තව දුරටත් බියෙන් සැකෙන් නොසිට ගමින් ගමට ගොස් වත්මන් පාලනය වෙනස් කිරීමට දැනුම්වත් කරන බව තරුණ කලාකරුවන් පිරිසක් විසින් පිහිටුවා ගත් ‘අලුත් පරපුර‘ සංවිධානය අද (23) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.
මොහාන් රාජ්මඩවල -
‘මෙවර මැතිවරණය සඳහා අලුත් ඡන්ද ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ අලුත් ඡන්ද දායකයන් සියලු දෙනාම අලුත් සංනිවේදන ක්‍රම භාවිත කරන පිරිස්. ෆේස්බුක්, ට්විටර් භාවිත කරන පිරිස්.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස් බුක් ගිණුමට එක් දිනයක් ඇතුළත කැමැත්ත පළ කිරීම් (ලයික්) ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට දින දහයක දී හැත්තෑ නම දහසක් කැමැත්ත පළ කිරීම් ලැබී තිබුණා. දළ වශයෙන් ගත්තොත් ජනාධිපතිට දවසට කැමැත්ත පළ කිරීම් අට දහසක් පමණ එද්දි සිරිසේන මහතාට ලක්ෂයකටත් වැඩි ප්‍රමාණයක් ආවා.
තරුණ කැමැත්ත කොහෙද තියෙන්නේ බලන්න. මේවට තමයි සමහරුන් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියා. මේක තමයි උහුලාගෙන ඉන්න බැරිවෙලා තියෙන්නේ.
ඡන්දෙට සති දෙකයි තියෙන්නේ. අපි දැක්කා සඳුදා (23) විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද?‘
කසුන් කල්හාර -
‘අධිකරණය පොලිසිය වගේ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතු ආයතන ආණ්ඩුවකට බාර දුන්නට පස්සේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? මේක තමයි අන්තිම අවස්ථාව. මේ වෙලාවේ හොඳ තීරණයක් ගන්න කියලයි අපි ඉල්ලන්නේ.‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ රට ආයෙත් කාටවත්ම දෙන්නෙ නැහැ. අපි ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයාටමයි (නි)
නදීක,කලාකාරයෝ කියන්නේ කලාවට යම් සේවයක් කළ, ඒ සඳහා ජිවිතයේ යම් කැපවීමක් කළ, පොදුජනයාගේ සිතසුව පිනිස කලාව යොදාගන්න පිරිසක් (නි)
සෙත්මි ,ඔබ වගේ මෝඩ විදියට හිතන තරුණ පරපුරක් අද නැහැ (නි)
මට දැනෙන ආකාරයට බන්දුල මහත්තයා මොනවගේ කෙනෙක්ද කියලා මෙතන ලියන්න අමාරුයි (නි)
බන්දුල පෙරේරා ,ඔයා හරිම මෝඩයෙක්. නැහැ නැහැ හරිම හොරෙක් (නි)
මේ යොවුන් කලාකරුවන්ට නමස්කාර කළයුතුය.මන්ද ඔවුන් හෙළ කලා ධාරාව නිසිලෙස ගලායන්නට මඟ සකසන්නට තම ජීවිතයම මිලකින් තොරව පුදන නිසාය. (නි)
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය මේවාට නවතාලිය නොහැකිය.ඔබට තිත්ත වුණත් ඇත්ත ඒකය. (නි)
වරප්‍රසාද වරප්‍රසාද වරප්‍රසාද.....?? මෙපමණයි හැමගේම බලාපොරොත්තුව (නි)
