තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (08) ත්‍රිපුද්ගල ශ්‍රේඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ සලකා බැලීමට නියමිතය .

මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවේ.

තමාට එරෙහි පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා නීතීඥ නිමල් මුතුකුමාරණ මහතා මගින් ගොනු කළ සිය මූලික අයිතිවාසිකම්  මූලික අයිතිවාසිකම් පෙත්සමින් ඉල්ලා සිටී.