දිවයින පුරා මහාධිකරණ, මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණ වල සේවය කළ මහාධිකරණ විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් 75 දෙනෙකුට 2017 වර්ෂය සඳහා ලබා දුන් සේවා ස්ථාන මාරූ වීම් අනුව එම විනිසුරුවරුන් හෙට සිට (02) නව සේවා ස්ථාන වල රාජකාරී කටයුතු ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකුටද දිසා විනිසුරුවරුන් 30 දෙනෙකුටද මහෙස්ත්‍රාත්වරුන් 29 දෙනෙකුටද එලෙස සේවා ස්ථාන මාරූ වීම් ලැබී ඇති බව පවසන අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග අධිකරණ සේවා කොමිසමේ අතිරේක ලේකම්වරයා ලෙස සේවය කළ ආර්.පී.ඩී.පී.පී. රත්නායක මහතාද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ගිහාන් පිළපිටිය මහතාද ඇතු`ථ මහෙස්ත්‍රාත්වරුන් ලෙස සේවය කළ 12 දෙනෙකු දිසා විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලබා ස්ථාන මාරූවීම් ලැබ ඇති බවද සඳහන් කරයි.
දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කොට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස්වීම් ලැබු පස්දෙනෙකුද මහෙස්ත්‍රාත්වරුන් ලෙස අධිකරණ සේවයට සම්බන්ධ වු දසදෙනෙකුද නව පත්වීම් යටතේ සේවා ස්ථාන ලබාදී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බලමු අඩුගණනේ එක හොරෙක්වත් කොටුකරගන්න පුළුවන් වෙයිද කියලා. (නි)
නීතියට ඉහළින් කිසිවක් නැත (නි)
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය ගැන මට නම් කිසිම යුක්තිසහගත බවක් පෙනෙන්නේ නැහැ. කුමට එරට අධිකරණය නිතිය, සහ විනිසුරන් කියන නන්දා මාලිනියගේ ගීතය තවමත් ගැළපෙනවා. (නි)
පොලිසියටත් මෙය ක්‍රියාත්මක කළයුතුයි (නි)