කියුබාවේ හිටපු විප්ලවීය නායකයකු වූ මිය ගිය ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් ශෝක සටහන් තැබීමේ අවස්ථාවක් කොළඹ තිඹිරිගස්යායේ කියුබා තානාපති කාර්යාලයේ දී අද(28) පැවැත්විණි.
පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයෝ ද එහි පැමිණ කියුබා රාජ්‍ය නායකයා වෙනුවෙන් තම ශෝක සටහන් එකතු කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදෙල් කස්ත්‍රෝලා, චේ ගුවේරලා අපේ දේශපාලුවන්ට සිහින ලෝකයේ වීරයෝ පමණයි. කස්ත්‍රෝ 1959 සිට 2006 දක්වා බලයේ හිටියත්, චේ ජීවත්ව සිටි කාලයේවත් කිසිදාක බඩ ඉදිරියට නෙරා ආවේ නැහැ. ඒ තරමට ඒ උත්තමයෝ ජනතාව වෙනුවෙන් වෙහෙසුණා. ඒකට අපේ "කස්තුරි" ලා. අතපය වැඩ කරලත් නැහැ ඔලුව වැඩ කරලත් නැහැ. බඩ විතරයි අවදියෙන් ඉඳලා තියෙන්නේ. (නි)
අත්සන් කරන අය අතරේ හරියටම කස්ත්‍රෝගේ නිවුන් සහෝදරයෙක් වගේ කෙනෙකුත් ඉන්නවනේ (නි)
කස්ත්‍රෝගේ අභාවයත් තමුන්ගේ ආභරණයක් කරගන්න සමහරු සූදානම් වගෙයි (නි)
බන්දුලගේ කතාව හරි. පොඩි වෙනසකට තියෙන්නේ අර නිවුන් සහෝදරයාගේ දරුවෝ අධිරාජ්‍යවාදී ඇමෙරිකාවේ ජීවත්වෙන එක විතරයි. (නි)
'කියුබාවට අත නොතබනු' යන්න කියුබාවට වඩා කිලෝමීටර් දසදහස් ගණන් දුරකින් සිටි අප ලවා කියවන්න තරම් ලොව පිළිගත් නායකයෙක් මෙතුමා. මෙතුමා කිසිදාක රටේ සම්පත් හොරකම් කල නායකයෙක් නොවෙයි.(හේ)
නැතුව , නැතුව..ජනතාවගේ ගැලවීම වෙනුවෙන් යන්න එපාය. නියම විප්ලවකාරයෝ ටික..(හේ)
අපුරු විප්ලව වාදියෝ ටිකනේ අැවිත් තියෙන්නේ (හේ)
එඩිතර, ආදර්ශමත්, දේශප්‍රේමී විප්ලවීය නායකයෙක් වන මෙතුමා ගැන සොයා බලා ඒ ජිවිත කතාව හදාරන්න . කාටත් ඉතා හොඳ අධ්‍යාපනයක් වේවි (බ)
මම දන්නා තරමට හොර තක්කඩියන් රැකීම කස්ත්‍රෝ ප්‍රතිපත්ති වල නැහැ. මේ නායකයා බටහිරට බොරුවට බැන වැදිමින් තමන්ගේ දරුවන්ට උගන්වන්න බටහිරට එව්වේ නැහැ (නි)
අනේ මෙතන ඉන්න සමහරු දන්නා කියුබා විප්ලවය! (නි)
ෆිදෙල් කස්ත්‍රෝ හොඳට විප්ලය කළා. හොරකම් කළේ නැහැ. මෙතන ඇවිල්ල ඉන්න මිනිසුන්ගේ කිසිම දේශප්‍රේමීකමක් දකින්නේ නැහැ මට නම්. අපි පාර්ලිමේන්තු යවලා තියෙන්නේ රට සහ ලෝකය පිළිබඳ කිසිම් අවබෝධයක් නැති මිනිස්සු. (නි)