නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මෙම ලිපිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනාම අත්සන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
එමෙන්ම විපක්ෂනායක තනතුර ඉල්ලා එකාබද්ධ විපක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනාගේම අත්සන් සහිතව ලබන සතියේදී කතානායකවරයාට ලිපියක් භාරදෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට මන්ත්‍රීවරුන් 92ක් ඉන්නවා. ඉන් මන්ත්‍රීවරුන් 70ක් ඒකාබද්ධ විපක්ෂයට සහය ලබාදෙනවා. ඒ මන්ත්‍රීවරුන් පිරිස ආර්.සම්පන්ධන් මහතා විපක්ෂනායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැහැ.
රජය විවේචනය නොකරන ලෝකයේ එකම විපක්ෂනායකවරයා වත්මන් විපක්ෂනායකවරයායි. අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයා ආරක්ෂා කිරීමට විපක්ෂනායකවරයා ඉදිරිපත් වුණා. මේ වගේ විපක්ෂනායකවරයෙක් කවදාවත් අපේ රටේ හිටියේ නැතැයි ද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ විපක්ෂය හෝ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැත. ඔය ඒකාබද්ධය යයි කියා ගන්නා මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ එ.ජ.නි.සන්ධානයයි. එය ආණ්ඩුවේ පාර්ෂව කරුවෙකි. එකම පක්ෂයට ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන්න බැරිය. එය කළ හැක්කේ කුමන ප්රජාතන්ත්රවාදී මූලධර්මයට අනුව දැයි දිනේෂ් ගුණවර්ධන මහතා පළමුව පැහැදිලි කර දිය යුතුය. එසේ කල නොහැකි නම් ඔවුන් පළමුව තමන් ස්වාධීන මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරන බව පළමුව කථානායකවරයාට දැනුම් දිය යුතුය. ඉන්පසුව විපක්ෂයේ බහුතරයේ විශ්වාශය දිනාගත් පුද්ගලයාව විපක්ෂ නායක කරන ලෙස කථානායක වරයාගෙන් ලිඛිතව ඉල්ලිය හැකිය. නියමිත කාර්ය පටිපාටිය දැන දැනම ඒකාබද්ධය මේ වංගු දාන්නේ ජනතාව ගොනාට ඇන්දවීමය. තමන්ට ඔය ආකාරයට විපක්ෂ නායක ධුරය හිමි නොවන බව දැනදැනම මෙසේ කරන්නේ ආණ්ඩුව දෙමළ ජාතිවාදයට යටවී ඇති බවටත් දෙමළ ජාතිවාදීන්ගේ උවමනාවන් ඉටු කරන බවටත් පවසමින් ජාතිවාදී පදනමින් ජනතාව උසිගන්වා තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ පහත් හා කූඨ අදහස ඇතිවය.
ඔන්න දිනේෂ් ගුණවර්ධන ට ලනුවක් දෙන්න යනවා රාජපක්ෂ ලා කට්ටිය එකතුවෙලා. පොදු ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙන තරගයෙන් ඉවත් කරන්න.
ඔන්න සත්‍යපාල කන පැලෙන්නම දීලා තිබෙණනේ .. ඒවගේම හිටපු ගමන් ගොඩගහගෙන 90 ක් නොවෙයි 200 ක් හිටියත් අපිට කතානායක තනතුර දෙන්න කියා ඉල්ලුවාට පත්වී සිටින කතානායකව එක එක්කෙනාට ඕනවිධියට අයින් කරන්න බැහැ චන්දයක් නොතියා ..එහෙම තිබ්බත් අගමැතිව එලවන්න ගිහින් සිද්ධ වුණු ආනිසංසයම වෙලා ඒකාබද්ධය මලබද්ධය හදාගන්නවා සිකුරුයි
ඔන්න සත්‍යපාල කන පැලෙන්නම දීලා තිබෙන්නේ. ඒවගේම හිටපුගමන් ගොඩගහගෙන 90 ක් නොවෙයි 200 ක් හිටියත් අපිට කතානායක තනතුර දෙන්න කියා ඉල්ලුවාට පත්වී සිටින කතානායකව එක එක්කෙනාට ඕන විධියට අයින් කරන්න බැහැ චන්දයක් නොතියා. එහෙම තිබ්බත් අගමැතිව එලවන්න ගිහින් සිද්ධ වුනු ආනිසංසයම වෙලා නවතින්නේ.
අවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක්. මේ තාක් විපක්ෂ නායක රටේ ජනතාව වෙනුවෙන් කොයි වෙලාවක හෝ පෙනිසිටියද ? ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කලාද?
ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මොකද්ද පක්ෂය?
මේකනම් අමු ප්‍රෝඩාවක්. ඒකාබද්ධ විපක්ෂයේ අය බබාල වගේ කතා කරන්නේ.
මේ අය පොහොට්ටුවෙන්ද ඡන්දෙ ඉල්ලුවේ? නැතිනම් බුලත් කොලයෙන්ද?
එතකොට දැන් ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම යහපාලනේට පක්ෂව ඡන්දෙ ඉල්ලපු අයද? ආණ්ඩු පක්ෂේ ඉන්නේ මහින්දත් එක්ක යහපාලනේට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු අය. අැයි එහෙනම් විපක්ෂයේ අයගේ පක්ෂේ ප්‍රශ්නයක් කර ගන්නේ...? ආණ්ඩු පක්ෂෙත් පක්ෂ කිහිපයක එකතුවක්, විපක්ෂේත් එහෙමයි. මෙතන ගැටළුව, ආර්. සම්බන්ධන් විපක්ෂයට වඩා ආණ්ඩු පක්ෂේ කෙනෙක් වගේනේ වැඩ කරන්නේ. එය උතුරට විතරක් බලපාන දේවල් ගැන කතාකරන්නේ. ආණ්ඩුව කරන කිසිම නරක දෙයකට විරුද්ධ වෙනවද? දැන් පාර්ලිමේන්තුවේ පැහැදිලි විපක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඕනෙම කෙනෙක්ට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කවුද ඒකාබද්ධ විපක්ෂයේ කවුද ආණ්ඩු පක්ෂේ කියලා. අාසන පනවලා තියෙන්නෙත් ඒ විදියට. ඉතින් මෙතන නියම විපක්ෂයට ප්‍රජාතාන්ත්‍රිකව නායකකම යන්න ඕනේ...