ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේ නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගය අත්හැර දමා අතරමග පිටියෙන් ඉවත්වූ මීගමුව දොන් බොස්තෝ පිලේ කී‍්‍රඩකයන් හා නිලධාරීන්ට දැඩි අවවාද කරමින් රුපියල් 5000 ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනය කමිටුව තීරණය කළේය.
එහිදී කණ්ඩායම් නායක මංජුල කුමාරට තරගාවලියේ ඉදිරි තරග දෙකකට සහභාගිවීම තහනම් කිරීමටත් විනය කමිටුව පියවර ගෙන තිබේ. මෙම ලීග් තරගාවලියේ තරග 22 කින් 13 ක්ම ජය ගනිමින් ගියවර ශූරතාව දිනා ගත් දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය මෙවර තරගාවලියේ මේ වනවිට දැඩි පසුබෑමකට ලක්ව සිටියි. ඔවුන් තරගාවලියේ ලකුණු සටහනේ පසුවන්නේ හත්වැනි ස්ථානයේය.
විනිසුරු එල්.කේ.ජේ. උදයශාන්ත මහතාගේ තීරණවලට විරෝධය පාමින් තරගය ආරම්භ වී 35 වැනි විනාඩියේදී දොන් බොස්කෝ කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත්ව ගිය බව වාර්තාවේ.
එසේ බලහත්කාරයෙන් විනිසුරු තීරණවලට පිටුපාමින් තරගයෙන් ඉවත්වීම තරග නීතිරීති උල්ලංඝනය කිරීමක් වන බැවින් දොන් බොස්තෝ කී‍්‍රඩා සමාජය දඬුවම් පැමිණවීමට කටයුතු කළ බව විනය කමිටුව ප‍්‍රකාශ කරයි.
ප‍්‍රධානතම පාපන්දු තරගවලියේ අලූත්ම තරග ප‍්‍රතිඵල අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා කී‍්‍රඩා සමාජය සමත්ව සිටියි. තරගාවලියේ ගියවර අනුශූරතාව හිමිකර කී‍්‍රඩා සමාජය වන්නේද යුද හමුදා පිලයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd