විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අද (05) රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ භාරයක් වීය.
ඉරිදා අලුයම 4ට ඔහු දේවාලයට පැමිණ ඔහු කතරගම පුදබිමේ සියලුම දේවාල වලට ගොස් පඩුරු තබා භාර විය.
ඉන්පසුව දේවාලයට පැමිණ සිටි බැතිමතුන් සමග ද කතා බහක නිරතවු විපක්ෂ නායකවරයා රටේ පවත්නා දේශපාලන වතාවරණයේ හොද නරක පිළිබඳව ඔවුන්ගෙන් විමසන අයුරු දැකගත හැකිවිය.
දින සියයේ ආණ්ඩුවේ විපක්ෂ නායක ධුරයට පත් වු නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එකසත් පෙරමුණේ නායක නායක දිනේෂ් ගුණවර්ධන මහතාද තරගයට පැමිණ සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
කතරගම දෙවියෝ නිවැරදි පැත්ත බලන බව අපිට විශ්වාසයි (නි)
මේ පාර දෙන්නම්කෝ! එන්නකෝ ඉල්ලාගෙන ඡන්දෙ! (නි)
අනේ අපේ රටේ දේශපාලකයන්ට මේ මොකද වෙලා තියන්නේ? (නි)
පාර්ලිමේන්තුව විසුරුවන එක කතරගම දෙවියන්ට නම් නතර කරන්න බැරිවෙයි. ඒක අපේ ජනපති තුමාගේ පොරොන්දුවක්(දිල්).
දෙදෙනාගෙන් දක්ෂයා නිමල් මහත්තයා තමයි (දිල්)
ඇයි බාර වෙන්නේ මොකුත් කරදරයක්ද? (බ)
බෞද්ධ රටක මොකටද මේ තරම් මනක්කල්පිත දෙවිවරු පස්සේ යන්නේ (නදී)
මේ දේශපාලකයන් සියල්ලම වාගේ යතාර්ථයෙන් පිට ජිවත් වන, නොපෙනෙන අන්ද විස්වාස වල එල්ලී සිටිනා කොටසක්. (ර)
මේ අන්ද විස්වාස වල එල්ලී හිටපු කාලේ මිනිසුන්ගෙන් මිනිසුන්ට , මිනිසුන්ගෙන් සතුන්ට, මින්සුන්ගෙන් පරිසරයට සිද්දුන හානිය අඩුම අගයක් තිබුනේ , මොකද නොපෙනෙන දෙවියන්ට තිබුන බය නිසා , රටේ නිතිය බලගතු නොවුන යුගයක ! අද නිතිය බලගතුයි දෙවියන් ගැන විස්වාසයක් ඇත්තෙම නැහැ එඅ නිසාමද මන්ද මිනිසා මිනිසාටම , මිනිසා සතුන්ටද , මිනිසා පරිසයටද කරන හානිය ගැනිය නොහැකි තරමටම බරපතල වෙලා නේද ? (ර)
අන්තිමේදී කවුරු කවුරුත් දෙවියන් පස්සේ තමයි දුවන්නේ වැඩ අනාගත්තාම. (ර)
කතරගම දෙවියෝ වැඩ වසන දේවාලය තියෙන්නේ උෟව පළාතේ . භාරකරයත් ඉන්නේ උෟව පළාතේ විපක්ෂ නායක ඉන්නෙත් උෟව පළාතේ ඉතින් මොකටද බය වෙන්නේ. (නදී)
අපරාදේ ඔය භාරය කථානායකට සහ රනිල්ට උනානම් හරිනේ. (නදී)