වෙන අවුරුදුවල වෙසක් සමයේ මෙන් අද (21) අනුරාධපුරයට ආ වන්දනාකරවන්ගේ ප්‍රමාණය බෙහෙවින් අඩුවී තිබූ බව හිමිවරු කිහිප නමක්ද දන්සල් සංවිධායකයෝද කියති.
අනුරාධපුරයට හා තන්තිරිමලේට ඉතා සෞම්‍ය කාලගුණයක් පැවතියද ශ්‍රී මහා බෝධිය තන්තිරිමලේ ඇතුළු රජරට බොහෝ සිද්ධස්ථානවල පෙහෙවස් සමාදන්වූ ප්‍රමාණය 25%- 30%ක් අතර ප්‍රමාණයක අඩුවක් දක්නට ඇතැයි වසර 17ක්ම අනුරාධපුර පුෂ්පදාන සංගම් මූලස්ථානයේ දන්සලක් දෙන ගල්කිරියාගම ලංකා ගොවි සංසදයේ සභාපති පතිරාජ විජේකෝන් බණ්ඩාර මහතා පවසයි.
තන්තිරිමයට ආ වන්දනාකරුවන්ගේ ප්‍රමාණය ද අඩුවී තිබිණි.
මීට හේතුව වශයෙන් පැවසෙනුයේ පසුගිය දිනවල පැවැති ගංවතුරින් හා නායයෑම් වලින් වූ විපතයි. අනුරාධපුරයේ දන්සල් ප්‍රමාණයද බෙහෙවින් අඩුවී තිබිණි.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන උතුරු නැගෙනහිර දෙපළාත් උප ප්‍රධාන සංඝනායක හිමියන් පැවසූයේද වන්දනාකරුවන්ගේ ප්‍රමාණය පහත වැටී ඇති බවයි.
අනුරාධපුර බොහෝ වෙළඳුන්ගේ ආදායමද මෙවර බෙහෙවින් පහත වැටී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්කමට උදව් කරන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා. (නි)
අපි වෙසක් එක අමතක කරලා නැහැ අපේ හාමුදුරුවනේ. ඒත් අපේම රටේ අපේම මිනිස්සු ගංවතුරට අහුවෙලා නායයාම් වලට අහුවෙලා අසරණවෙලා ඉන්නකොට අපි කොහොමද වෙන අවුරුදු වලදී වගේ වෙසක් සමරන්නේ? අනේ දෙවියනේ! මෙහෙම විපත් නම් අපිට ආයේ කවදාවත්ම අහන්න දකින්න ලැබෙන්න එපා. මියගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා. (නි)
මෙවන් විපත්තියක් තියන වෙලාවක මිනිසුන්ගේ දුක ගැන හිතලා ඒ මිනිසුන්ට උදවුවක් උපකාරයක් සළසන එකයි වටින්නේ (නි)
අනුරාධපුරේ වෙළඳසැල් හිමියෝ ගැන නම් කතාකරන්නවත් අපි කැමති නැහැ. ඔහොම වෙන්න ඕනෑ. (නි)
අද රටේ දිස්ත්රික්ක 22 ජනතාව අයහපත් කාලගුණය නිසා අවතැන් වෙලා ,වෙසක් මාසේ දන්සල් දෙනවට වඩා එම ජනතාවට උදව් කිරීමයි වටින්නේ . (ර)
දැන් එකිනෙකාට උදව් කරන්න. (ර)