ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගැන සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නීතිපති උපදෙස් මත අද (07) අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
කාන්තාවකට පහර දී තුවාල සිදුකිරීම, සාපරාධී බිය ගැන්වීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම සහ බරපතල අපයෝජනය යන චෝදනා එම බී වාර්තාවට ඇතුළත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙතුමාව පුද්ගලිකව අඳුරන්නේ නෑ. නමුත් මෙතැන අදහස් දාන අය දැක්කද සිද්ද උන දේ ? ඒ ගෑණු කෙනා ඇත්ත කියනවා ද ? බොරු කියනවා ද ? කව්ද දන්නේ. ගෙවල් වල වැඩට එන ගැහැණු ගැන මන් දන්නවා. මගේ දරුවා බලාගන්න ඇවිත් දවස් දෙකෙන් ටොකු ඇනලා ඔලුවේ ගෙඩි හැම පැත්තකම දෙපැත්තටත් තියෙනවා (නදී)
සකුන්තලගේ ප්‍රතිචාර දෙක්කම , කාටද කඩේ යන්නේ කියා වැටහෙනවා. නමේ හැටියට සකුන්තලා ගැහැණු කෙනෙකුත් වෙලා කාන්තා හිංසනය ගෙන සිතන අකාරය පුදුමයි (නදී)
තනතුර අදාළ නැහැ. දඬුවම කාටත් පොදුයි (නි)
පොලිසීය ගහන ඒවට මොකද කරන්නේ (නදී)
නීතිය සියල්ලන්ටම පොදු වියයුතුයි (නි)
අපි මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ.... (නි)
එයාලට වෙන නීතියක් තියෙන්න බැහැනේ. නීතිය සැමටම සමාන වියයුතුයි (නි)
මොන වගේ රටකද අපිට සහ අපේ දරුවන්ට ජිවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ කියලා හිතෙන කොට පුදුම දුකක් ඇති වෙන්නේ..(ම)
ස්ත්‍රී දුෂකයෝ ඉක්මනින් ඇප ලබාගන්න රහස දැන් තමයි අපිට තේරෙන්නේ (නදී)
මෙතුමා වරදක් කරල නම් එ්කට නීතියට දඬුවම් දීම අසාධාරණ නැහැ .එ්ත් මෙතුමටත් දේශපාලනික ප්‍රශ්න සහ බලපෑම් තිබෙන බවත් පේනවා. ඒ වගේම පුද්ගලික ප්‍රශ්නත් තියෙනවා. තව ලොකු ලොකු මිනිස්සු අතරේ ඉන්නකොට එයාලගේ කැපිලිත් තියෙනවා. මෙතුමා අවුරුදු තිස් ගණනක් විනිස්චයකාරයෙක් විදියට කටයුතු කරලා තියෙනවා. විනිස්චයකාරවරයෙකුට අනිත් අයට වගේ සමාජයේ ගැවසෙන්න අයිතියක් නැහැ. මෙතුමාලා එක්තරා ආකාරයක නිවාස අඩස්සියක සිටින සිරකරුවන් වගේ. මෙතුමාට බලපාන ප්‍රශ්න සහ මෙතුමාගේ මානසික තත්වය වගේම මෙතුමා කල සේවය ගැනත් ටිකක් සාධාරණව සහ සාධාරණත්වයේ මුලධර්ම වලට අනුකුලව බැලීම සුදුසුයි. අනික විනිශ්චයකාරවරුන් කරන්නෙත් නිතිය අනුව යුක්තිය පසිඳලීම. ඒ නිසා එයාල දිහා ද්වේශ සහගත් කෝණයකින් බලලා මෙතන අදහස් ඵල කරන්න එපා. මතක තියාගන්න විනිශ්චයකරවරුන් කියන්නෙත් මනුෂ්‍යන් . එයාලටත් ආදරය තරහ අනුකම්පාව වගේ දේවල් දැනෙනවා එයාලගේ පුද්ගලික ජීවිතයේදී. අනික මෙතුමන්ලා උසාවියේදී ක්‍රියාත්මක කරන්නේ අපේ ජනතාව එයාලගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කරලා යවන අවංක උගත් බුද්ධිමත් මන්ත්‍රී වරුන් හදන නීති මිස මෙතුමලට අවශ්‍ය නීති සැබැ ජීවිතයේදී විනිස්චයකාරවරු අපි දකින සාමාන්‍ය නිලධාරිවරු වෛද්‍යවරු, නිතිංඥයෝ එක්ක සලකද්දී හරිම සරල සහ අවංක සුන්දර අදහස් සහිත මනුස්සයෝ (නදී)
