අම්බලන්ගොඩ දේවානන්ද හා ධර්මාශෝක දෙවිදුහල් අතර 48 වැනි වරට අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික ක්‍රිකට් ගැටුමේදී විනිසුරුවරු ප්‍රේක්ෂකයන්ගෙන් බේරීමට දිව ගියහ.
මීට පෙර 2013 වසරේ පැවති මහ ක්‍රිකට් තරඟයේදී විනිසුරුවන්ට පහර දීමක් සිදුවීම ඊට හේතුව බව කියති.
ඒ හේතුවෙන් 2014 වසරේ තරඟය නොපැවති අතර මෙවර කලබලකාරී සිදුවීමක් සිදුනොවූ අතර තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමග පිටියට පැමිණි ප්‍රේක්ෂක පිරිසෙන් බේරීමට විනිසුරුවරු වහා පිටියෙන් ඉවත්ව ගියහ. මෙම තරඟයේ ආරක්ෂාවට පොලිසියේ 300 දෙනකු පමණ යොදවා සිටි බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුවරුන්ට දිවිමට තරම් දෙයක් වුණේ නැහැ. එත් ඔවුන් ආලෝක තත්වය යහපත්ව තිබියදි එක් පාසලක් පාරාජය ආසන්නයට පැමිණ සිටියදි තරගය ආලෝකය මද බව පවසා නතර කළා. විනිසුරුවරුන්ට කිසිදු තර්ජනයක් සිදුවුයේ නැහැ. (ත)
දේවානන්ද .... ධර්මාසෝක ... ආනන්ද .. නාලන්ද ... මහානාම ...ඩී එස් සේනානායක . බෞද්ධ ඉස්කෝල මේ ඔක්කොම.. විශේෂම දේ තමයි ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ ජන්ම සංවත්සරය දවසෙම ඩී එස් සේනානායක මහානාම තරගයේ ගෝරියක් ගිය එක.
මේක වුණේ අම්බලන්ගොඩ නේද? එක අතකට පුදුමවෙන්න දෙයකුත් නැහැ. (නි)
එයාලා පිට්ටනියේ හිටියට කවදාවත් ළඟින් යන බෝලයක්වත් අල්ලන්නේ නැහැ.ඒ නිසා එළවා එළවා ගහන්න ඇති (නි)
සමහර පැතිවල මිනිස්සු ඔහොම තමා. කිසිම තැන්පත්කමක් නැහැ (නි)
දේවානන්ද .... ධර්මාසෝක ... ආනන්ද .. නාලන්ද ... මහානාම ...ඩී එස් සේනානායක . බෞද්ධ ඉස්කෝල මේ ඔක්කොම.. විශේෂම දේ තමයි ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ ජන්ම සංවත්සරය දවසෙම ඩී එස් සේනානායක මහානාම තරගයේ ගෝරියක් ගිය එක (අ)
ක්‍රීඩාවේ තත්ත්වය මෙච්චරටම පිරිහිලාද? (නි)
විනයක් නැත්නම් ඇයි මේ තරඟ තියන්නේ. (නි)
මහත්මා ක්‍රීඩාවද, දඩ කෙළියද ? (නදී)
අද ක්‍රිඩාව තුළ ද ප්‍රේක්ෂකයන් තුළද කිසිදු විනයක් නැහැ .නිති රිති පනවා තදින් විනය ඇතිකළ යුතුයි.(ම)
විනයක් නැතිකම මේවට මුලිකම හේතුව.(ම)
ලෝකෙම ඉන්න ලොකුම චන්ඩි ඉන්නේ ලංකාවේ කියල හිතන් ඉන්න මෝඩ මිනිස්සු ඉන්න රටක් මේක (ම)
මහා ලොකු සිංහල බෞද්ධ කියා ගන්න ඉස්කෝල නේද මේවා. මුන්ට හොද ගඟේ මාළු අල්ලන්න පුරුදු කරන්න. (ම)