොළව බේරගන්න වගේ. වීරවංශ දේශපාලනයට අාවේ කොහොමද, දැන් ඉන්නේ කොහෙද කියන එක ලංකාවේ බහුතරයක් මිනිසුන්ට පැහැදිලියි. මෙයාට විතරක් නොවෙයි ජාතික ධනය කොල්ලකාපු හැම කෙනෙකුටම අනිවාර්යෙන්ම දඬුවම් දියයුතුයි. (නි)
මහින්ද මහත්තය පැරදුනේ විමල් වගේ හොරු ළඟ තියාගෙන හිටපු නිසා (බ)
දැන්නම් කාලය හොඳ නැහැ වගෙයි (නි)
වැරදි කරලා තියනවනම් මේ අයට අනිවාර්ය දඩුවම් කළ යුතුයි හැබැයි වැරදි කරපු හැම කෙනාටම මේ විදියට දඩුවම් කළ යුතුයි. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉදන්ම හිටපු අයගෙන් ඉතා සුළු කොටසක් ඇරෙන්න අනික් හැම දෙනාම වංචා දුෂණ කරපු අය නමුත් හොරු විසින් හොරු ඇල්ලීම සාධාරණ නෑ අපේ රටේ දේශපාලකයන් හැම කෙනෙක්ම කෝටිපතියෝ ඒ හතරමහා නිධානේ පහළ වෙලා නෙමේ. හොරා කාලා (බ)
මෙහෙමත් සැළසුම්සහගත පළිගැනීම් කරන ආණ්ඩුවක් ගැන නම් මම දැකලා විතරක් නෙමෙයි අහලාවත් නැහැ. විලි ලැජ්ජයි. පොඩි එකෙකුට වුණත් තේරෙනවා මේ විහිළුවේ තරම. (නි)
බන්දුල මහත්තයෝ ,විමල් මහත්තයාගේ නෝනගේ අක්ක ඉස්සර පොලේ රෙදි විකිණුවා. දැන් බලන්න එපාය ලස්සන. ආපු වාහනේ ලස්සන. විමල් මහත්තය පව්ලේ සේරටම හොදට සැලකුවා. එතුමාට ගොඩක් පින්. (බ)
වාහන අව භාවිතය නොවේ. අවභාවිතයට උදව් දීම. මෙතන පාසල් ගියේ නැති කුහක පිරිසක් ඉන්නවා කියල පේනවා. මේ මනුස්සයා මොනවත් කරලා නැතිලු. පාර්ලිමේන්තුවේ මෙහෙමවත් හඩක් නැත්නම් තව සෙල්ලම් බලාගන්න තිබුණා. මේ කරන්නේ කට නැවත්වීම. මහ බැංකු හොරකම ඉතිහාසයේ ලොකුම හොරකම කරලා බිලියන ගණන් ලබා උපයල "අනුබල දුන්නට හිරේ" මිනිස්සු මේවට හොඳින් උත්තර දෙයි. (අ)
බලය ඇතිවිට පච්ච සිරාලා... බලය නැතිවිට තොත්ත බබාලා... (නි)
මේ කරනදේ හරි මොකද දැන් ඉන්න අය මහජන මුදල් අව භාවිත කරනවානම් , දෙපාරක් හිතයි මොකද කවුරුවත් හැමදාම බලේ ඉන්නේ නෑ, වැරදි කළොත් පොලිත් එක්ක ලැබෙයි, නිකම් හිරේ දාලා වැඩක් නෑ , මේ සල්ලි අාපහු ගන්න පුළුවන් විදිහට නීති හදන්න ඕනි , මෙයා දැන් කෝටිපතියෙක් (බ)
මහජන මුදල් හොරා කාල, අතිමෙට මුන් රකින්ට වෙන්නෙත් මහජන මුදල් වියදම් කරල...., පුදුම කරුමයක් වෙලා තියෙන්නේ රටේ සාමන්‍ය මිනිස්සුන්ට..(බ)
මහින්ද මහත්තයා මොනවද මේ කියන්නේ? (නි)
