පාර්ලිමේන්තුවේ විපකෂනායක නායක ආර් සම්බන්දන් මහතාට සුදුසු නිල නිවසක් මෙතෙක් පිරිනමා නැති බවත් , සම්බන්ධන් මහතාටම එසේ සලකන්නේ නම් දෙමළ ජනතාවගේ තත්ත්වය කෙසේ වේදැයි සිතාගත හැකි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය පැවසුවාය.
සම්බන්දන් මහතා විපක්ෂ නායක ධුරයට පත් වී වසරක් ගත වී ඇති බව ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පොඩි අතපසුවිමක් වියහැකියි (නි)
කරුණාකර මෙය වරදවා තේරුම්ගන්න එපා. එතුමාට හිමි සියලු වරප්‍රසාද හා පහසුකම් ඉදිරියේදී ලැබේවි (නි)
එතකොට ආර් සම්බන්දන් මහතා කොහේද ජීවත්වෙන්නේ? අනේ පව්! ඇත්තටම ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තේම නැද්ද? (නි)
හිලරි නෝනට කියන්න. එයා ට්‍රම්ප් මහත්තයත් එක්ක කතාබහ කරලා ධවල මන්දිරයවත් සුදානම් කරලා දෙයිනෙ (නි)
මාගේ පෞද්ගලික මතය නම් එයාලට නිල නිවාසයක් නොවෙයි මාසික වැටුපවත් දෙන්න වටින්නේ නැහැ. ඔහු දරන විරුද්ධ පක්ෂ නායකකම අගමැතිකම හා සමානවම ගෞරවනීය තනතුරක්. ඔහු අයිති ශ්‍රී ලංකාවේ උතුරේ දමිළ මිනිසුන්ට පමණක් නොව සමස්ත රජයටමයි. නමුත් ඔහු හැමදාම කළා වගේ මේ තනතුරේ සිටිමින් කරන්නෙත් සිංහලයාට එසේත් නැත්නම් අපේ ආරක්ෂක අංශ වලට විරුද්ධව දේශීය හා විදේශීය වශයෙන් ගතු කීම නොවේද. (නි)
මෙතුමාට නිල නිවසක් මෙතෙක් සපයා නොදුන් එක ගැන ලැජ්ජා වියයුතුයි. පරාද වෙච්ච දේශපාලකයන් පෙන්ෂන් ගිය ලොක්කන් තම නිල නිවාස බාර නොදී ඉන්න යුගයක විපක්ෂ නායකයාට නිල නිවසක් දෙන්න බැරි මොකද? (නි)
දෙන්න ඉතින් ඉල්ලන්න එපාය..රජයෙන් භාණ්ඩ නිකුත් කරන්නේ නැහැ ඉල්ලීමක් නැතුව.... (ම)
සකල සිරින් පිරි සිරි ලංකාවේ විතරයි මහජන සේවය සඳහා කියා මහජනයාගේ ඡන්දෙන්ම පත්වන, "මහජන නියෝජිතයන්" යැයි කියාගන්නා අයට, මහජන මුදලින්ම සුඛෝපභෝගී මන්දිර හෝ වාහන හෝ වායුසමනය කරන ලද කාර්යාල අවශ්‍ය වන්නේ! ඒවා නැත්නම් මොවුන්ට වැඩක් කරන්න බැරි තත්වයට රට වැටිලා. ලෝකයේ අනිකුත් රටවලත් මෙහෙමද? (නි)
නමට විතරක් විපක්ෂ නායක වෙලා වැඩක් නැහැනේ. (නි)
අළුතින් එකක් හදලා දෙනකන් ඔහොම ඉවසාගෙන ඉන්න (නි)
කොළඹ ඕනෑතරම් ලොජ් තිබෙන්නේ. අපේ අයට වගේ අතිවිශේෂ මාළිගා ඒගොල්ලෝ සොයන්නේ නැහැ. (නි)