ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් විපක්ෂ නායක පදවියේ රැඳී සිටීම සදාචාරය අතින්ද නොගැලපෙන හෙයින් පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවිය මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පිරිනැමිය යුතු යැයි ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.
ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහත්වරුන්ද සහභාගීවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීමේ මීළඟ රැලිය ලබන 26 වැනිදා රත්නපුරයේ පවත්වන බව ප්‍රකාශ කිරීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට දෙන්නකෝ (නදී)
ඉන්දික, ඔබ කියන්නේ ඇත්ත. මේ රටේ ඉන්නේ කතාවට රැවටෙන අය නැතනම් අපේ හාමුදුරුවනේ බලන්න හාමුදුරුවනේ කියනකොට රැවටිලා දෙසැරයක් ඡන්දෙ දේවිද ? (නදී)
ඔහුට මොකටද විපක්ෂ නායකකම දෙන්නේ. ඊට සුදුස්සා අනුර කුමාර දිසානායක. (ත)
අනුරට මොකටද විපක්ෂ නායක කම..අනුර යහපාලනයේ නියමුවෙක්නේ..අනුරට දෙන්න පුලුවන්නම් අගමැති කම..(ම)
තත්ත්වය එසේ නම් දිනේෂ් විපක්ෂ නායකවෙන්නේ මොන සදාචාරයට අනුවද ? ඔහු ද සංධානයේම මන්ත්‍රීවරයෙක් නොවේද ? ඇරත් තනි පක්ෂයක් ලෙස ඔහුට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු දුසිම් කාලයි නේ ? (අ)
සලාම් එසේ නම් කවුද දැන් විපක්ෂයට අයත් වෙන්නේ ඔබද ? අවම වශයෙන් මතයක සිට විපක්ෂව ඉන්නේ ඔවුන් පමණි (නදී)
අනුර කියන්නේ කතාවෙන් මිනිසුන් අන්දවන් පුළුවන් ලස්සන කතා හැකියාවක් තිබෙන පුද්ගලයකු මිස වැඩක් කරන්න පුළුවන් කෙනෙක නොවෙයි. ලංකාවේ වැඩි පිරිසක් මේ වගේ කතා විලාසිතා වලට හරිම අාසයි. එ්ක ඔවුන්ගේ බුද්දිමත් කමේ හැටි. (නදී)
විපක්ෂ නායක කම ගන්න හදන්නේ අපිට ආදරේට නෙවෙයි මහින්දව නැවත වඩම්මන්න ? කිසිම ප්‍රතිපත්තියක් නැති දෙසපාලකයෝ , කනගාටුවට කරුණ වාසු වගේ කෘතහස්ත දෙසපලකයෙක් නෝමල් ගේ භාෂාවෙන් කියනවනම් කඩේ යන එකටයි (අ)
විමල් වීරවංසට දෙමු......යන එන මන් නැතුවනේ ඉන්නේ..(අ)
සදාචාරයක් නැති වීමත් - හුගක් නිල තල වලට වේවි සුදුසු කමක් (අ)
බලන්නකෝ මේ මූනු ටික. දැන් හොඳටම තේරිලා පටන්ගන්න හදපු වැඩේ කොට උඩ කියල. ගණන් ගන්න එපා ඔහොම තමයි දේශපාලනේ හැටි. දැනට හම්බකරගත් දේකින් තමුන්ගේ දෙයක් කරන් ඉන්න බලන්න. (අ)
රනිල් වික්‍රමසිංහටම විපක්ෂ නායක කමයි අගමැතිකමයි දෙකම දෙමු. (අ)
ඔබට ඒ පුටුවමද ඕන ,නැතිනම් මම හොඳ කුෂන් කරපු එකක් අරන් දෙන්නම්. කට වහගෙන. ඉන්න. ,ලජ්ජා නැතිද. ලොකු පුටු කටින් ඉල්ලන්න වැඩේ කෙරෙන වනම් පුටුව මොකක් වුනත් මොකද . දැන් ඕවට කෑගහල. කාලේ කන්න එපා , (අ)
මෙම යෝජනාව කාවෙනුවෙන්ද යන්න කාටත් තේරුම් ගත හැකිය. වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන ගමන ජනතාවට පැහැදිළි නැත. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයේ අරමුණ තමන්ගේ පැවැත්මද?රටත් ජනතාවත් නිවැරදි දේශපාලන මගකට ගෙන යනවාට වඩා තමන්ගේ පැවැත්මත්, පවුලේ ආරක්ෂාවත් සොයන දේශපාලකයන් අද දකින්න ලැබීම කණගාටුවට කරුණකි. (අ)
අම්මෝ මෙතන ඉන්න කට්ටියට නම් විපක්ෂ නායකකම දෙන්න එපා. ඊට වඩා හොදයි මැනින් මාර්කට් එකේ නාට්ටාමි කෙනෙක්ව පත්කරනවා ඒ පුරප්පාඩුව සපුරන්ට. අනික ජාතික ආණ්ඩුවක් බලගැන්වී තියෙද්දී දැන් මොකටද විපක්ෂ නායකයෙක්. (නදී)
විපක්ස නායකකම ගන්නේ ඔයාට ආදරේට නොවෙයි ජයා. රටට,සිංහල ජාතියට තියෙන ආදරේට. ඔයා කලබල වන්න එපා හොදේ. (නදී)
බටංගල මේ අයගේ නෙමෙයි ඡන්දේ දීපු අයගේ මුහුණු බලන්න ටිකක් ඇවිදලා (නදී)
මෙම අයියලා මල්ලිලා අනුන්ගේ පක්ෂයක එල්ලිලා ඉන්නේ (නදී)
තත්ත්වය එසේ නම් දිනේෂ් විපක්ෂ නායක වෙන්නේ මොන සදාචාරයට අනුවද ? ඔහු ද සංධානයේම මන්ත්‍රීවරයෙක් නොවේද ? ඇරත් තනි පක්ෂයක් ලෙස ඔහුට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු දුසිම් කාලයි නේ. විපක්ෂ නායක කම ගන්න හදන්නේ අපිට ආදරේට නෙවෙයි මහින්දව නැවත වඩම්මන්න ? කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලකයෝ , කනගාටුවට කරුණ වාසු වගේ කෘතහස්ත දේශපාලකයෙක් මේ අයට කඩේ යන එකටයි. (නදී)
මෙන්න ඉන්නවා පොදු පෙරමුනේ ගන්දබ්බයෝ ටික (නදී)
ශාන් මහත්තයට තව ටික දවසකින් ගන්ධබ්බයන්ගේ වැඩ බලන්න පුළුවන් වේවි.ඉසුරින්දී නගෝ...සන්ධානේ 26 ක් ජාතික ආණ්ඩුවේ ඉදිවී..අනෙක් අය 26 වෙනිදට රත්නපුරේ ඉදිවී.ඔයාලට තියෙන්නේ ඔලු ගනින්න...
නියම සුදුස්සා. (නදී)