IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විනිසුරුට පිටුපා පිටියෙන් ඉවත ගිය හිටපු ශූරයන්ට දඩ-දැඩි අවවාද

ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේ  නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගය අත්හැර දමා අතරමග පිටියෙන් ඉවත්වූ මීගමුව දොන් බොස්තෝ පිලේ කී‍්‍රඩකයන් හා නිලධාරීන්ට දැඩි අවවාද කරමින් රුපියල් 5000 ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනය  කමිටුව තීරණය කළේය. එහිදී කණ්ඩායම් නායක මංජුල කුමාරට තරගාවලියේ ඉදිරි තරග දෙකකට සහභාගිවීම   තහනම් කිරීමටත් විනය කමිටුව පියවර ගෙන තිබේ. මෙම ලීග් තරගාවලියේ තරග 22 කින් 13 ක්ම ජය ගනිමින් ගියවර ශූරතාව දිනා ගත් දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය මෙවර තරගාවලියේ මේ වනවිට දැඩි පසුබෑමකට ලක්ව සිටියි. ඔවුන්  තරගාවලියේ ලකුණු සටහනේ පසුවන්නේ හත්වැනි ස්ථානයේය. විනිසුරු එල්.කේ.ජේ. උදයශාන්ත මහතාගේ තීරණවලට විරෝධය පාමින්  තරගය ආරම්භ වී 35 වැනි විනාඩියේදී දොන් බොස්කෝ කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත්ව ගිය බව වාර්තාවේ. එසේ බලහත්කාරයෙන්  විනිසුරු තීරණවලට පිටුපාමින් තරගයෙන් ඉවත්වීම තරග නීතිරීති උල්ලංඝනය කිරීමක් වන බැවින් දොන් බොස්තෝ කී‍්‍රඩා සමාජය දඬුවම් පැමිණවීමට කටයුතු කළ බව විනය කමිටුව ප‍්‍රකාශ කරයි. ප‍්‍රධානතම පාපන්දු තරගවලියේ අලූත්ම තරග ප‍්‍රතිඵල  අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට  යුද හමුදා කී‍්‍රඩා සමාජය  සමත්ව සිටියි. තරගාවලියේ ගියවර අනුශූරතාව හිමිකර කී‍්‍රඩා සමාජය වන්නේද යුද හමුදා පිලයි.



අදහස් (0)

විනිසුරුට පිටුපා පිටියෙන් ඉවත ගිය හිටපු ශූරයන්ට දඩ-දැඩි අවවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2353 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site