හරි නම් පාස් පෝට් එකේ වැරදි තොරතුරු දුන්න බව හෙළි වුනාමයි අත් අඩංගුවට ගන්න තිබුනේ. මෙයාගේ වන්දි භට්ටයන් ගෙදර උදවිය වගේම මෙයාගේ වැරදි වහලා සාධාරණ විවේචන හෙළා දකිනවා. වෙන රටක හිටියා නම් මෙලහකට හිරේ (බ)
ඊ වාට්ටුව කියන්නෙ සුපිරි වාට්ටුවක් වෙන්නැති. මෙයාලටත් සාමාන්‍ය මනුෂයෝ අතර ඉන්න දෙන්න ඕන. (බ)
අනේ හාමුදුරුවනේ, පිරිත් නුල් බඳින්න ඕනෑ වැරදි කරන්න කලින්නේ. එතකොටවත් මොළේ පෑදෙන්න. පස්සේ බැඳලා මක්කරන්නද. (නි)
ලබ්බට තියපු අත පුහුලටත් තියයි. අනික් හොරුත් ලෑස්තිවෙලා හිටියොත් හොඳයි (නි)
මේ ආණ්ඩුවේ ඉන්නේ හරි අහිංසක ඇමතිවරු. සත පහක් හොරාකාලා නැහැ. මහා බැංකුවේ හොරකමක් වුණෙත් නැහැ. අහෝ රටකට ගිය කලක්! (නි)
වාහන 41ක් පාවිච්චි කිරීම මේ වගේ දුප්පත් රටක? එයාලා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින බව නේද රටට පෙන්නුවේ. (නි)
මෙහෙමත් රටක්. දුප්පත් මිනිස්සු පොඩි වැරදි වලට හිරේ ඉන්නවා. දේශපාලුවෝ බිලියන ගණන් හොරකම් කරලා හිරෙත් සැප විඳිනවා. මෙහෙමත් නීති තියෙන රටක්. (නි)
ඒ,බී,සී,ඩී,ඊ... කියලා පිළිවෙළට ඔක්කොම වාට්ටු තිබෙනවද දන්නෙ නැහැ (නි)
උපරිම දඬුවම් දෙනවා නම් මුලින්ම දෙන්න ඕනෑ අද ඉන්න අයටයි (නි)
කොහොමද කර්මය පළදෙන අපූරුව? (නි)
වැරදි කාරයෙක් වෙනවට ආණ්ඩුවට බනින එක හොඳ නෑ (ර)
ගයාන්, සියල්ලටම පෙර ඔයාගේ මොළය පරීක්ෂා කරගන්න (නි)
වැරදි වැඩේට දඬුවම් දියයුතුයි. ඒකට තමා නීතිය තියෙන්නේ. වීරවංශ පමණක් නොව වැරදි කළ සියලු දේශපාලකයන්ට දඬුවම් කළයුතුයි. (නි)
මේවා හුදු දේශපාලන පළිගැනීම් විතරයි. අත්සන් කරපු සභාපතිලා එළියේනේ. මොකද ඒ කට්ටිය ආණ්ඩුව ඇතුළේ නිසාද? (නි)
මොනවා වුණත් විරවංශ කෙළින් කතාකරපු නියම මනුස්සයෙක් (නි)
චමින්ද මහත්තයෝ ඔයා වගේ මාල කඩන්නේ නැතිව පොලේ රෙදි විකුණන එක කොච්චර නම්බුද (බ)
මෙයාලා බලය තිබෙන කාලයේ පොලිසියට සැළකුවේ කොහොමද? (නි)
ඉහෙන් බහින ලෙඩක් නම් තිබුනේ නැහැ (නි)
පවුලේ සාමාජිකයන්ට සෑහෙන දුක බව ඇඳුමෙන්ම පේනවා. (නි)
විමල් වීරවංශ එෆ්සීඅයිඩී ඇවිල්ලා කියපු අාරංචියට මිනිස්සු පිරුනලු. ආ මිනිස්සු රාජපක්ෂ පවුලේ කට්ටියට වගේම විමල් වීරවංශ පවුලේ කට්ටියටත් හොඳට සළකලා තියෙන බව නම් පේනවා (නි)
මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ ගොඩටද දැන් මෙයත් වැටෙන්නේ? ඔය මොන වාට්ටුවේ ඉන්නෙත් මහජන මුදලින් (නි)
