උතුරෙ මහ ඇමැතියි එයාගෙ පක්ෂයෙ නායකයා වන විපක්ෂ නායක තැනයි ප්‍රසිද්ධ සභාවේ එකට හිටියට හිත ඇතුළෙ ලොකු විරසකයක් තියනවලු.. විපක්ෂයෙ දෙවැනි පට්ටම අලුතින් පත්වෙච්ච නීතිඥ සයිස් මන්තිරි කෙනකුට පවරන්න ට්‍රයිකරන බවට මහ ඇමැතිගෙ තියෙන සැකය මේ විරසකේට හේතුව කියලත් කියනවා.
මේ ආරවුල නිසා දෙපැන්තෙම කස්ටිය තනි තනියම ලකුණු දාගන්න කරන ප්‍රකාශ නිසා පක්ෂය අවුලෙන් අවුලට යන හින්ද මේ ආරවුල සමථයකට පත්කරන්න ළඟ පාත ලොකු රටක තානාපති මට්ටමේ මහත්තයකුත් මැදිහත් වෙලාලු.
උන්නැහේ මුලින්ම රටේ විපක්ෂනායක තැන එක්ක කතා කරලා එකඟතා ගණනාවක් ඇතිකරගත්ත. ඊළඟට මහ ඇමැති තැන මුණගැසුණු මහ ඇමැති තැන එක්ක එයා සාම සාකච්ඡාවක් කරන්න හදන කොටම මහ ඇමැතිතැන පුපුරන්න ගත්තලු.
මම කොහොමද එයාල එක්ක වැඩ කරන්නෙ. ඔය පක්ෂ නායකය ලොකු කරන් ඉන්න මනුස්සය නීති අංසෙදි මගේ ගෝලයෙක්.. ශිෂ්‍යයෙක් ඉතින් එයාට ඔලුව නමන්නද මට කියන්නෙ... ඒ නිස ඔය සාම කතාවලින් මට වැඩක් නැහැ"කියලා ලොකු සද්දයකින් කතාව කෙළවර කළා. ඒ එක්කම කපුකමට ගිය තානාපති අංස ලොක්කත් සද්ද නොකර ආපසු ගියාලු.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.