පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර පසුව ප්‍රකාශයක් කරන බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රැස්වීම පැවැත්වීගෙන යද්දී මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් අද ප්‍රකාශයක් කරන බව කලින් නිවේදනයක කී බව කථානායකවරයාගෙන් ඇසුවේය.
කථානායක -
එය අලුත් අත්දැකීමක්. ඉතා හොඳින් අධ්‍යයනය කර ප්‍රකාශයක් කරන්න ඕනෑ.
මන්ත්‍රී විමල් වීරවංශ මහතා -
එහෙනම් පාර්ලිමේන්තුව විසුරුවනතුරුම ප්‍රකාශය කල් යාවිද ?
කථානායක -
අලුත් අත්දැකීමක් නිසා ඉතා හොඳින් අධ්‍යයනය කරන්න කල් යාවි. කොතරම් කාලයක් ගතවේදැයි කියන්න බැහැ.
මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා -
එතෙක් විපක්ෂ නායකවරයා කවුද?
කථානායක -
විපක්ෂය එක්වී විපක්ෂ නායකවරයකු තෝරා දුන්නොත් හොඳයි නේද?
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාවේ සිටියේ නැත.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපක්ෂ නායක තේරීම කල්යයි
වාසනා Tuesday, 07 April 2015 09:11 PM
ජනතා විමුක්ති පෙරමුණ තමයි මෙයට සුදුසුම (නි)
අබේරත්න - ටෝකියෝ Tuesday, 07 April 2015 01:19 PM
ආසයි, බයයි. (ර)
සම්පත් සිල්වා Tuesday, 07 April 2015 02:13 PM
කාට දුන්නත් කමක් නෑ හොද නායකත්වයක් ලැබුණොත් තමයි හොද (දිල්)