‘බේරුවල කලබල කාලයේ විපක්ෂනායකතුමා සහ ඔහුගේ පක්ෂයේ අය ගියේ කොහේද?දිස්ත්‍රික්කය භාරව සිටින මමයි කුමාර වෙල්ගම ඇමැතිතුමයි ඇඳුම් මහගෙන දෙපක්ෂයටම අසාධාරණයක් නොවෙන්න ගැටුම බේරුවේ. ‘ වරාය ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පානදුරේ දී එසේ ප්‍රකාශ කළේය.
‘එදා බයගුල්ලන් සේ තුඹසට රිංගා සිටි විපක්ෂය අද ගෙවල්වල හැංගිලා මයික් ඉස්සරහට අවුත් වීරයන් සේ කතා කරනවා.‘ යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නම් ඇත්ත තමයි මම මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට කොහෙත්ම කැමති නෑ. නමුත් විපක්ෂයට ඊට වඩා කැමති නෑ මොකද. විපක්ෂයට මෙතන විපතට පත්වුන මිනිස්සු ගැන අවංක කැක්කුමක් නෑ. මේ වෙලාවේ බලන්නේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වුන කියල බොරු අනුකම්පාවක් පෙන්නලා. මුස්ලිම් රටවල සහයෝගය ආණ්ඩුවට නැතිකරන්න. ඒ මදිවට අමෙරිකවට පන්දන් අල්ලලා කොහොමහරි ආණ්ඩුව පෙරලලා බලය ගන්න. මෙතන කරන්න හදන්නේ මුළු රටම පාවල දීල හරි කමක් නෑ රජකම ගන්න. එකනේ දැන් ඔය යටගිහින් තියෙන ප්‍රශ්නය අයෙත් අවුස්සන්න්නේ හකීම්ට එකතුවෙලා. (ස)
මේ අය කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)
බොරු කයිය විතරයි කාගේ කාගේත්. (නදී)
රටට හොද විපක්ෂයක් ඕන. ඒක මේ මිනිස්සු තේරුම් නැති එකයි ගැටලුව වෙලා තියෙන්නේ. (ස)
විපක්ෂය එන්නේ තුඹසෙන් කියමුකෝ. මෙයා ඒ දවස් වල අවේම කොච්චි වලින් එලියට. හැබැයි කෝච්චියෙන් එලියට පැනපු හැටියේ දුවල මාරු වෙනවා. (ස)
රටේ සිදුවන සෑම සිද්ධියක්ම තම වාසියට ගන්නට විපක්ෂය ඕනෙම බොරුවක් හෝ අලුත්ම අර්ථ කතන පෙන්වා දීම කරන්නේ, මොනවා කලත් සැබෑ සිද්ධිය පළාත් වාසින් සහ ජනතාව දන්නවා, විපක්ෂය කරනා මෙම දේවල් නිසා තවත් ජනතාව අතරින් කොන්වනවා. (ස)
අපිව රවට්ටන්න නම් ලැබෙන්නෙ නැහැ (නි)
අනේ මගේ කට, මේ දෙන්නගේ හැටි මම හොඳට දන්නවා. මමත් කළුතර තමයි. (ස)
ඔබට ජයවේවා! (නි)
දේශපාලනයට ආවේ නැතිනම් කාට කාටත් රිංගන්න වෙන්නේ තුඹස් වලට තමයි. (අ)
විපක්සෙට ගොඩ ඒමක් නැත්තේ ඒකනේ (නදී)
කට විතරයිනේ (නදී)
ඇත්ත එ්ක තමයි. දැන් අපේ විපක්ෂය පෙරහැර ගියාට පස්සේ තමයි නටන්නේ. කිසිම දවසක අපේ රට මේ අගාධයෙන් ගොඩ ඒම බොරු මේ පක්ෂ බේදය නිසා සිංහලයා පිල් තුන හතරකට බෙදිලා. අනිත් ජාතිකයෝ මහා ජාතිය වෙන කාලය වැඩි ඈතක නෙමෙයි. සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා කියල පැරැන්නෝ කියල තියනවා. (නදී)
බොරු නියම විදියට කියාගන්න බැරි නම් ඡන්ද දිනීමත් බොරු. (නි)