පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අද දවල් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල් එච් සමන්ත මහතා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
කුලී පදනම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබා ගත් රජයේ වාහන 40ක් ඥාති හිතමිත්‍රාදීන්ට සහ දේශපාලන කටයුතු සඳහා ලබා දීමෙන් රජයට රුපියල් නව කෝටි දහසය ලක්ෂයක් පාඩු කළැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔවුන් අධිකරණය ඉදිරිපත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි යහපාලනයේ සිදු වෙන දේවල්.(හේ)
හොඳ වැඩක්.(හේ)
මගේ සුභ පැතුම් සමග ඔහුට ජීවිතාන්තය දක්වා ආණ්ඩුවේ බෝඩිමේ රැකවරණ ලැබේවා! (හේ)
එදා වාහන පාවිච්චි කරන්න බලය දුන්නේ කවුද එතකොට? (නි)
ලුවිස්, විමල්ගේ තිබුණු වත්කමයි රෙජිමයට එකතු වුණාට පසුව අත්පත් කරගෙන තියෙන වත්කමයි බලනවිට එම වත්කම් අහසින් පාත්නොවුණු දෙයක් කියා නොදන්නේ කව්ද? (නි)
ආ! අරයත් ඉන්නේ මේකප් දාගෙන. (නි)
දැන් ඉදිරි සැළසුම් වලට මොකද වෙන්නේ? (නි)
මෙහෙමත් ආණ්ඩුවක් මගේ ජීවිතේටම දැකලා නැහැ (නි)
මෙයාට විශේෂ සැළකිලි නැතුව සාමාන්‍ය රිමාන්ඩ් සැළකිලි දුන්නොත් තමයි හොඳ. (නි)
කාටහරි කියන්න පුලුවන්ද මේ වාහන අවභාවිතය අද කෙරෙන්නේ නැහැ කියලා. ඕනෑනම් පාසල් ඇරෙන වෙලාවට පාසල් ළඟට කරුණාකර ගිහින් බලන්න කොච්චරනම් රජයේ වාහන ඒ අසළ තියනවද කියලා. ඉතින් මේ කරන්නේ නම් නිකම් පලක් නැති හිරිහැර කිරීම් පමණයි. (නි)
තම නිවසේම අසරණ බවට පත්ව ඇති මේ අහිංසකයට අනුකම්පා කරන්න. (ම)
අනේ පව්! (නි)
කරපු දේවල් වලට ජීවිතාන්තය දක්වාම හිරේ දැමිය යුතුයි (නි)
දැන් ඉතින් කළ වැරදි වලට විඳවන්නකෝ (නි)
වාහන අවභාවිතා නොකර හරි අධ්‍යාපනයක් අරගෙන මහබැංකුව අවභාවිතා කළා නම් සන්තෝෂෙන් බිලියන 100 ක් විතර හොයාගෙන වැදගත් විදියට ජීවත්වෙන්න තිබුණනේ (නි)
වාහන අවභාවිතයට හිරේ දානවා නම් දේශපාලකයෝ ඔක්කොම ඉන්න ඕනෑ හිරේ. (නි)
හීනෙන්වත් හිතපු දෙයක්ද මේ සිද්ධවුණේ? (නි)
රටේ ඇත්තටම නීතියක් යුක්තියක් තිබේ නම්, විමල් ඇමතිකම් කළ කාලයේ අනෙකුත් අමාත්‍යංශ වලත් වාහන අවභාවිතය තිබේදැයි සොයන්න. (නි)
ලුවිස් කියන්නේ, තමන්ගේ පක්ෂයේ දේශපාලුවන් හොරකම් කිරීම නීත්‍යානුකූල නිසා ඒවා ගැන සොයා දඬුවම් කිරීම වැරදි බවද? (නි)
වැරදි වලට දඩුවම් කරන්න ඕන හැබැයි මහබැංකුවේ මහදවල් හොරාකාපු ඒ හොරුන්ට නිතිය වෙනස්ද.? (ර)
මොකද දැන් කියන්නේ? මේවත් දේශපාලන පළිගැනීම්ද? වාහන පාවිච්චි කළේ අපිද? ඔය වාහන වලට තෙල් ගැහුවෙත් අසරණ ජනතාවගේ සල්ලි වලින් නේද? (නි)
මේවා නොවේ හොයන්න ඕනෑ. මොහුට මෙතරම් සල්ලි කොහෙන්ද කියලා. වාහන අවභාවිතා කරන්න දුන්න කෙනාවත් රිමාන්ඩ් කරන්න (නි)