සකුන්තලා.ඒ නිසාද පාවෙන අවි ගබඩාව ගැන,සුදු වැන් ගැන,මිග් යානා ගනුදෙනුව ගැන........වගේ නඩු වලින් ගෝටාභයව නිදහස් කළේ (බ)
සකුන්තලා කියන විදිහට රටේ අසරණ ගැහැණු 100 ක් දුෂණය කරලා මරන්න ගියත් නිදහස් වෙන්න ඕනේ කියලද? (බ)
ගෙදර සිටම නඩු අහපු,තීන්දු දුන්නු කාල පරිච්ඡේදයක් ලංකාවේ තිබුණා (බ)
මේ රටවලනම් නිතිය කාටත් පොදුයි. එහෙම කියන්නේ නිකම්ම නෙමෙයි. (බ)
කාන්තා හිංසනය ලිංගික බලහත්කාරකම් වලට විරුද්දව කතා කරන සංවිධාන එකතුවී මේ වාගේ අයට කල හැකි ලොකුම දඬුවම අපහාසය ලබා දිය යුතුය (ස)
මේ පලවෙනි සිද්ධිය නෙමෙයි.5 වෙනි සිද්ධිය.මුහුණ දැක්කම කියන්න පුළුවනි.අපි පිටරටවල ඉදන් මේ නඩුවේ තීන්දුව ගැන බලන් ඉන්නවා.දැන්වත් නීතියක් තිබෙන රටක් කියල ඔප්පු කරලම පෙන්වන්න.නැතිනම් හිතෙන්නේ අපි ඉන්නේ/ඉන්න සිද්ද වෙලා තිබෙන්නේ නීතියක් නැති කල නිතිය රජ කරන සුවාසිලන්තය, සෝමාලියාව,ඉතියෝපියාව,උගන්ධාව,කෙන්යාව,බන්ගලිදේසය... වගේ රටක කියලයි. (බ)
රටක් වුනහම රටේ නිතිය කියල දේකුත් තියෙන්න ඕනේ. (බ)
මෙයා සකුන්තලගේ හිතවතෙක් වගේ (බ)
කියන විදියට වැඩේ බරපතලයි වගේ. (ස)
කාන්තාවන්ගෙන් පිරිමින්ට වෙන ලිංගික හිංසන අඩත්තේට්ටම් වලටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නදී)
ඔය කියන චෝදනා සාමාන්‍ය කෙනෙක් අතින් උනානම් දෙපාරක් රිමාන්ඩ් කරලා. ජීවිතේට ඇප දෙන්නෙත් නැහැ. මේ අය සාමාන්‍ය මනුස්සයෝ නෙමෙයි මනුස්සයන් අතර ඉන්න අමනුස්සයෝ කොටසක්. (නදී)
අපිටත් ආරංචියි කලිනුත් මෙහෙම කාන්තා හිංසන ප්‍රශ්නයක් තිබුණා කියලා (ම)
මේ පාර නම් සෙල්ලම් නෑ කොල්ලෝ. ස්ත්‍රී දුෂණ වලට දඩුවම් දෙන උසාවියේ ලොකු පුටුවේ මහත්තය මාට්ටු. බලමු මොකද්ද මෙයට දෙන දඩුවම කියල?(නදී)
අපේ කාලේ වැරදි කරපු අයට දඩුවම් කළේ නැහැ එක වරදක් ..... (මහින්ද රාජපක්ෂ මහත්මය ) එතකොට දැන් අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනේ නේද.(බ)
මීට කලිනුත් විෂමාචාර කිහිපයකට මෙයාට චෝදනා තිබුනා. ඒවාට වුන දේ කියන්න ඕන නැහැ නේ.(නදී)
මෙයාල වගේ අය තමා කාන්තා දුෂණ නඩුවලදී දුෂකයව මාස හයෙන් නිදහස් කරලා අරින්නේ . (නදී)
මූන බලපුහම තේරෙනවා මෙයා අහිංසකත්වයේ උල්පතක් කියලා. මනමේ එකේ කාල ගෝල මතක් උනා (නදී)
ආබෘෘ මහතා උගත් වැදගත් විනිශ්චයකාර මහතෙක්, මේ වගේ උගත් අයට එල්ල කරන චෝදනා හෙලා දකිනවා. (ර)