නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මරණයට පත්වූවන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් හා විනාශ වූ නිවෙස් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 25 බැගින් වන්දි ලබාදීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ස්වභාවික ආපදා සඳහා වූ ජාතික රක්‍ෂණාවරණ වැඩසටහන යටතේ මේ සඳහා මුදල් වෙන්කර ඇති කිසිම භේදයකින් තොරව විපත් සිදුවූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවද අමාතයවරයා සඳහන් කළේය.
විනාශයට පත් නිවාස ගණනය කිරීම ආරම්භ කිරීම සඳහා අදාළ චක‍්‍රලේඛය ප‍්‍රාදේශිය ලේකම්වරුන්ට හා දිසාපතිවරුන්ට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා සති දෙකක් තුළ එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නොදන්නා මොණරතැන්න! ඕක තමයි කියන්නේ කන්න පින තියෙනවා නම් ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කුස්සියටම එනවා කියලා (නි)
වන්දි කෙසේවෙතත් ඒ මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් හදල දෙන්න නිසි පිළිවෙලකට. (ර)
රක්ෂණ තියන තැන්වලට, වාහන වලට ඒවා ගෙවන්න එම ආයතන වලට රජයක් වශයෙන් අවශ්‍ය නීති පනවා කටයුතු කළයුතුයි. දැනට තියන වාර්තා අනුව රක්ෂණ ආයතන මඟඅරින බව පෙනෙන්න තියන කාරණයක්. ඒවා නැති අහිංසක ජනතාවට මුලුමනින්ම නිවාස අහිමිවුණ පිරිස් සහ අර්ධ වශයෙන් විනාශවුණ පිරිස් සොයාබලා නිවාස නැවත හදාගැනීමට හැකි මුදලකින් ආධාර කළයුතුයි. දැන් කාලේ ලක්ෂයකින් කරන්න පුළුවන් මොනවද? ඇමතිවරු ලක්ෂ 600 - 700 බෙන්ස් හොයන කාලේ ස්වභාව ධර්මය විසින් විනාශකළ නිසා දුප්පත් මිනිහට අඩුගානේ වැටිලා ඉන්න තැනක් සාදාදීම ඒ මිනිසුන්ගේ ඡන්දෙන් පත්වෙච්ච හුස්ම ගන්න බැරි විදියට ජනතාවට බදු ගහන මේ රජයේ යුතුකමක්. (නි)