පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය අනුව දෙමළ ජාතික සංධානයට විපක්ෂ නායක ධුරය ලබා දීමට කතානායකවරයා නිගමනය කළොත් ඔවුන් උතුරේය.ඔවුන් දරණ මතය අතිශය භයානකය යන්න අදාල නොවන අතරම එම තීරණයට වෙට්ටු දමා එය වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් නැතැයි සෙනසුරාදා (28)රාත්‍රී සිරස රූපවාහිනීයෙන් විකාශනය වු සටන වැඩසටහනේදී එහි නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
‘වත්මන් පාර්ලිමේන්තු සංයුතිය සකස් වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ,එක්සත් ජාතික පක්ෂය,දෙමළ සන්ධානය,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්දානය යන පක්ෂ වලින් පමණි.
දැනටමත් එක්සත් ජාතික පක්ෂයත්,එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුනේ උන්ට ගහන්නන් ඕන එලව එලව.... කරන්න පුලුවන් දෙයකුත් නෑ, බොරුවට කෑගහනවා. (ස)
තව ටික කාලයකින් අනේ රටම උතුරට බාර දුන්න්නනම් හරි නේද. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ. (ස)
සිංයලයන් මිස දෙමළ මිනිහාට රටේ නායක කම් දරන්න බැරිද. ඇයි අපිට දෙමළ මිනිහත් එක්ක සාමෙන් සතුටෙන් ජිවත් වෙන්න බැරි. මෙහි දක්වා ඇති අදහස් දුටුවම ඒ සියල්ලම වර්ගවාදි අදහස්. ඔය දෙමළ මිනිහා නිතර කොන්කිරීමම නැවතත් ඔවුන් යුද්ධයකට තල්ලු කිරීමක් නොවේ ද. ඇයි ඔවුන්ට අපේ අවංකකම දෙන්න බැරි. හැමදාම කෙණහිලිකම් කිරීම හොඳ නැහැ. මගේ අදහස දෙමළ සංධානෙට විපක්ෂ නායකම ලබා දීම වරදක් නැහැ. (ස)
රටේ වෙනම පාලනයක් ඉල්ලන අයට විපක්ෂ නායකකම දෙන එකෙන් රටට කිසිම හානියක් නෑ කියල කියන අය තමන්ගේ පියා නිවැරදිම පියාද කියලා හොයලා බැලුවොත් නරකද රසික, දම්මානුර්, ජයසිංහ. රනිත් මහත්වරුනේ? (ස)
නන්දලාල් හරි. පහුගිය කාලේ දුන්නු අමාත්ය්‍යාංශ එකක්වත් හරියට කලාද? වනකලා විතරයි. කට විතරයි. (ස)
අනේ මගේ කට! (නි)
හරි අනුර, එහෙනම් ප්‍රභාකරන් රටේ ජනාධිපති උනා නම් ඔහේ කැමතිද? ඔහේලා වගේ සවුත්තු සිංහලයෝ නිසා තමා අපිට මේ හෙනේ වැදුනේ. (ස)
අම්ම දීල හරි ඡන්ද ටික බිලි බාගන්න පුලුවන්නම් ගොඩේ ගොඩ . රට ජාතිය බල්ලට ගියත් මොකද. සිංහල අපිට කොහෙද ජාතියක් තියෙන්නේ ? ඒවා තියෙන්නේ දෙමල මුස්ලිම් මිනිස්සුන්ට (බ)
ජවිපෙ එදත්, අදත්,හෙටත් කරන්නෙ ඔය ටිකමයි. (නි)
අය්යෝ අනුර ඔය ඉතිහාසය අමතක කරලා නේ කතා කරන්නේ .. අපේ රටේ නීතිපති , පොලිස්පතිලා දෙමල ජාතික අය හිටිය මතක නැද්ද ? ජාති වාදී පක්ෂ එකතු වෙලා වපුරපු විෂ බීජ නිසා නේද මේ විනාසය. ඔය සම්බන්දන් ලා විග්නේශ්වරන් ලා ලක්ෂ්මන් කදිරගාමර් වගේ දේශපලනඥයෝ නෙමෙයි නේ ,, එක නේ මේ ප්‍රශ්නය (බ)
