IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


විපතත් සතුටට පෙරළාගෙන

අරනායක සාමසර කන්ද පසුගිය අඟහරුවදා (17) සවස නාය යෑමෙන් පසු එම ස්ථානය බැලීමට සෑහෙන පිරිසක් ආහ. හෝටන් තැන්න බැලීමට යන ආකාරයට නඩ පිටින් ඉතා දුර බැහැර පැතිවල සිට මහා ජන ගඟක් ආහ.

කඳු පාමුල මඩවලට අඩක් යට වුණු ත්‍රීරෝද රියක් විය. සිකුරාදා (20) වන තුරු එම ත්‍රීරෝද රිය අසලට යෑමට නොහැකි වූයේ දණකටත් වඩා මඩේ එරෙන බැවිණි.

සෙනසුරාදා (21) වන විට මඩ යන්තම් වියලී තිබුණු අතර කන්ද නාය යෑම බැලීමට ආ පිරිස් එම ඉසව්වට ගොස් ඡායාරූප ගන්නා අයුරු දක්නට ලැබිණි.

ඇතැමුන් මඩේ එරී තිබූ ත්‍රීරෝද රිය උඩට නැග සෙල්ෆි ඡායාරූප ගත්හ.

ඒ ගැන ෆේස්බුක්හි මෙසේ කවියක් පළ කර තිබිණි.

පපුතුරේ රඳවාන ගමම අමු සොහොනක්ව
සාමසර කන්ද වුව සුසුම්ලයි හද තෙත්ව
කාගෙ වුව රෝද තුන ඇතැමෙකුට මිහිරක්ය
සුසානය මත හිඳින පණ ගැහෙන මිනියක්ය...

(බිඟුන් මේනක ගමගේ)

DSC_2604-copy

DSC_2576-copy



අදහස් (0)

විපතත් සතුටට පෙරළාගෙන

චතුරි Monday, 23 May 2016 10:08 AM

රෝද තුනක් දැකල මෙහෙම නම් ගුවන් යානයක් මේ වගේ. තිබුනානම් කට්ටිය පෝලිමේ ඉදියි සෙල්ෆි ගහන්න , මඩේ ළඟින තාරාවන්. නාවන්නද මං (අ)

:       0       0

අශෝක Monday, 23 May 2016 10:16 AM

අලුතින් බිහිවෙලා ඉන්නවා කරදරයක් වුණාම පොටෝ ගහන මෝඩ මිනිස්සු (අ)

:       0       0

ලංකාසිරි Monday, 23 May 2016 10:38 AM

අපේ මිනිස්සුන්ගේ මානසික තත්වය.මෙයට ප්‍රධාන හේතුව බුද්ධාගම සිත්තුල පිරිහීමයි. (බ)

:       0       0

කෝලිත Monday, 23 May 2016 10:51 AM

අලුත් පරම්පරාවේ අය ආගමෙන් දහමෙන් ඇත් වෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. සංවේදී කරුණාබර හදවතක් දුකේදී උණුවන හදවතක් නැතිකමේ ප්‍රතිපලයක් තමයි මේ. (ර)

:       0       0

කුමාර Wednesday, 08 June 2016 08:11 AM

අනුන්ගේ වේදනාව නොදන්නා නරුම තරුණයනුත් අප අතරේ ඉන්නවා. (ම)

:       0       0

මලික් Monday, 23 May 2016 07:08 PM

ඇතැම් මිනිසුන්ද සහනාධාර බෙදන අතර සෙල්ෆි ගසමින් ඔවුන් මහා සත්කාරයක් කරන බව මුහුණු පොතට ඇතුළත් කිරීමට මහන්සි වූහ. තමා නායගිය ප්‍රදේශයේ ජනතාව බැලීමට ආ බව අනුන්ට පෙන්නීමට ගන්නා ලද එක් උත්සාහයකි ඒ. අනුන්ට පෙනීමට හොඳකිරීම එයින් විදහාපායි. නමුත් මාධ්‍යයන් තුළින් එකිනෙකාට දෙවෙනි නොවන සේ සහනාධාර බෙදීමේ කර්තව්‍යයට නම් ප්‍රශංසා කළයුතුය. (නි)

:       0       0

රුවන් Monday, 23 May 2016 07:55 PM

අනේ අනේ මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු! (නි)