බන්දුල පෙරේරාගේ දැනගැනීම පිණිසයි. ඔබේ පක්ෂයට පක්ෂපාති නිසා නියම හෙළයන් යැයි හඳුන්වන බොහොමයක් කලාකරුවන්ගේ ළමයින් මම වෙසෙන ඕස්ට්‍රේලියාවේ වෙසෙන බව දන්නවාද? ඒ අයගේ නම් ලැයිස්තුවක් අවශ්‍ය නම් දිය හැක. අපේ ළමයින් අපි දහම් පාසැල් යවා සිංහල උගන්වා ,ලංකාව පිළිබඳ දැනුවත් කර, මුල අමතක නොකර හදා වඩා ගන්නෙමු. ලංකාවේ වෙසෙන ඇතැම් කළු සුද්දන්ට වැඩිය අපේ ළමයින්ට හෙළ ගතිය ඇති බවද ලියමි. (නි)
මේගොල්ලෝ කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. ඔය උඩ කියල තියෙන්නේ මුලාවෙන් මිදෙමු කියලා. ඒ විදියට කරන්න. (නදී)
අලුත් පරපුරට අපේ උත්තමාචාරය (නදී)
අපි නොදන්නා මුහුණු පොත. හරි හරි ඔයාලා මුහුණු පොතෙන් මහින්ද මහත්තයා පරද්දලා මුහුණු පොතේ ජනපති හැටියට සිරිසේන මහත්තයා පත්වෙන හැටි බලාගෙන ඉන්න. අපි 9 වෙනිදාට මහින්ද මහත්තයා මේ රටේ මහපොළොවේ පයගහලා ජීවත්වෙන මිනිසුන්ගේ ඡන්දෙන් ජනපති වෙන හැටි බලන්නම්. (නි)
මම ඡන්දේ දෙන්නේ මෛත්‍රී මහත්තයට. ඒත් මම මේ අය කඩේ යනවට විරුද්ධයි (නදී)
සමන්ත, අපිට රටක් ඉතුරුවෙලා නැද්? (නි)
වර්ධන හා වරප්‍රසාද වෙනුවෙන් පෙනී නොසිටින සැබෑ විරුවානනි ඔබ අපට ශක්තියක් (නදී)
ජයවේවා! රටට නිවැරදි මාවතක් උදාකර ගැනීමේ අවසන් අවස්ථාව මෙයයි. (නදී)
මෙවර ඡන්දයට ඉන්න අපේක්ෂකයෝ කලක සිටම දේශපාලනය කරන අයනේ. කාගේ කාගේත් කෙරුම් අපි දැකලා තියෙනවා. අපගේ දැනුම අනුව දැන් ඉන්න ජනාධිපති මහින්ද මහත්තයාගේ කෙරුම් අපිට හොඳටම විශ්වාසයි. එහෙයින් අපගේ ඡන්දය අනිවාර්යයෙන් දෙන්නේ මහින්ද මහත්තයාටයි. ඔහු අපට විශ්වාසයි. (නි)
අද ඕනෑ තැනකට ඕනෑ වෙලාවකට යන්න එන්න තරම් හොඳ නිදහසක් වගේම හොඳ මාර්ග පද්ධතියකුත් තියෙන නිසා ඉස්සරහට වඩා ඉක්මනින් ගිහින් එන්නත් පුළුවන් බව මේ අය නොදන්නවාට බහුතර ජනතාව දන්නවා. ජනපති දිනනවා කළගුණ සළකන මිනිසුන්ගේ ඡන්දයෙන් (නි)
මෛත්‍රී පාලනයක් වෙනුවෙන් හැමෝම එනවා. ඒ අය තමයි සැබෑ දේශප්‍රේමියෝ (නදී)
මේ තරුණ කලාකරුවෝද?. (නදී)
ජය වේවා! (නි)
කරුණාජීව, ඔබ හරි. බලන්න බන්දුලගේ මුහුණු පොත ගැන ලියවුණ ටික සහ කීර්ති නමින් සමන්තට දෙන පිළිතුර එක ළඟ,ඉතා කුඩා කාල පරතර ඇතුව ලියවුණ අදහස්. මට සාධාරණ සැකයක් තියනවා අනිල් රෝහණ කියන්නෙත් මෙයාමද කියලා. (නි)
බන්දුල සමඟ කඩේ යන නඩයයි,අපේ නඩයයි එකතුවෙලා ප්‍රසිද්ධ මුහුණට මුහුණ විවාදයක් පැවැත්විය යුතු බව මම යෝජනා කරමි.එයට හේතුව අපේ නඩය ඉස්මතු කරන කිසිම ප්‍රශ්නයකට ඔවුන් පිළිතුරුදීමෙන් මඟහැර දිවයන නිසාවෙනි. (නි)
අට වැනිදට බලාගත්තහැකි (දිල්)
ජගත්, අපේ ගෙවල් එක ළඟ නෙමෙයි. අපි ඇත්ත වෙනුවෙන් කතාකරනවා. මහින්ද රාජපක්ෂ වැරදි ඇති. එ්ත් එ්කයි කියල මේ කැඳ හැලිය කොහොමත් හරියන්නේ නැහැනේ. (නදී)
සංක පුතේ, එස්. එෆ් අවුරුදු 30 ක් හමුදාවේ හිටියනේ. යුද්දේ ඉවර කරන්න 2009 වෙනකල් පොල් ගෑවද ? වෙනසක් වෙන්න නම් ඉතින් ආයෙත් ප්‍රබාකරන් ඉපදෙන්න ඕනා. ඉස්සර වගේ බෝම්බ පිපිරිලා මිනිස්සු බුරුතු පිටින් මෙරෙන්න ඕනා. එතකොට මහින්ද මහත්තය නැති වෙනසක් තේරෙයි (නදී)
