පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර පසුව ප්‍රකාශයක් කරන බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රැස්වීම පැවැත්වීගෙන යද්දී මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් අද ප්‍රකාශයක් කරන බව කලින් නිවේදනයක කී බව කථානායකවරයාගෙන් ඇසුවේය.
කථානායක -
එය අලුත් අත්දැකීමක්. ඉතා හොඳින් අධ්‍යයනය කර ප්‍රකාශයක් කරන්න ඕනෑ.
මන්ත්‍රී විමල් වීරවංශ මහතා -
එහෙනම් පාර්ලිමේන්තුව විසුරුවනතුරුම ප්‍රකාශය කල් යාවිද ?
කථානායක -
අලුත් අත්දැකීමක් නිසා ඉතා හොඳින් අධ්‍යයනය කරන්න කල් යාවි. කොතරම් කාලයක් ගතවේදැයි කියන්න බැහැ.
මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා -
එතෙක් විපක්ෂ නායකවරයා කවුද?
කථානායක -
විපක්ෂය එක්වී විපක්ෂ නායකවරයකු තෝරා දුන්නොත් හොඳයි නේද?
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාවේ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණ තමයි මෙයට සුදුසුම (නි)
ආසයි, බයයි. (ර)
කාට දුන්නත් කමක් නෑ හොද නායකත්වයක් ලැබුණොත් තමයි හොද (දිල්)