IMG-LOGO

විමල් - ගම්මන්පිල ඉවත් කිරීම ප්‍රතිපත්තිමය තීරණයක්

(යොහාන් භාසුර)

විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එය ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ තනි තීරණයක් නොවන බවත් ප්‍රවාහන කැබිනට්  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (4) පස්වරුවේ පැවසීය.

එම හිටපු අමාත්‍යවරු ආමාත්‍ය ධූරවල කටයුතු කරමින් ජනාධිපතිවරා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියයට පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කී අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එම තීරණය ඔවුන් දෙදෙනාට පමණක් එරෙහිව ගත් තීරණයක් නොව මීට පෙර සිසුල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට එරෙහිව ද ක්‍රියාත්මක කළ බව සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව පිහිටුවීමේ අදාල හිටපු අමාත්‍යවරු දෙදෙනා කළ සේවයේ ගෞරවය එසේම පවතින අතරම ඔවුන් අමාත්‍ය ධූරවලින් ඉවත්කිරීම පිළිබඳව සතුටක් නොමැති බවත් ඔවුන් මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත්ව නොමැති බවත් අමාත්‍ය අමුණුගම මහතා කීය.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් පසුගියදා පැවත්වූ සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනා මාලාව යෝජනාවකට වඩා ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කිරීමක් බව කී අමුණුගම මහතා සඳහන් කළේය එම ප්‍රතිපත්ති මාලාව ඉදිරි ඡන්දයක් ඉලක්ක කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වැනි බවත්ය.

පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු එරෙහිව ද එම පක්‍ෂයේ විනය නීතිවලට අනුව ක්‍රියාත්මක වියයුතු බව ද අමාත්‍යවරයා කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රවාහන කැබිනට්  අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඉවත් කිරීමේ තීරණය ගැනීම සඳහා ජනාධිපතිවරයා සියලු දෙනා රැස්කළ බවත් එම රැස්වීමට අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරරු සහභගා වූ බවත් සියලු දෙනාගේ අදහස් ලබාගෙන ජනාධිපතිවරයාට ඇති බලතල අනුව එම ඉවත්කිරීම ක්‍රියාත්මක කළ බවත්ය.

බලශක්ති අමාත්‍යවරයා උදය ගම්මන්පිල මහතා සිය අමාත්‍ය ධූරයේ කටයුතු නිසි ලෙස ඉටුනොකරමින් අදාල නැති විෂයන් පිළිබඳව අදහස් ප්‍රකාශ කළ බව කී රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ගම්මන්පිල මහතා මාධ්‍යයට කළ ප්‍රකාශ ජනතාව කළබල වී දිගු පෝලිම් නිර්මාණය වීම දක්වා වන වර්තමාන බලශක්ති අර්බුදයට හේතු වූ බව ද සඳහන් කළේය. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (6)

විමල් - ගම්මන්පිල ඉවත් කිරීම ප්‍රතිපත්තිමය තීරණයක්

Jcn Friday, 04 March 2022 07:03 PM

තෙල් පෝලිම් දිග්ගැස්සුනේ ගම්මන්පිලගේ කතාව නිසා.. ඔව්, ඒක ඇත්ත.. තෙල්නැතුව නොවේ මගේ ආදරණීය වහල්ලුනේ..!

:       1       16

mp Saturday, 05 March 2022 04:35 AM

ඇත්ත කතා කරත් නැතත් මිනිස්සු දන්නවා. ඇත්ත කතා කළාම පළිගැනීම ප්‍රතිපත්තියක් වෙන්නේ කොහොමද?

:       0       2

Saman Saturday, 05 March 2022 07:28 AM

බල ශක්ති ඇමති හැටියට එතුමා අසමත්. රට තුළ ඉන්ධන පෝලිම් ඇති කිරීමේ වගකීම එතුමා බාරගත යුතුයි. බල ශක්තිය යනු රටක හදවත... වෙන රටක නම් මීට ගොඩක් කළින් එතුමා අස්කරලා...! 

:       2       1

siri Saturday, 05 March 2022 12:46 PM

හොඳ ප්‍රතිපත්තිමය තීරණයක් ආණ්ඩුව බලේට ගේන්න වෙහෙසුන අය එළියට දාලා එජාපයෙන් අපු අයට මුල්තැන දෙන එක...!!!

:       0       3

වර්නන් Saturday, 05 March 2022 02:30 PM

මේ තරම් මෝඩ උත්තරයක් ලබාදීමෙන් මොවුන්ගේ මෝඩකමද දක්වා ඇත...

:       0       1

Shan Saturday, 05 March 2022 02:52 PM

නිකන් මයික් ඉස්සරහට ඇවිල්ලා තප්පුලන්න එපා හලෝ... ප්‍රතිපත්තීමය තීරණ ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්ට... හොඳට ඉන්නතතත නැතිනම් තමුන්ටත් ඔය ටිකම තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 460 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site