නව මැතිවරණ ක්‍රමයක් හඳුනවා දෙන 20 වැනි ආණ්ඩ්‍රුකම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට වාමාංශීක පක්ෂ තීරණය කර තිබේ.
පවතින මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට ගෙන එන කේවල හා අනුපාත මිශ්‍ර ක්‍රමයට තම සහය දෙන බව වාමාංශික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර සහ ප්‍රජාත්‍රන්තවාදී වාමාංශීක පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානයක්කාර යන මහත්වරු මාධ්‍ය හමුවක් පවත්වමින් අද (08) පෙරවරුවේ පැවසුහ.
කොළඹ 08 , බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවති මෙම මාධ්‍ය හමුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාද සහභාගී විය.
වැදගත් ඓතිහාසික අවස්ථාවක් ලෙස සළකා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදි ඡන්දය දෙන බව ඔවුහු පැවසුහ.
වාසුදේව නානයක්කාර හා ඩිලාන් පෙරේරා මහත්වරුන් පැවසුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ද ඉදිරියට ගෙන යා යුතු බවයි.
විශ්වාසභංගය මඟින් අගමැතිවරයා ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බව ද ඔවුහු පැවසුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වමේ කියලා කියන්නේ කට්ටියට වැරදිලද? (ර)
පිටබැද්දර ජයා කියන දෙය 100% ඇත්ත. මේ රටේ මිනිස්සු ගොඩක් බුද්ධිමත්. (ර)
පිටබැද්දර ජයා හරි. පුලාරා වගේ අයට මේවා තේරුම් ගන්න අමාරුයි. (ර)
පිටබැද්දර ජයාගේ අදහස මමත් අනුමත කරනවා. (ර)
මෙහෙම එක එක වෙලාවට එක එක කතාවල් කියවෙන්නේ අර මොනවද ඇට කාපුවම ? (අ)
ගැටලුව ජනපති 20 ට වඩා අගමැතිට මනාප වේ (නදී)
දැන් ආණ්ඩුව පෙරලලා විස්ස අනුමත කරගෙන ලකුණු දාගන්න බැලුවාට ඔයාලා කරපු වැඩ අපිට මතකයි සර්. (නදී)
සේනට එච්චරමද මතක (ම)
අර වාසුට යාන්තම් හරි දැන් බුද්ධිය එවිල්ල වගේ. අනේ පව්.(ම)
වැල්ලේ මාළිගා (නදී)
ඉස්සර ආසන ක්‍රමය තුල එක නියෝජිතයයි. ඔහු ඉන්නෙත් අගනුවර එන්නේ සති අන්තයේ බොහොම අඩුවෙනුයි වැඩ කෙරෙන්නේ. මනාප ක්‍රමය ආවාට පසු කිහිප දෙනෙක් මනාපය ගන්න තරගයක්, ගොඩක් වැඩි උනා. අතුරු පාරවල් වලට තාර,විදුලිය,ජලය, ටෙලිපෝන් ගම දියුණු වුනා. ඒ වගේම ආසනයක් දිනා ගන්න බැරිව තුවක්කු තියන් කැලේ දේශපාලනය කරපු අය තුවක්කු අත ඇරලා පාර්ලිමේන්තු ආවා. ආයේ කොහේද යන්න හදන්නේ? (නදී)
මෙයාල මුලින් දන්නා සෙල්ලම් සියල්ල දැම්මා මෙයාලට ඕන විදියට මෛත්‍රී ජනපති තුමන් වටේ යවන්න බැරි උනා. මොකද එතුමා දේශපාලන වශයෙන් හොඳට තෙම්පරාදු වෙලා හිටියේ. මෙයාල හිතුවට වඩා ප්‍රඥාවන්ත උනා. පස්සේ බැලුවා ආණ්ඩුව අස්ථාවර කරන්න. උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ රැයක් ගතකරමින් විස්කි බ්‍රැන්ඩි බිවා, බූරු ගැහුවා , සින්දු කිවා, ඩාන්ස් කළා. අගමැති තුමාගේ පුටුවේ වාඩි වෙලා එතුමාව අනුකරණය කළා. තව අගමැති තුමාට නව නිලයකුත් දුන්නා. මේ මොනවා කලත් ජනපති තුමා බුද්දිමත් උනා 19 වැඩි ඡන්දෙන් සම්මත කරගන්න. 20 එහෙමත් එ්කත් සම්මත කරගන්නවා. එ්කට විරුද්ද උනොත් දන්නවා මෙයාල අනාතයි කියලා. මේ හැමෝගෙම නාස් ලනුව තියෙන්නේ ජනපති තුමන් අතෙයි. අදින පැත්තට හැරෙනවා ඇරෙන්න මෙයාලට කරගන දෙයක් නැහැ. 20 සම්මත කරගත්තට පස්සේ ආණ්ඩුව විසුරුවල මහා ඡන්දෙකට යනවා එතකොට විස්වාස බංග මොකටද ? මීළඟ මහා මැතිවරණයේදී මෙයාලට අත් වෙන ඉරනම නම් අති සෝචනීයයි. (නදී)
ඩිලාන් පෙරේරා මහතාගේ පියා මෙම රජය යටතේ සබරගමු පළාත් ආණ්ඩු කාර ධුරය දැරීම සදාචාරාත්මකද ? (නදී)
විරුද්ධ වුණොත් මෙයාල අනාතයි මීළඟ මහා මැතිවරණයේදී මෙයාලට අත් වෙන ඉරනම නම් අති සෝචනීයයි (ම)
පිටබැද්දර ජයා කියන්නෙත් තවත් පුදුම චරිතයක්. බුද්ධිය කාර්පට් නොකළ පාරක අනතුරක් වෙලා. මේ බුද්ධිමතා කියනවා වරද මාර්ග කාර්පට් කළ එකලු. එතරම්ම දේශපාලන රෝගියෙක්. ප්‍රතිපලය සැමදාම කෝපයෙන් පිපිරෙමින් ජීවත්වීම. ඔබට ඉක්මනින් නිරෝගී සුවය පතමි. (ම)
ලබු සහ වට්ටක්ක එකතු වෙලා වගේ , මෙයාලට ඊලඟ ඡන්දෙදි වෙන දේ එයාලවත් දන්නේ නැහැ (ම)