පළිගැනීම ඉවරයක් නැහැ. රජයේ අයට නැද්ද ඔය නීතිය? (නි)
හැබැයි මෙයා කතා කරනකොට නම් තුන් ලෝකෙම මෙයා වගේ සුදනෙක් නැහැ. පළිගැනීම් කියලා මිනිසුන් තවත් නොමඟ යවන්න එපා! (නි)
මොනවා වුණත් බොරුවට කොටියා කනවා කියලා කෑගහපු ගරු මන්ත්‍රීතුමා, දැන් ඇත්තටම කනවා කියලා හිරේ ඉඳන් කෑගහයි (නි)
අපේ හුඟක් දේශපාලකයෝ හරියට ඉස්සො වගේ. වෙළඳපොළේ ඉහළ මිලක් තියෙනවා. හැබැයි ඔලුවේ තියෙන්නේ අසූචි (නි)
හොද කොට්ටයක් මෙට්ටයක් එක්ක දැන් කරුණාකරලා බන්ධනාගාර රෝහල ලෑස්ති කරන්න. (බ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
දැන් ඉන්න අයත් වාහන අවභාවිතය ඔය ආකාරයටම කරන නිසා ආණ්ඩුව වෙනස් වූ දවසක හිරේ යන්න ලෑස්ති වෙලා දැම්ම හිර කුටි වායු සමනය කර නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරොත් නරකද ?(හේ)
කාලෙකින් අහන්න ලැබුණු සතුටුම ආරංචිය (බ)
මේවා සියල්ලම බොරුව. අපිව අන්දනවා.හෙට අනිද්දා වෙනකොට එලියට එනවා. (බ)
මෙයාට සහ මෙයගෙ ගෝලයා මුසම්මිල්ට තියෙන චෝදනාව රජයේ වාහන රාජකාරී නොවන වැඩවලට පාවිච්චි කළා කියනව වගේ සරල අවභාවිතාවන් නෙවෙයි. මේ අය රජයේ වාහන තමන්ගේ වාහන බව පෙන්වලා ඒවා පාවිච්චි කරීමට වෙනත් ආයතන වලින් තමන්ගෙ නමට (මුසම්මිල් නම් බිරිදගෙ නම්ට ) මුදල් ලබාගෙන තියෙනවා .... මේවගේ දෙයක් වෙනත් රජයේ සෙවකයෙක් කළානම් මෙලහකටත් හිරේ ...(බ)
බිමල්, මේ රිමාන්ඩ් කළේ පාස්පෝර්ට් එක ගැනද. යූ එන් පී හරි ජේ වී පී හරි ගැතිකමට ඔච්චරම කඩේ යන්න එපා. ලැජ්ජයි (නි)
රටේ නීතියට ගිහින් තියෙන්නෙත් කොහෙටද දැන්.(හේ)
විමල් අයියට මොකද වුනේ.(හේ)
මෙහෙම බැලුවාම වැරදි කරලා දිනන පැත්තට පනින අයට දඩුවම් දෙන්නේ නැත්තේ මොකද? (හේ)
දැන් ඉතිං ඉවරයි.(හේ)
එතකොට හිටපු උප ඇමති, සභාපතිලා ඒ ගොල්ලෝ සුදනෝ? මේවා දේශපාලන පළිගැනීම් බව පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා. මේවා කරන්න කරන්න ආණ්ඩුව තව තව පිරිහෙනවා කියන එක මුණ නොතේරෙන එකනේ පුදුමේ. (බ)
මිලින්ද, ඔයාගේ අම්මට ඩිජිටල් කරලා මුසම්මිල් වාහනයක් දුන්නේ නැද්ද. (බ)
මේවා දේශපාලන පළිගැනීම් බව පොඩි ළමයෙකුට වුනත් තේරෙනවා. මේවා කරන්න කරන්න ආණ්ඩුව තව තව පිරිහෙනවා කියන එක මුන්ට නොතේරෙන එකනේ පුදුමේ. (බ)
දහම් එතකොට අර වැරදි තොරතුරු සහිත පාස්පෝට් ගත්තේ අපිද? නිකන් කුලියට කහින්න එපා. (බ)
මෙය දුන්න වාහන පාවිච්චි කළ ඉත්තෑකන්දේ හාමුදුරුවෝ පේන්න නැ .සමහරවිට උද්ගොෂණයකට සැරසෙනවා ඇති ! (බ)
දහම් කියන කෙනා , කවුරු හරි ගමේ කෙහෙල් කැනක් හොරකම් කළත් කියාවි දේශපාලන පළිගැනීමක් කියලා ! (බ)
ඔන්න තවත් දේශපාලන සුදුසුකමක් ලබා ගත්තා එහෙනම්.(හේ)