මෙයා කොහොමොද ජීවිතේට රස්සාවක් නොකර අච්චර ලොකු ගෙයක් හෝකන්දර හදන්නේ? කාගෙ සල්ලිද මේ? පරම්පරාගත ඒවාද? රටේ ජනතාවගේ සල්ලි. මේවා හදපු හැටි හොයා දඬුවම් කළයුතුයි (නි)
මෙච්චර වංචාවක් කරලා තියෙනවා නම් දඬුවම් කරන්න ඕනෑමයි. එතකොට ගිය ආණ්ඩුවේ හිටපු හොරුන්ටත්, මේ ආණ්ඩුවේ ඉන්න හොරුන්ටත් දැනෙයි (නි)
මෙයාලම තමයි ඕවට වගකියන්න ඕනෑත්. නැත්නම් අනුර කුමාරලත් ඇමතිකම් කළානෙ. කෝ හොර වංචා චෝදනා? (නි)
පවුලේ සමහරුන්ගේ බාහිර ස්වරූපය දැක්කහම මට නම් හිනාත් යනවා (නි)
ගයාන්, අපි පක්ෂ භේදයෙන් තොරව වංචාවට විරුද්ධයි. 12.5 ප්‍රතිශතයටත් බැඳුම්කර ගත්ත කට්ටිය ඉන්නවා. මහජන මුදල් වලට, දේශපාලකයින් වගකිව යුතුයි (නි)
එහෙනම් සුවෙන් සතුටින් ඉඳලා එන්නකෝ (නි)
ගයාන් මහත්තයෝ, කවුරු කෙරුවත් වරද වරදමයි. අනිත් වැරදිකරුවන්ට දඬුවම් කරන්න එපා කියලා මම කියා නැති බව ඔබට වැටහෙන්නේ නැද්ද? ඔබ කියන්නේ ඒ හොරාට තවම දඬුවම් කරලා නැති නිසා මේ හොරා නිදහස් කරන්න කියලද? නිකන් මේ ගොඩපෙරකදෝරු තර්ක ඉදිරිපත් කරන්න එපා මහත්තයෝ! (නි)
බොරුවට දේශප්‍රේමී කයිවාරු ගගහා හොරකම් කරපුවා දැන් තමයි එළියට එන්නේ. තව ඉන්නවා කට්ටිය ඇතුළට යන්න. (නි)
විමල් මහින්ද ගේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඔන්න මෙන්න වගේ තර්ජනාත්මකව ඉඳලා එක සැරේම පූස් පැටියෙක් වගේ හීලැ වුනා මතක ද? හේතුව දැන් පැහැදිලියි ! (අ)
අසංක, හොද ගිරවෙක් වාගේ. ඇහෙන දේ ඔහේ කියවනවා(අ)
ඊ වාට්ටුවක් අංගොඩත් තියෙනවා නේද? (නි)
තවත් මොන මොන මගඩි තියෙනවද දන්නෙ නැහැ (නි)
වරදක් කළා නම් කවුරු වුණත් දඬුවම් ලබන්න ඕනෑ. (නි)
රටක නීතිය කාටත් එක විදියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මේවා මහජන මුදල්. කිසිම බුරුලක් දෙන්න හොඳ නැහැ. එ්ත් සතියෙන් නිදහස්වෙයිද දන්නේ නැහැ. (නි)
විමල් වෙනුවෙන් කෑගහන්න මිනිස්සු කොහෙන් ආවද මන්දා? හොරකම් නොකළා නම් කලින් අපි එක්ක හිටි හැටියට අද කොහොමද කෝටි ගානක දේපලක්? අනික බයවෙන්න ඕනෑ නැහැ හොරකම් නොකළා නම්. බොරුවට දඬුවම් කරන්න කාටවත් බැහැ. (නි)
එහෙනම් විමලෙත් ජාතික වීරයෙක් වුණා.... (නි)
ලංකාවේ ඕනෑතරම් අහිංසකයෝ ඉන්නවා බොරුවට දඬුවම් විඳින (නි)
මංජුල, මහින්ද නොවෙයි යුද්ධ කළේ. යුද්ධය ඉවර කළේ ෆොන්සේකා. හැබැයි පස්සේ වෙන කෙනෙක් රට ඉඳලා ඇවිත් පොළව ඉඹලා ලකුණු දාගත්තා (නි)
