(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන ධූමායනය කිරීමට අවශ්‍ය පිවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ දිනවල ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර ධූමායනය කරවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
මෙවර අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මස හය වැනි දා සිට සැප්තැම්බර් මස පළමු වැනි දා දක්වා පැවැත්වෙන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස පස් වැනි දා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුම් ගහන එකෙන් වැඩක් නැහැ. අපේ ගෙදර හතර වටේටම දුම් ගැහුවත් රාත්‍රියට මදුරු දැලක් දැම්මේ නැත්නම් මදුරුවෝ කනවා. මදුරු කොයිල් කිහිපයක් පත්තු කරලා තියන එක ඊට වඩා ප්‍රතිඵලදායකයි.
අනේ මෙහෙමත් මිනිස්සු! ඩෙංගු වළක්වන්න නම් පාසල අවට හොඳින් සුද්ධ පවිත්රකර වැහි ජලය රැඳෙන ස්ථාන අවහිර කරන්න. එවිට මදුරුවෝ බෝවෙන්නේ නැහැ. ඒවා නොකර දුම්ගහනවා කියන්නේ වක්කඩේ හකුරු හංගනවා වගේ වැඩක්...
මේක නම් හොඳ තීරණයක්.. අවුරුදු දෙකක් දෙකහමාරක් දුක්විඳලා විභාගයට ලියන්න සැරසෙන ළමයින්ට තමන්ගේ කටයුතු සාර්ථතකව නිම කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන එක අගේකළ යුතු කාර්යයක්...