(නිමල කොඩිතුවක්කු)
ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවල විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.
ජාතික විභාග කටයුතු සඳහා විභාග ශාලාවලට හමුදා නිලධාරීන් හෝ අධ්‍යාපන ක්ෂේත්රයෙන් පරිබාහිර වෙනත් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි විරෝධය පළ කරන බවත් එම තීරණය වහා නතර කරන ලෙසට විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.
එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේදී විභාග වංචා වැළැක්වීමට යයි පවසා මෙසේ විභාග ශාලාවලට විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් මේ වන විට එම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මෙතෙක් විභාග කටයුතු සිදු කරන ලද්දේ මනා පුහුණුවකින් හා පළපුරුද්දකින් යුතු ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් බැවින් එම නිලධාරීන් සිටියදී බාහිර පුද්ගලයන් විභාග කටයුතුවල යෙදවීමෙන් විභාග අක්‍රමිකතා වැළැක්වීමක් නොව ජාතික විභාග කටයුතු මිලිටරිකරණය කිරීමක් සිදු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
එසේම හමුදා නිලධාරීන් විභාග ශාලාවල යෙදවීමෙන් නිදහස් මානසික තත්වයෙන් යුතුව විභාග අපේක්ෂකයන්ට විභාගයට මුහුණදීමට අවස්ථාව අහිමි වන බවද ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොල්දාදුවන් යොදවලා විභාග පවත්වන එක හරියට තුවක්කු, පිස්තෝල පෙන්නලා බය කරලා විභාගෙට උත්තර ලියන්න කියනවා වගේ තකතීරු වැඩක්...
හමුදා නිලධාරීන් හොඳයි යුද්ධයට.. එහෙම නැතුව විභාග අධීක්ෂණය කරන්න ඒ අය කවුද..? මේ ආණ්ඩුවේ ඉන්නේ විකාර කාරයෝ වගයක්...
ටියුෂන් මාෆියාව විභාග මධ්‍යස්ථාන වලටත් රිංගලා වගේ. ළමයින්ගේ ළමා කාලයෙන් වැඩි කොටසක් ටියුෂන්. තමන් පවත්වන පන්තිවලට නොපැමිණෙන සිසුන් අඩු ලකුණු දීම, පන්තියේදී කොන්කිරීම වගේ දේවල් කරලා ළමයින් මානසිකව වට්ටලා දැන් විභාග මධ්‍යස්ථානත් ආක්‍රමණය කරලා වගේ.
හමුදා ඇඳුමින් නැතුව සිවිල් ඇඳුමින් ඉන්නවා නම් ආයුධ අරන් නැත්නම් විභාග නිරීක්ෂකයෙකු ලෙස සිටියා කියලා වරදක් නෑ. අයදුම්කරුවන්ගේ මානසික මට්ටම ගැන කතා කරන මේ පුද්ගලයා වැඩ වර්ජන කරන කොට ළමයින්ගේ මානසික මට්ටම ගැන හිතුවාද?
අනේ මන්දා කාටවත් සිංහල හරියට තේරුම්ගන්න බැරි හැටි. විශ්‍රාමික හමුදා නිලදාරින්වයි මේ කටයුතුවලට යොදවාගන්නේ. මෙයාලා නිල ඇදුම් ඇදගෙන ආයුධ අරන් එන කට්ටියක් නෙමෙයි. සිවිල් ඇදුමින් එන විනයානුකූලව හැදුනු පිරිසක්. රැකියාවේ මොන අපහසුතා තිබුනත් කවමදාවත් උද්ඝෝෂණ නොකරපු පිරිසක්, විශ්‍රාමික කිවුවාට මෙයාලා හැට පසු වෙලා විශ්‍රාම ගිය අය නෙමෙයි, වසර වීසි දෙකක හමුදා සේවය නිමකර ගිය අය. අවුරුදු දහ අටෙන් හමුදාවට ගිය අයෙකු නම් , අවුරුදු හතලිහකින් විශ්‍රාම යාහැකියි.
ඉස්සර රජ්ජුරුවොයි, මල්ලිලයි, හමුදා නිලධාරීන් වළං හෝදන්නත් යොදා ගත්තු නිසා මේ ලොක්කොත් හිතන්න ඇති විභාග අධීක්ෂණය කරන්නත් යොදා ගත්තට කමක් නැහැ කියලා.
මම ගුරුවරයෙක්... අවුරුදු 20ක් පමණම මම විභාග පරීක්ෂක වරයෙක් වගේ සේවයකළා. දැන් මේ අය අපි ගැන විශ්වාසයක් නැතිනිසා වෙන්න ඇති හමුදාවෙන් ගෙන්නන්න යන්නේ... එහෙම වුණොත් විභාග පරීක්ෂාවට අපි නැහැ. අපි අපේ වෘත්තියට බොහෝ ගරුකරනවා. ඒ විතරක් නොවෙයි " විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂාවටත් " ඔය 8 පාස් ආමි කාරයන්ම ගන්න කියලා විභාග කොමසාරිස්ගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්න ශාලධිපතිත් ටොක් ටොක් ගගා එහාට මෙහාට යනකොට හමුදාවේ අය දැම්මාම හොඳට හිටීවි...
මේ අය හිතාගෙන ඉන්නේ හමුදාවේ ඉන්නේ හරක් කියලද? ඉස්කෝලවල ඉන්න ටීචර්ලාට වැඩ හමුදා නිලදරිනේ උගත්, බුද්ධිමත්, හොඳ විනයක් තියෙනවා. ඔය කියන කෑගහන අය එයාලගේ ජොබ් එක නැති වෙයි කියලා දැන් බයෙන් ඉන්නේ...