:       0       0

තිස්ස හෝමාගම Monday, 23 May 2016 11:38 AM

කොපමණ දම් දෙසුවත් ඒ අනුව යන කෙනෙක් නම් නැත පරි හානියක තරම... මුතු ඇටයේ මිනිසුන්ට මොකද උනේ... (ර)

:       0       0

ලසිත් Monday, 23 May 2016 12:15 PM

අනේ මෙහෙමත් මිනිස්සු. අනුන්ගේ දුක සතුටක් වෙලා විනෝදයක් වෙලා. (ර)

:       0       0

මාෂි Monday, 23 May 2016 07:32 AM

මෙහෙමත් මිනිස්සු.(හේ)

:       0       0

අලාම් Monday, 23 May 2016 02:05 PM

දැන් කාලේ ඉන්න අය බලන් ඉන්නේ තව එකෙක්ට වරදිනකම්වෙ එ්කෙනුත් අාතල් එකක් ගන්න. ජාතියක් ජන්මයක් නැති අය... මෙහෙමත් අය මේ රටේ ඉන්නවානේ (බ)

:       0       0

හිරාන් Monday, 23 May 2016 07:40 AM

දැන් මේක කලාවක් වෙලා.(හේ)

:       0       0

ඉසුරන්දි Monday, 23 May 2016 07:40 AM

එක්කෝ ඔයවගේ තැන්වලට යද්දී කවුරුහරි උපදෙස් දෙන්න ඕනේ සෙල්ෆි ගැනීමෙන් වලකින්න කියලා.(හේ)

:       0       0

සොපි Monday, 23 May 2016 02:26 PM

මෝඩකමට බෙහෙත් නැහැනේ (බ)

:       0       0

මනෝජ් Monday, 23 May 2016 08:02 AM

සුසානය මත හිඳින පණ ගැහෙන මිනියක්ය... හ්ම්ම් හරියටම හරි. (බ)

:       0       0

වජිර Tuesday, 24 May 2016 10:40 PM

පින්තුරයක් ගන්න එක වරදක් වෙන්නේ කොහොමද.(ම)

:       0       0

සුනිල් Monday, 23 May 2016 08:03 AM

හිස් මිනිසුනේ මොකක්ද මේ ලබන සතුටේ තේරුම? (බ)

:       0       0

සහන් Monday, 23 May 2016 02:40 PM

බල්ලන්ගේ පැටව් සැම විටම බුරති, අලියන්ගේ පැටව් සැම විටම කුන්ච නාද කරති , මෙයත් එසේ මය (බ)

:       0       0

රිස්වාන් Monday, 23 May 2016 08:38 AM

අපේ අයට පුදුම ලෙඩක්නේ හැදිලා තියෙන්නේ (හේ)

:       0       0

උපුල් Monday, 23 May 2016 08:36 AM

මේ සතුටු වෙන්න කාලයක් නෙමෙයි.(හේ)

:       0       0

උද්දික Monday, 23 May 2016 08:43 AM

අපෝ දැන් අලුතින් බිහිවෙලා ඉන්නවා කරදරයක් වුනාම එ්ක බලන්න එන මිනිස්සු. මම කොටිකාවත්තේදී දැක්කා පොටෝ ගහ ගහ බෝට්ටු වලට ආධාර දෙන උදවිය . අනේ මන්දා (හෙ)

:       0       0

රොහාන් දයාදර Tuesday, 24 May 2016 04:58 AM

අනාථයන්ගේ දේපල කොල්ලකන තව කෙනෙකුගේ දුකක් සතුටට පෙරලාගන්න අමුතුම ජීවින් කොට්ඨාශයක් ජීවත් වෙන ලෝකයේ එකම රට ඇත්තටම අපි හැමෝම ලජ්ජා විය යුතුයි (බ)

:       0       0

ගයාන් Monday, 23 May 2016 09:16 AM

මේ දේවල් දකින කොට ගොඩක් දුකයි.(හේ)

:       0       0

ශෂිකා Monday, 23 May 2016 09:28 AM

අපිටත් හමුවුනා කොලොන්නාවේදී මේ වගේ පිස්සෝ.කිසි කෙනෙකුට උපකාරයක් නම් කරනවා පෙනුනේ නැහැ.බෝට්ටුවල නැගිලා පොටෝ ගනිමින් යනවනම් පෙනුනා.(හේ)

:       0       0

සුමනා Monday, 23 May 2016 09:46 AM

අනුන්ගේ දුක විහිළු වෙලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site