අධික වැසි සහ නායයෑම් හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 15ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ස්වභාවික ආපදා සඳහා වූ ජාතික රක්‍ෂණාවරණ වැඩසටහන යටතේද රුපියල් කෝටි 2ක මුදලක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ක්‍ෂණික ආපදා සහන සේවා සැපයීමේදී රක්‍ෂණ ක‍්‍රමය යටතේ දැනට ආවරණය නොවන කාරණා සම්බන්ධයෙන් සහන සැලසීමට අතිරේක ප‍්‍රතිපාදන වෙන්කරවා ගැනීමට අමාත්‍ය අනුර යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
මේ අතර වැස්සෙන් හා ගංවතුරෙන් පීඩාවට පත්වූවනට සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බැවින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.
ජනපති හා අගමැති උපදෙස් පරිදි සහන සේවා කටයුතු සිදුකිරීමට රජය පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.
සහන කටයුතුවලදී ස්වදේශ අමාත්‍යංශයෙන් නිසි පරිදි සේවා ඉටු නොවන්නේ නම් 1905 අංකයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 15 කින් මොනවා කරන්නද? ජනතාව මේ වෙනකොට මීට වඩා වියදම් කරලා ඇති සහනාධාර වලට. අනෙක මෙතරම් කල් ගියේ ඇයි? (නි)
පීඩාවට පත් ජනතවට කඩිනමින් සහන සැලසිය යුතුය. (ර)
මේකත් සුනාමි ආධාර මෙන් හොරුන්ගේ අතට පත් නොවී සුදුස්සන්ටම ලැබේවා! (බ)
යුධ ජයග්‍රහණ සැමරුම් හා වෙසක් උත්සවය වෙනුවෙන් සුදානම් කරලා තියෙන රාජ්‍ය උත්සවවල වියදම් කපා දාල ඒ මුදල් අවතැන් වුවන්ට මුලික පහසුකම් සැලසීම සඳහා යොදවනවා නම් තවත් හොඳයි . (අ)
කෝටි 15..? රටේම විපතටපත් ජනතාවට සහන සලසන්න...? අර දියවන්නාවේ ඉන්න අයට ඩියුටි ෆ්‍රී කාර් වලට කියක් වෙන්කලාද...?(අ)
කෝටි 15ක්? අය්යෝ ඕකෙන් මොනවා කරන්න්නද? මේවට තමයි ආණ්ඩුවට වියදම් කරන්න බැරි. ලොකු උත්සව වලට නම් උඩ පැනගෙන දෙන්නේ. (බ)
මේකට මිලියන 150යි. ඒත් වාහන වලට? (නි)
මුළු රටටම කෝටි . අගමැතිට කාර් ගන්න ඒවගේ හතර ගුණයක්. ඔන්න මහජන සේවය. (බ)
ජනතාවට පිහිට වීම අපි කාගේත් වගකීම. (ර)
ස්තුතියි ඉක්මනින් සහන සලසනවට. (ර)
මිනිස්සු වානරයන්ගෙන් පැවතෙනවා කියලා ඉතිහාසයේ තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ වගේ අවස්ථා. වඳුරොත් වැස්ස කාලෙට ගෙවල් හදන්න කතා වෙනවලු. වැස්ස ඉවරවුණාට පස්සේ මොකුත් මතක නැතිලු. 2015 ජනාධිපති මැතිවරණයට අාසන්නයේදීත් මෙවැනිම විපතක් සිදුවුණා. දේශපාලකයෝ කෝටිගණන් වියදම් කරලා පෝස්ටර් කටවුට් ගැහුවා. එ් වෙලේ අසරණ වූ මිනිසුන්ට බත් පැකට් එකක් ඇඳගන්න ඇඳුමක් දෙන්න උනන්දු වුණේ නැහැ. අදත් එහෙමයි. හැම අවුරුද්දේම මෙවැනි විපත් මිනිසුන්ට එනවා. හැම ආණ්ඩුවක්ම හැම දේශපාලකයෙක්ම මෙවැනි අවස්ථා වල මෙහෙම හැසිරෙනවා. එ්ත් මිනිස්සු වැහි කාලෙට වඳුරෝ වගේ ගෙවල් හදනවා (නි)
මට නම් මේ ගණන ප්‍රමාණවත් නැතිබවයි හිතෙනනේ (නි)