ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.
වද වී ගෙන යන නිශාචර සත්වයකු ලෙස රතු දත්ත ලැයිස්තුවට නම ඇතුළත් උණ හපුළුවන්ගේ රතු උණහපුළුවා සහ අළු උණ හපුළුවා වශයෙන් හඳුන්වන උණ හපුළු විශේෂ දෙකට අයත් උප විශේෂ හතරක් ශ්‍රී ලංකාවේ සිටී. වියළි කලාපයේ හා නකල්ස් කලාපයේ අළු උණහපුළු විශේෂ දෙකක් හා තෙත් කලාපයේ හා කඳුකරයේ රතු උණ හපුළු උප විශේෂ දෙකක් දක්නට සිටිති. ඉන්දියාවේ ද අළු උණ හපුළු විශේෂය ඇතත් අනුරාධපුරයේ දැකිය හැකි ලෝරිස් ලයිඩකෙරියානුස් නෝඩිකස් නමැති අළු උණ හපුළු උප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.
වසර හැත්තෑවකට පසු කඳුකර උණ හපුළුවකු හෝර්ටන් තැන්නේදී මෑතකදී දැක ගත හැකි විය.
කැලෑ කැපීමෙන් උණ හපුළුවාගේ වාසස්ථාන නැති වීමෙන් මෙම සතාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් නම් ඉන්නේ කැලෑවක වගෙයි (නි)
හර්ෂණ රුවන් චාමර හොද වැඩක් කරලා තියෙන්නේ. අගය කළ යුතුයි.(දිල්)
වැදගත් ක්‍රියාවක් කරලා තියෙන්නේ. මෙවැනි නැතිවී යන සතුන් ආරක්ෂා කර ගැනීම වනජීවී දෙපාර්තමේන්තුව කරන වටිනා සේවයක්.(දිල්)
මේ සත්තුන් වඳ වෙන්න දෙන්න එපා (දිල්)
දැන් ඉන්න කැලේ පාලුවන්ට ඕව තේරෙන් නැහැ ඉසුරන්දි. (දිල්)
දැන් කාලේ වෙන දේවල් බලද්දී නම් මිනිස්සුත් වඳවීගෙන යන සත්ව කොට්ඨාශයක් වෙලා (නි)
අනේ එයාව දකින කොට පැන්ඩව මතක් වුණා . ලස්සන ඇස් දෙක. අපේ රටෙත් ඉන්නවා එහෙ නම් ලස්සන වුණ හපුලුවෝ ගොඩාක් ආඩම්බර හිතුනා මට .!.මෙයාගේ අම්මයි තාත්තයි නැතිව මෙයා තනිකල එක ගැන නම් මට දුකයි, මේකෙන් එයාලව තවත් වදවෙන එකයි සිදුවෙන්නේ ..! (අ)
හරිම හුරතලෙක් (නි)
හර්ෂණ පුතා සතා ගැන ආදරෙන් තමා ඌව අල්ලලා නිලධාරීන්ට බාර දුන්නේ. ඒත් පුතා සතුන් ඔවුන්ගේ ස්වාභාවික උපන් ප්‍රදේශයේ ඉන්න ඉඩහැර හිරිහැර නොකර සිටීම තමයි අප කල යුත්තේ. මගේ ගෙදර වත්තේ පොල් ගහකත් උනහපුලු පවුලක්ම ඉන්නවා. ගෙයි වහලේ තලගොයෙක් ඉන්නවා. වත්තේ නයෙක් ඉන්නවා. ගස්වල කුරුළු කූඩු තියෙනවා. අපි නරඹනවා විතරයි. (අ)
අහිංසක ඇස් දෙකක් තියෙන්නෙ (නි)
හොදයි (දී)
ලංකාවට ආ චීනුන්ට එහෙම මේකාව අහුවුණා නම් ඉවරයි (නි)
ඇත්තෙන්ම රුවන් ඔය මේ කල දේට ඔයාට ස්තුති ඔයා සැලකිලිමත් බවය නිසා අහිංසක සතකුගේ ජීවීතේ බේරුනා . මම එය අගයකොට සලකනවා .(අ)
බන්දුල පෙරේරා , මේ කතා කරන්නේ උනහපුලුවෙක් ගැන නයෙක් ගැන නොවේ (නදී)
තිලක්, ඔයාගේ වත්තේ ඉන්න ඔක්කොමත් හරි. ඒත් නයා.......? (නි)
උණහපුළුවා වඳවීම වැළැක්වීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක්. ඔවුන් මිනිසුන් වසන නිවෙස් ආසන්නයේත් සමහර අවස්ථා වල කොළඹ නගරයේ පවා මෙයට දශක තුනකට පමණ කලින් ජීවත්වුණා. (නි)
අපේ වත්තෙත් නයෙක් ඉන්නවා.ඒත් උගේ දත් ගලවලා තියෙන්නේ. (නි)
පෙරහැරේ ගෙනියන්න පාවිච්චි කරන සතෙක් නොවුන එක මොන තරම් වාසනාවක්ද පැටියෝ? (නදී)
පොලොවමත ජීවත්වන සැම සතෙකුටම ඇති අයිතිය මිනිසා විසින් උදුරාගෙන ඇත? බොහෝ කුරුළු වර්ග බිත්තර දමන්නේ ගෙවල් අසලයි. ආරක්ෂාව අපි සැලසිය යුතුයි. නමුත් අපි ඔවුන්ගේ නිදහස උදුරාගෙන නේද ? අලි පැටව්, කුරුළු පැටව් අපි හිරකරගෙන නොවේද ? පොලොව මත සතුන්ගේ සමබරතාව වෙනස් නොකළ යුතුයි. (නදී)