(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම  ආපසු හරවන්නට රජය මැදිහත් වනවාද? නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

මෙවැනි  ක්‍රියාකාරකම් වලට යොමු නොවන ආකාරයට මහා බැංකු පනතට සංශෝධනයක් ගෙන එනවාදැයි විපක්ෂ නායකවරයා විමසීය.

මහ බැංකුවේ  වැටුප් වැඩිවීම ගැන මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන අතර මේ පිළිබඳව රජයේ ස්ථාවරය දැන ගැනීම සඳහා මේ ප්‍රශ්න යොමු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

මහා බැංකු නිලධාරීන්ට ඉහළ වැටුප් වැඩිකර ගැනීමට ඇති නීති ප්‍රතිපාදන මොනවාද?

එම ප්‍රතිපාදන අනුව නිවැරදිවම මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩිකරගෙන ඇති බවට රජය සහතික කළ හැකිදැයි ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ වෘත්තිකයන් වැටුප් කරන ලෙස ඉල්ලා සිටි නමුත් අද වනවිට යම් සහනයක් හෝ ලබාදීමට හැකි වී ඇත්තේ වෛද්‍යවරුන්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් බව කී විපක්ෂ නායකවරයා සෙසු රාජ්‍ය සේවකයන්ට ද මහ බැංකුව වැටුප් වැඩි කර ගත්  පදනමින්ම වැටුප් වැඩි කර දීමට රජය කටයුතු කරනවාදැයි විමසීය.