පසුගිය සමයේ ස්වභාවික විපත් නිසා මුළුමනින්ම විනාශ වූ නිවාස වල හිමිකරුවන් මෙතෙක් ගෙවීමට තිබූ විදුලි බිල්පත් ඔවුන්ගෙන් අය කර නොගැනීමටත් ආපදාවලට ලක්වූ නිවාස වල හිමිකරුවන්ට මැයි හා ජූනි මාස වල විදුලි බිල්පත් ගෙවීම සඳහා ජූලි මස සිට බලපැවැත්වෙන මාස දෙකක කාලසීමාවක් ලබාදීමටත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.
විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අදහසක් ගෙන ඇති මෙම තීරණය යටතේ විනාශයට පත්වූ නිසාව වලට නැවත විදුලි සබඳතාවය ලබාදීම, තාවකාලික රැඳවුම් කඳවුරු වලට මාස හයක කාලසීමාවකට නොමිලේ විදුලිය ලබාදීම, මැයි සහ ජූනි විදුලි බිල්පත් ජූලි මස සිට මාස හයක කාලයක් ඇතුළත වාරික හයකට බෙදා ගෙවීමට ආපදාවන්ට ලක්වූ කුඩා ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබාදීම, ආදී ලෙස සහන රැසක් ලබාදීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි දේ විවේචනය කිරීමටත්, සුළු හෝ යහපත් දෙයක් පැසසුමට ලක්කිරීමටත් අමතක නොකළ යුතුය. මේ තීරණය හානියට පත් දේපල හිමි ජනතාවට යම් අස්වැසිල්ලක් වනු ඇත. (නි)
දැන් අපේ ගෙවල් වලට මාස 1,1/2 බිල් අවේ නෑ, පස්සේ ඇවිල්ලා වැඩි වුන ඒකක වලටත් ඒකක බිල ආවම ගෙවන්න ඕනේ අපිනේ ....(හේ)
මෙම බිල්පත් ගෙවීමට කලින් මේ නිවාස අහිමිවුණ ජනතාවට නව නිවාස ලබාදීම හෝ නැත්නම් ඔවුන්ට නිවාස තනාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම පළමුව කළයුතුය. ඔවුන් ස්ථාවර පදිංචියක් ඇති කරගත්තාට පසු මැයි මස සිට එම මාසය දක්වා ඇති බිල් සාධාරන ආකාරයට කොටස් වශයෙන් මාස 12 කදී ඔවුන්ගේ නව පදිංචි නිවාස සඳහා ලබා දී ඇති විදුලි සැපයුමේ බිල් වලට එම කොටස් මාසිකව එක්කර අයකර ගැනීමට වහාම කටයුතු කළයුතුය (නි)
මාස දෙකක්? මට හිනාවෙන්න තැනක් නැහැ. ඇමති ගොල්ලන්ගේ බිල ලක්ෂ ගණන්. මේ අහිංසක මිනිසුන්ට එක ඇමතිවරයෙකුගේ බිලක් ප්‍රදානය කළා නම් මේ ඇමතිගොල්ලෝ තව්තිසා දිව්‍යලෝකේ උපදින්නේ (නි)