හිටපු නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ක්‍රියාවක් නිසා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වු වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පනංගල ලියනගේ කීර්තිසිංහ නැවත වඳුරඹ පොලිස් ස්ථානාධිපති ලෙස පොලිස්පතිවරයා විසින් පත් කරනු ලැබීය. පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරණය සමයේ අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති වරයාගේ, ආධාරකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන් බලහත්කාරයන් ඔහුගේ රථයට නංවාගෙන උසාවියට රැගෙන යාමේ සිද්ධියෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕ.අයි.සී මහත්තයෝ මෙයාලත් කොපමණ කලකටද දන්නේ නැහැ ඔය නීතිය කරන්න ඉඩ දෙන්නේ? කොහොම උනත් ඔබ පිට කොන්දක් ඇති නිලදාරියෙක්. ඔබලාගේ සේවය අපට ගොඩක් වටිනවා. ඔබට සුබ පැතුම්. (නදී)
දැන් අර ඇමතිවරයා අල්ලා නීතිය ක්‍රියාත්මක කර ආදර්ශයක් පෙන්වන්න (නදී)
මෙතුමාව ඒ.එස්.පී තනතුර සඳහා උසස් කළ යුතුයි (නදී)
මෙම නිර්භීත නිලදාරියට උසස් වීමක් සුදුසුය. මෙය ජනාධිපති තුමාගේ අවදානයට යොමුවේවා (නදී)
1975 දී පාර්ලිමේන්තුව විසුරවා හැර මැතිවරණයක් පවත්වනවා වෙනුවට තවත් අවරුදු දෙකක් කාලය දික් කිරීමට විරෝධය පාමින් ජේ ආර් තමාගේ මන්ත්‍රි කමින් ඉල්ලා අස්වී කරපු නිර්භීත ක්‍රියාවෙන් පසු කව්රු හරි තමාගේ ප්‍රතිපත්ති රැකීමට අනාගතය පරදුවට තබාපු අවස්තාවක් හැටියට මේක සලකන්න පුළුවන්. (නදී)
එතකොට අදිවේගී මාර්ගයේ ප්‍රශ්නේ ඇති උන නිලදාරියාටත් යුක්තිය ඉටු වෙනවා නම් හොඳයි. මස් මාලු කන්නේ නැති හිටපු අැමතිතුමෙකුගේ වැඩ නිසානේ ඒ නිලදාරියටත් රැකියාව නැති උනේ. (නදී)
දැන් අර දඩ කොලය දුන්න නිසා එලියට විසි වුන රාලහාමි ගැනත් සොයා බලන්න. (නදී)
දැන් ගිහින් ඔය හෙට්ටිව අත් අඩංගුවට ගන්න දෙකක් ඇනල කුඩුවට දාන්න (නදී)
තව ටිකක් ඉවසන්න. ජෙනරාල් සරත් ෆොන්සේකාට ලැබෙන එක අමාත්‍යංශයක් පොලිස් දෙපාර්තමේන්තුව. (නදී)
මේ ප්‍රතිචාර දිහා බැලුවම අද මිනිසුන්ට ඕන ස්වාධීනව වැඩ කරන නිළදාරීන් කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එහෙනම් ඉක්මනටම අර කීව කොමිසන් පහ ගේමු නේද ? (ර)
අනේ අමුතු හෙට්ටි කරන්නකෝ (නදී)
ඔබ ගැන අපි ආඩම්බරයි සුබ පතනවා අනාගතයට (නදී)
