IMG-LOGO

විපතට පත්වූවන්ට විදුලි බලෙන් සහනයක්

පසුගිය සමයේ ස්වභාවික විපත් නිසා මුළුමනින්ම විනාශ වූ නිවාස වල හිමිකරුවන් මෙතෙක් ගෙවීමට තිබූ විදුලි බිල්පත් ඔවුන්ගෙන් අය කර නොගැනීමටත් ආපදාවලට ලක්වූ නිවාස වල හිමිකරුවන්ට මැයි හා ජූනි මාස වල විදුලි බිල්පත් ගෙවීම සඳහා ජූලි මස සිට බලපැවැත්වෙන මාස දෙකක කාලසීමාවක් ලබාදීමටත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.

විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අදහසක් ගෙන ඇති මෙම තීරණය යටතේ විනාශයට පත්වූ නිසාව වලට නැවත විදුලි සබඳතාවය ලබාදීම, තාවකාලික රැඳවුම් කඳවුරු වලට මාස හයක කාලසීමාවකට නොමිලේ විදුලිය ලබාදීම, මැයි සහ ජූනි විදුලි බිල්පත් ජූලි මස සිට මාස හයක කාලයක් ඇතුළත වාරික හයකට බෙදා ගෙවීමට ආපදාවන්ට ලක්වූ කුඩා ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදීම, ආදී ලෙස සහන රැසක් ලබාදීමටද නියමිතය.



අදහස් (0)

විපතට පත්වූවන්ට විදුලි බලෙන් සහනයක්

දිසානායක Saturday, 04 June 2016 12:04 AM

වැරදි දේ විවේචනය කිරීමටත්, සුළු හෝ යහපත් දෙයක් පැසසුමට ලක්කිරීමටත් අමතක නොකළ යුතුය. මේ තීරණය හානියට පත් දේපල හිමි ජනතාවට යම් අස්වැසිල්ලක් වනු ඇත. (නි)

:       0       0

නිරෝෂා Saturday, 04 June 2016 06:00 AM

දැන් අපේ ගෙවල් වලට මාස 1,1/2 බිල් අවේ නෑ, පස්සේ ඇවිල්ලා වැඩි වුන ඒකක වලටත් ඒකක බිල ආවම ගෙවන්න ඕනේ අපිනේ ....(හේ)

:       0       0

ශාන සෞදි Saturday, 04 June 2016 06:19 AM

මෙම බිල්පත් ගෙවීමට කලින් මේ නිවාස අහිමිවුණ ජනතාවට නව නිවාස ලබාදීම හෝ නැත්නම් ඔවුන්ට නිවාස තනාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම පළමුව කළයුතුය. ඔවුන් ස්ථාවර පදිංචියක් ඇති කරගත්තාට පසු මැයි මස සිට එම මාසය දක්වා ඇති බිල් සාධාරන ආකාරයට කොටස් වශයෙන් මාස 12 කදී ඔවුන්ගේ නව පදිංචි නිවාස සඳහා ලබා දී ඇති විදුලි සැපයුමේ බිල් වලට එම කොටස් මාසිකව එක්කර අයකර ගැනීමට වහාම කටයුතු කළයුතුය (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 03 June 2016 06:06 PM

මාස දෙකක්? මට හිනාවෙන්න තැනක් නැහැ. ඇමති ගොල්ලන්ගේ බිල ලක්ෂ ගණන්. මේ අහිංසක මිනිසුන්ට එක ඇමතිවරයෙකුගේ බිලක් ප්‍රදානය කළා නම් මේ ඇමතිගොල්ලෝ තව්තිසා දිව්‍යලෝකේ උපදින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site