විපක්ෂ නායක ධූරයට තරග කරන්න දගලන විමල් ඇතුළු අය තමා මේ තත්වයට වගකිවයුතු(දිල්)
ඉතින් කියන එක හරිනේ? විපක්ෂය උතුරෙන්ද දකුණෙන්ද කියන එක අදාළ නැහැ. ඒක ලංකාවේ පාර්ලිමේන්තුව (නි)
උතුරෙන් අපේ විපක්ෂය ආවොත් නියමයි. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. එකම රටක්, එකම දේශයක් එකම ශ්‍රී ලාංකීය ජාතියක්... (නි)
ජවිපෙ, එදත් අදත් හෙටත් හැමදාමත් එකම දේ කරන පක්ෂයක් වෙලා ඉවරයි. මගේ සීයා කියනවා කට තිබුනට වැඩ බැරි, මේ රටේ තිබෙන එකම පක්ෂය මේකයි කියලා.... ඇත්තද ඒක ? (නි)
රසිකල අප්පුල ඉන්නකල් අපේ රටට දෙයියන්ගේම පිහිටයි (බ)
අපිට අපේ ජාතිය ගැන කියන්න ලැජ්ජා වුුණාට අනෙක් බොහෝ අයට එහෙම නැහැ (නි)
කොහොමත් කැමති ඇති රටම උතුරට දෙන්න. පක්සයෙන් කඩාගෙන ගිය කුරුටුගාමී කට්ටියත් ගිය සතියේ යාපනේ උද්ඝෝෂණය කලානේ නැතිඋන දෙමල සහෝදරයෝ හොයල දෙන්න කියල. කොටින්ගේ බෝම්බ වලට, කඩු පාරවල් වලට, තුවක්කු වලට අහුවෙලා මියගිය සිංහලයන් ගැන එකෙක් වත් කතා කරන්නේ නැති හැටි. ඒ උනාට විරුද්ද පක්ෂයේ නායක කම දෙන්න නම් කතා කරනවා. මෙහෙමත් අලුගුත්තෙරුවෝ ජාතියක්. (ස)
අතීතයෙන් පාඩම් ඉගෙනගෙන කොරන ඕනෑම දෙයක් කොලාට කමක් නැත . වර්තමානයේ සිට අනාගතය දිහා බලමු . (ස)
විපක්ෂ නායකයකු තේරීමට පළමු ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නිවැරදිව හඳුනාගත යුතුය. මෙහිදී සමහරු පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන බොරු කියා අප නොමඟ යවන්න හැදුවත් ඇත්ත අපි දනිමු. ශ්‍රී ල නි පය ආණ්ඩුවේ පක්ෂයකි. ජවිපෙ ද ටීඑන්ඒ ද විපක්ෂයේ පක්ෂ ලෙස සැළකිය නොහැක. විපක්ෂ නායකයා පත්විය යුත්තේ ජානිපෙ, මඑපෙ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂ වලින් කෙනෙකි. (නි)
දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම නොදිය යුත්තේ ඔවුන් දෙමළ වූ නිසා නොව ජාතික විධායක සභාව හරහා ජවිපෙ මෙන්ම දෙමළ ජාතික සන්ධානයද ආණ්ඩුවට හවුල්වන බැවිනි. (නි)
අපේ සුප්‍රබුද්ධයන්ට නොතේරෙන දෙවැනි කාරණාව තමයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොපිළිගන්නා එමෙන්ම බෙදුම්වාදයට ආවඩන පක්ෂයකට විපක්ෂ නායකකමේ වරප්‍රසාද හා බලතල ලැබුනම ඒක රටට එරෙහිව යොදාගැනෙන බව. එසේ නැතුව මෙය දෙමළ වීම හෝ නොවීම හෝ නිසා සුදුසු හෝ නුසුදුසුවීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. කදිරගාමර් මහතා විදේශ ඇමති වුණේ විදෙස් රටවලින් පෝෂිත දෙමළ ත්‍රස්තවාදීන් නිසා රට අසීරුවට පත්වී තිබුණු සමයකයි. එහෙත් කිසිවෙකුත් එතුමා පත්කිරීමට එරෙහිව කතානොකළා පමණක් නොව එතුමා ගෞරවාදරයෙන් වැළඳගත්තා. අභාවයේදී රටම එකසේ ශෝකවුණා. ඒ නිසා මෙතනදීත් නැති සිංහල ජාතිවාදයක් පෙන්නා අපේ ඇස් වලට වැලිගැසීම හෙළාදකිමු. (නි)