හොරාකෑවේ ජනතාවගේ මුදල්. හොඳටම දඬුවම් කරන්න ඕනෑ (නි)
මොකක්ද මේ අන්තිමට හිරේ දාන චෝදනාව? රජයේ වාහන අවභාවිතා කිරීම... එහෙනම් 88/89 කාලේ රජයේ වාහන වලින් නේද භීෂණ කළේ. මෙතන ගොඩක් අය අදහස් දාලා තියෙන්නේ හොරා ,හොරා කියලා මිනිසුන්ගේ මොළයට කාවද්දලා තියෙන සංකල්පය මත මිසක්, යතාර්ථය දැකලා නොවේ (නි)
මේ මිනිස්සු වැරදි කළ බව රටම දන්නවා. ප්‍රශ්නය දඬුවම් කරන්න ගතවන කාලය. එවන් කාලයක් ගතවෙද්දී පල් හොරුම තප්පුලනවා කෝ දෙනවා කියපු දඬුවම් කියලා. අනික උසාවියකින් බන්ධනාගාරගත කළාම එ්කට ප්‍රසිද්ධියේ කෑගසන මිනිස්සු ගැන මොකක්ද කරන්නේ? වැරදි කරන්න හොඳයි නීතිය ඉටුකරන්න නරකයි. (නි)
අනේ අපේ රටේ මිනිස්සු! මොවුන් රට ජාතිය කියලා හොරකම් කරනවා. මොවුන්ගේ පස්සෙන් යන අයටයි ගහන්න ඕනෑ (නි)
දැන් පෙන්වනවා "ආටක නාටක" (නි)
විපක්ෂයේ මිනිසුන් විතරද වැරදි කරලා තියෙන්නේ? (නි)
ගයාන්.රුපියල් කෝටි 90,000 කියන එක රුපියල් කෝටි 1500 කියල වෙනස් කරන්න.මහජන මුදල් රුපියල් කෝටි එකක් වංචා කලත් අනිවාර්යෙන්ම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකේ වෙනසක් නැහැ.(අ)
දැන් සතුටුද කියලයි මට අහන්න තියෙන්නේ. මොකද හුග දෙනෙක් ඉදල තියෙන්නේ උහුලා ගන්න බැරි අමාරුවකින් බව දක්වල තියන අදහස්වලින් පේනවා. (අ)
ජනතාව නොමඟ යවන, තමන් සැප විඳින, බොරු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියවන මුව ඇතුලෙම තියන්න්න ඕනේ. එතකොට රටට සෙතක් වේවි (ම)
අතේ සතේ නැතුව හිටපු අය කෝට් පතියො වෙලා අහසින් වැටිනු සල්ලි වලින්.(ම)
අනේ කවුරුත් සාමාන්‍ය මිනිස්සු මෙතන නැහැ. අවස්ථාවාදි දේහපාළුවොයි. වාසි ගත්තු නෑයොයයි තමයි වට කරන් ඉන්නේ. (ම)
අලි බබා සහ හොරු හතළිහ (ම)
වැරැද්දට දඩුවම් අවශ්‍යයි. කිසිවක වරැද්ද නොවන්න ඔබ ජ වි පෙ විනාශ කළ පාපයම ඇති ජ වි පෙ මන්තීවරයෙක් හදන්න හරියට මහන්සි වෙනවා. ඔබ එය විනාශ කිරීමට උදවි කළා. (ම)
මේ වන්සලට සුරසැප විඳින්න 89-90 වධකාගාරවල දහ දුක්විදපු විඳලා මැරුණු කොල්ලන්ගේ කෙල්ලන්ගේ ශාපය ක්‍රියාත්මක වේවා !
තමන්ගේ පක්ෂය නිර්දය ලෙස පාවා දීල පක්ෂයේ රහස් සතුරන්ට දීල මහජන සල්ලි පිල්ලි ගහපු විමල් මල්ලි කවදාහරි ඔය අදිකරණයේ නෙමෙය් ජනතා අදිකරනයග ගෙන එක ෂුවර් ඔහොම ඉන්නකෝ කටුලේවකමින්