අරනායක සාමසර කන්ද පසුගිය අඟහරුවදා (17) සවස නාය යෑමෙන් පසු එම ස්ථානය බැලීමට සෑහෙන පිරිසක් ආහ. හෝටන් තැන්න බැලීමට යන ආකාරයට නඩ පිටින් ඉතා දුර බැහැර පැතිවල සිට මහා ජන ගඟක් ආහ.
කඳු පාමුල මඩවලට අඩක් යට වුණු ත්‍රීරෝද රියක් විය. සිකුරාදා (20) වන තුරු එම ත්‍රීරෝද රිය අසලට යෑමට නොහැකි වූයේ දණකටත් වඩා මඩේ එරෙන බැවිණි.
සෙනසුරාදා (21) වන විට මඩ යන්තම් වියලී තිබුණු අතර කන්ද නාය යෑම බැලීමට ආ පිරිස් එම ඉසව්වට ගොස් ඡායාරූප ගන්නා අයුරු දක්නට ලැබිණි.
ඇතැමුන් මඩේ එරී තිබූ ත්‍රීරෝද රිය උඩට නැග සෙල්ෆි ඡායාරූප ගත්හ.
ඒ ගැන ෆේස්බුක්හි මෙසේ කවියක් පළ කර තිබිණි.
පපුතුරේ රඳවාන ගමම අමු සොහොනක්ව
සාමසර කන්ද වුව සුසුම්ලයි හද තෙත්ව
කාගෙ වුව රෝද තුන ඇතැමෙකුට මිහිරක්ය
සුසානය මත හිඳින පණ ගැහෙන මිනියක්ය...
(බිඟුන් මේනක ගමගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝද තුනක් දැකල මෙහෙම නම් ගුවන් යානයක් මේ වගේ. තිබුනානම් කට්ටිය පෝලිමේ ඉදියි සෙල්ෆි ගහන්න , මඩේ ළඟින තාරාවන්. නාවන්නද මං (අ)
අලුතින් බිහිවෙලා ඉන්නවා කරදරයක් වුණාම පොටෝ ගහන මෝඩ මිනිස්සු (අ)
අපේ මිනිස්සුන්ගේ මානසික තත්වය.මෙයට ප්‍රධාන හේතුව බුද්ධාගම සිත්තුල පිරිහීමයි. (බ)
අලුත් පරම්පරාවේ අය ආගමෙන් දහමෙන් ඇත් වෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. සංවේදී කරුණාබර හදවතක් දුකේදී උණුවන හදවතක් නැතිකමේ ප්‍රතිපලයක් තමයි මේ. (ර)
අනුන්ගේ වේදනාව නොදන්නා නරුම තරුණයනුත් අප අතරේ ඉන්නවා. (ම)
ඇතැම් මිනිසුන්ද සහනාධාර බෙදන අතර සෙල්ෆි ගසමින් ඔවුන් මහා සත්කාරයක් කරන බව මුහුණු පොතට ඇතුළත් කිරීමට මහන්සි වූහ. තමා නායගිය ප්‍රදේශයේ ජනතාව බැලීමට ආ බව අනුන්ට පෙන්නීමට ගන්නා ලද එක් උත්සාහයකි ඒ. අනුන්ට පෙනීමට හොඳකිරීම එයින් විදහාපායි. නමුත් මාධ්‍යයන් තුළින් එකිනෙකාට දෙවෙනි නොවන සේ සහනාධාර බෙදීමේ කර්තව්‍යයට නම් ප්‍රශංසා කළයුතුය. (නි)
අනේ අනේ මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු! (නි)
කොපමණ දම් දෙසුවත් ඒ අනුව යන කෙනෙක් නම් නැත පරි හානියක තරම... මුතු ඇටයේ මිනිසුන්ට මොකද උනේ... (ර)
අනේ මෙහෙමත් මිනිස්සු. අනුන්ගේ දුක සතුටක් වෙලා විනෝදයක් වෙලා. (ර)
මෙහෙමත් මිනිස්සු.(හේ)
දැන් කාලේ ඉන්න අය බලන් ඉන්නේ තව එකෙක්ට වරදිනකම්වෙ එ්කෙනුත් අාතල් එකක් ගන්න. ජාතියක් ජන්මයක් නැති අය... මෙහෙමත් අය මේ රටේ ඉන්නවානේ (බ)
දැන් මේක කලාවක් වෙලා.(හේ)
එක්කෝ ඔයවගේ තැන්වලට යද්දී කවුරුහරි උපදෙස් දෙන්න ඕනේ සෙල්ෆි ගැනීමෙන් වලකින්න කියලා.(හේ)
මෝඩකමට බෙහෙත් නැහැනේ (බ)
සුසානය මත හිඳින පණ ගැහෙන මිනියක්ය... හ්ම්ම් හරියටම හරි. (බ)
පින්තුරයක් ගන්න එක වරදක් වෙන්නේ කොහොමද.(ම)
හිස් මිනිසුනේ මොකක්ද මේ ලබන සතුටේ තේරුම? (බ)
බල්ලන්ගේ පැටව් සැම විටම බුරති, අලියන්ගේ පැටව් සැම විටම කුන්ච නාද කරති , මෙයත් එසේ මය (බ)
අපේ අයට පුදුම ලෙඩක්නේ හැදිලා තියෙන්නේ (හේ)
මේ සතුටු වෙන්න කාලයක් නෙමෙයි.(හේ)
අපෝ දැන් අලුතින් බිහිවෙලා ඉන්නවා කරදරයක් වුනාම එ්ක බලන්න එන මිනිස්සු. මම කොටිකාවත්තේදී දැක්කා පොටෝ ගහ ගහ බෝට්ටු වලට ආධාර දෙන උදවිය . අනේ මන්දා (හෙ)
අනාථයන්ගේ දේපල කොල්ලකන තව කෙනෙකුගේ දුකක් සතුටට පෙරලාගන්න අමුතුම ජීවින් කොට්ඨාශයක් ජීවත් වෙන ලෝකයේ එකම රට ඇත්තටම අපි හැමෝම ලජ්ජා විය යුතුයි (බ)
මේ දේවල් දකින කොට ගොඩක් දුකයි.(හේ)
අපිටත් හමුවුනා කොලොන්නාවේදී මේ වගේ පිස්සෝ.කිසි කෙනෙකුට උපකාරයක් නම් කරනවා පෙනුනේ නැහැ.බෝට්ටුවල නැගිලා පොටෝ ගනිමින් යනවනම් පෙනුනා.(හේ)
අනුන්ගේ දුක විහිළු වෙලා. (ර)