තුන්වෙනි බලවේගයක අවශ්‍යතාවය පෙරට වඩා දැන් දැනෙනවා නේද තුන්වෙනි බලවේගය ශක්තිමත් කරමු යුගයේ අවශ්‍යතාව කරමු.(ම)
අනුර ඔයාගේ කීම හරි.....ජාතිවාදී කෝණයෙන් මේ ප්‍රශ්න දිහා බලන එක හොද නෑ. (ස)
උතුරත්, දකුණත් කියල බෙදා වැඩ කරන්න හොඳ නෑ. (ම)
මේකේ ඇති වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
ඇයි ඒ මිනිස්සු අහසින් වැටුන අයද? දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා, ජා මැලේ බර්ගර් වේවා මේ ඔක්කොම ලංකාවේ ඉපදුන මිනිස්සු. එකම අහස යට එකම හුස්ම බෙදා හදාගන්නා ලක්මවගේ දු දරුවෝ. (නි)
අන්‍ය ජාතිකයන්ට සම අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ නැද්ද? ඔවුන්ට විපක්ෂයේ වැඩි ආසන ගණනක් තිබේ නම් ද්‍රවිඩ පක්ෂයකට විපක්ෂ නායකකම හිමිවිය යුතුය.එය තමයි නියම සාධාරන ප්‍රජාතන්ත්‍රවාදය. (නි)
උතුරේ ඉන්නේ ලාංකිකයෝ නෙමෙයිද? (නි)
එදා අපව එල්.ටි.ටි.ඉ දෙමල ත්‍රස්ත වාදීන්ගෙන් තම ජිවිතයද පරදුවට තබා බේරගත්ත යුද හමුදා සහ පොලිසි රණවිරුවන්ව දංගෙඩියට ගෙනියන්න වෙහෙසෙන චැනල් 4 වගේ නාලිකාවෙන් තැනුන වීඩියෝ පටියකට සිංහල හඩ කවන්න සිංහල එවුන් ඉදිරිපත් වෙන්න තරම් අපේ ජාතිය නීච උනානම් මෙතන දාල තියන සමහර අදහස් වලට කේන්ති අරන් වැඩක් නෑ. ඔහොම යන් ඔහොම යන් කියල අපිත් බලන් ඉන්න තියෙන්නේ . (ස)
මොනවා වුණත් ජේවීපී එක ආවොත් ඒ ගැන කතා කරන්නවත් අපිට දෙයක් ඉතුරුවෙයි. (නි)
දැන් මොකද රිවස් ගියර් එකට දාලා වෙන කතාවක් කියන්නේ!! (නි)
අඩුමතරමින් විපක්ෂනායකයා තම රටේ ව්‍යවස්‌ථාවට ගරුකරන කෙනෙක් නොවීමෙහි ඇති අන්තරායවත් තේරුම් ගැනීමට තරම් පරිණත බවක් ජවිපෙට නැතිවීම රටේ අවාසනාවකි. (නි)
ඡන්දයට කලින් ගිරිය පුප්පාගෙන කෑ ගහන්න විතරයි සමහරු දන්නේ. ඊටපස්සේ මහජනතාවට වගඋත්තර බඳින්න කැමති නැහැ (නි)
ජවිපෙ අරමුණ කුමක්ද කියා අපට පැහැදිලිය (නි)
මේ වෙට්ටු දාන්නේ සිංහල ජාතිකත්වයටද? (නි)
මෙතන සමහරු ලංකාවේ පාර්ලිමේන්තුව හා එහි රීති සම්ප්‍රදායන් ගැන අල්පමාත්‍රයක අවබෝධයක් නැති, මහින්දෝන්මාදයෙන් පෙළෙන අය (නි)
මෙයාලටත් රැවටෙන මිනිස්සු අපේ රටේ කොච්චර ඉන්නවද? (නි)
ජනාධිපති වෙන්න, අපේ රටෙත් ඕනෑම ජාතියක පුරවැසියෙකුට පුළුවන් වෙන්න ඕනෑ. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය. විරුද්ධ පක්ෂයේ නායකකම මොකක්ද? (නි)
බුද්ධි, ඔබ හරි. මේ විදියට තමයි පසුගිය රජය කාලෙත් ඇමති මණ්ඩලය සකස්වී තිබුනේ. අපිට මතකයි. (නි)
ජනතා විමුක්ති පෙරමුණට ඕනා රට අවුල් කරන්ඩ විතරයි. එයාල හදන්නේ ආසන ගැන වැඩි කර ගන්න විතරයි. අපේ විරුද්ද පක්ෂය අපිට හොඳා. (ස)