නිර්භීත ඔබගේ සේවය, යහ පාලනය යථාර්තයක් කිරීමට මේ මොහොතේ අත්‍යවශ්‍ය වී තිබේ. (ර)
අතුල, ඉදිරි මහමැතිවරණය පවත්වා අවසන් වනතෙක් හැමදේම හොදට තියේවි. ඊට පස්සේ. (නදී)
මෙතුමාව තනතුරින්ද උසස් කළයුතුයි (නි)
සංජු, පුතා දින සියයෙන් විනාශ කරපු ආයතන රාමුව ගොඩ නංවාගෙන යන්නේ. ඊට පස්සේ ඒ ඇතුලේ තම කටයුතු කෙරෙන්නේ. එ්ක හොඳ දෙයක්. ඔලුව වෙනස් කරන් බලන්න. එක්වන්න ඒ සමග යහ පාලනය පවත්වා ගන්න (නදී)
සුබ පතනවා. තනතුර සඳහා උසස් කළ යුතුයි (නදී)
කීර්තිසිංහ මහතාට නව සීලන්තෙන් උපහාර! ලංකාවේ පොලිසියේ හුඟක් ඉන්නේ අපෘෂ්ඨවංශිකයෝ. කලාතුරකින් කොඳු ඇට පෙළ ඇති පෘෂ්ඨවංශිකයොත් ඉන්නවා මෙයා වගේ (නදී)
ඉතාම සතුටුයි (නි)
පොලිස් සේවයේ අභිමානය රැකගන්න කැපවුණ අවංක නිළධාරියෙක් (නි)
ඔබතුමාට සුබ පතනවා. ඇත්තටම අපි චිත්‍රපටි වල දකින වීරයන්ට පස්සේ ඔබතුමා තමයි අපේ ඇත්ත ජීවිතයේ දුටු වීරයා. ඔබතුමාට සුබ අනාගතයක්! වැරදි කරන අයට දඬුවම් දෙන්න (නි)
මෙවැනි නිළධාරීන් තව 100 ක් පොලිසියේ සිටියොත්, මේ රට බොහෝ ආශිර්වාදලත් රටක් වෙනවා. ඔහුගේ නව ආරම්භයට සුබ පතනවා. (නි)
පොලිස් ස්ථානාධිපතිතුමාට අපේ උණුසුම් හෘදයාංගම සුබ පැතුම්! ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තමා අපේ පොලිසියට ඕනෑ (නි)
මේක නම් ඉතාම සතුටුදායක පුවතක් (නි)
මම නම් ප්‍රාර්ථනා කළේම මෙහෙම වෙන්න කියලාමයි (නි)
කොන්ද පණ තිබුණු නිළධාරියෙක්. තනතුර නැවත ලැබීම ගැන සතුටුයි (නි)
මේක කුමනාකාරයේ පත්වීමක්ද එතකොට? (නි)
ඔය මහත්තයා හොඳ ආදර්ශයක් අනෙක් සෙප්පඩ විජ්ජා පෙන්වන අයට.කොන්ද කෙළින් තියාගෙන වැඩකරන නිළධාරීන්ට උසස්වීම් දෙන්න ජනාධිපතිතුමනි. වැරදිකරන්නන්ට දඬුවම් දෙන්න.මොහු කළ ක්‍රියාව අගය කරන්න ඕනෑ.ලක්වැසි සියලුම දෙනාගේ ගෞරවය ඔබට! (නි)
යහ පාලනය තුලින් ස්වාධීන කොමිෂන්සභා පත්කිරීමෙන් පසු රාජ්‍ය නිලධාරීන්ට දේශපාලකයාගේ ගැත්තෙකු නොවී මහජනයාට සේවය කිරීමේ යහපත් පරිසරයක් සකස් වේවි (දිල්)
පිට කොන්දක් තිබෙන නිළධාරියෙක්. ජයවේවා! (නි)
ඇමති කමට තට්ටු වෙලා. දැන් හොඳටම කෙට්ටු වෙලා. මුත්තෝ මාර නෝන්ඩිය නේද දැන්. (නදී)
අත්අඩංගුවේ සිටි කෙනෙක් බලෙන් ගන්නවා නම් අවම බලය නොයෙදුවේ මන්ද? (නි)
අනුර ළගදී වෙන ලෝකයකින්ද ගොඩ බැස්සේ...?(දිල්)
මෙතුමාගේ ජායාරූපයක් පළ කරන්න මෙවැනි කොන්දක් සහිත නිලධාරියෙක් රටට ආඩම්බරයක් (දිල්)