රංජන් කස්තුරි
වීන තාක්ෂණ උපකරණ භාවිතා කර සිදු කරන විභාග වංචා වැළැක්වීමට ගත යුතු පියවර නිර්දේශ කිරිම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට අද (28) උපදෙස් ලබා දුන්නේය.
එම විශේෂඥ කමිටුව මගින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරිමටත් විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වන සිසුන් පරික්ෂා කිරිමට තාක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරිම පිළිබඳවත් සොයාබලන ලෙසද ඇමැතිවරයා උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා ඔය කමිටුව දාල විසඳුම් හොයනකොට ලෝකේ තවත් අලුත් තාක්ෂණ බිහිවෙලා. ඒක නිසා ඔය කමිටුවෙන් වැඩක් වෙයිද කියලනම් සැක සහිතයි.
අපරාදේ සම්පත් නාස්ති නොකර, සැකයෙන් තොරව අහුවෙච්ච පළවෙනි කෙනා සහ ඊට අනුබල දුන්න අය සදාකාලිකවම හිරේ යවන්න. ප්රශ්නය එතනින් ඉවර කරන්න පුළුවන්. අනිකුත් සෑම වංචාවකටම, හොරකමකටම කළ යුත්තේ එයයි. හැබැයි හැමෝටම එක විදිහට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ.
ඇමැතිතුමා, ඔය විභාග, වංචා කියන දේ පසුගිය අවුරුදු 40/50 පුරාවටම සිදු වුණා. ඕකට ප්‍රධාන හේතුව නම්, රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා විරල වීමයි. මෙය හරියට අහාර වර්ග, සලාක ක්‍රමයට බෙදන්නට පටන් ගත් විට, මිනිසුන් කළුකඩ වලින් අහාර මිල දී ගැනීම වැනියි. කල යුත්තේ, රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා බහුල කිරීමයි. අද රටේ ඉල්ලුමට පරිදි තව විශ්ව විද්‍යාල 10-15 වත් අවශ්‍යයි. එය කිරීමට රාජ්‍ය බදු මුදල් ප්‍රමාණවත් නැති නම්, පුද්ගලික අංශයට විශ්ව විද්‍යාල ඇරඹීමට සියලු පහසුකම් සැලැස්විය යුතුයි. මෙහිදී සමහරෙක් නගන තර්කයක් නම්, පුද්ගලික ආයතන වල පිරිවැය සැමට දැරිය නොහැකි යන්නයි. යථාර්තය නම්, ආයතන ආරම්භ කිරීමේ පිරිවැය දිනෙන් දිනම වැඩි වන අතර, මේ ආයතන මීට අවුරුදු 40-50 කට පෙර ආරම්භ කරන්නට ඉඩ දුන්නා නම්, අද බොහෝ දෙනෙකුට ඒවායින් තමන්ට අවශ්‍ය අධ්‍යාපනය, තමන්ට දැරිය හැකි වියදමකින් ලබා ගැනීමට තිබුණා.