අදමයි මේ අය දැක්කේ. මුහුණු පොතට යනවා ඇරුනම මේ අය වෙන මොනවද දන්නේ ? (නදී)
"අපි දැක්කා සඳුදා (23) විශ්ව විද්‍යාල සිසුන්ට පහර පොලිසියෙන් පහර දුන් ආකාරය. ඡන්දයක් අත ළඟ තියාගෙන මෙහෙම නම් මොවුන් ඡන්දෙන් දිනුවොත් මොනවා කරයිද?" තවත් අවරුදු 6 කට දෙනවා කියන්නේ බෙල්ල කපාගෙන මැරෙන්නයි සිද්ද වෙන්නේ. (නදී)
මේ අවුරුදු තුන, හතරට කර ඇති විනාශය චම්පික පෙරේරා මහතාගේ ඓතිහාසික හඩ පටය ඇහුවා නම් දැනගන්න තිබුනා (නදී)
(ළමා හා කාන්තා හිංසනය, පාතාලය හා මත් උවදුර පිටු දකින බවද එහි දැක්වේ.) අවුරුදු 10 ක් ගිහින් නොකරපු දේවල් කඩිමුඩියේ කරන්න මතක් වෙලා තියෙන එකට සතුටුයි. මහින්ද මහත්තයා මේ විදියට වරද්ද ගත්තේ රටේ බලවත් විපක්ෂයක් නොතිබ්බ නිසයි. දැන් ඉතින් කඩිනමින් ලොව දිනන්න හැදුවට මහජනතාව වෙන අතක් බලලා ඉවරයි. (නදී)
ඔබ වැනි රටට ආදරය දක්වන කලා කරුවන් ගැන අපට හරිම ආඩම්බරයි. තුට්ටු දෙකක් හොයා ගන්න රසිකයන් සහ සහෝදර නළු නිලියන් පාවා දෙමින් බොරු කියමින් ලක් ඉතිහාසයද වෙනස් කරමින් කඩේ යන සමහර නළුවන් ඔබලාගේ කයෙන් පහවන අසුචි බිඳක් තරම් වත් වටින්නේ නැත. එතරම්ම පිලිකුල්ය. (නදී)
ජීවන් ඔයා මේ කලා කරුවෝ ගැන දන්නේ නැද්ද? මෙයාල ඇත්තටම දක්ෂ තරුණ කලාකරුවෝ. මහින්ද මහත්තයට සහයෝගයට නම් පින් පොන් මහත්තය ඇවිත් උන්නා. (නදී)
වෙනසක් ඉල්ලන්නේ මේගොල්ලෝ ඉස්සර මේ රටට සමහරු කළදේවල් දැනගෙනද? (නි)
ඔබලා දැකීමත් සතුටක් ඇතිකරවනවා. අැයි ගැත්තෝ සහ මීහරක් දැකලා එපා වෙලා (නදී)
ඔහොම යමුකෝ! (නි)
වර්තමාන දේශපාලනය පිළිබඳව සමස්ත ජනමනස අවබෝධ කරගැනීමට උපයෝගී කරගත් නිර්ණායකය තුලින්ම පේනවා ඔවුන්ගේ දැනුම.(නදී)
මේ කලාකරුවන්ගේ දැනුම මේ කතා වලින්ම පේනවා. ගිය පාරත් ඔය ජාලයේ වැඩිම කැමැත්ත තිබුනේ පැරදුන කෙනාට තමා (නදී)
මෛත්‍රීට ජය (නදී)
පොදු අපේක්ෂක තුමත් හොද තරුණයෙක් වෙන්න ඇති. එ්ක නේ මේ කියන්නේ. (නදී)
බාල මහලු සියලුම දෙනා දැන් ඔය ජාලයේ ඉන්නවා. ජාලයේ හිටිය කියල තරුණයෙක් වෙන්නේ නැහැ (නදී)
අනේ ඉතින් මිට කලින් සරසවි සිසුනට මල් මාලා දාල නේ පිලි ගත්තේ. මාරු තරුණයෝ ටික (නදී)
ඩයස්පෝරාවේ මුදල් මත පදනම්ව මේ රටේ ඒකීය භාවය පාවා දීමට උත්සාහ කරන දේශ ද්‍රෝහීන්ට එරෙහිව නැගී සිටිමු. විජාතික කුමන්ත්‍රණ පරදා යෝධ සංවර්ධන ක්‍රියාවලියක් ගෙන යන ජනපතිදුගේ ජය තහවුරු කරමු. ජන මුල නායකයා සුරකිමු. (නදී)
නවක පරපුර කොහොමත් බුද්ධිමත්. මේ අය රවටන එක කොහොමවත් කරන්න බැහැ. කට්ටිය හිතාගෙන ඇති පරණ පරපුර වගේ අලුත් පරපුර රවටන්න පුලුවන් කියා. දැන් දරුවන් රැවටෙන්නේ නැහැ. ඔබලා කළ යුත්තේ යල් පැනපු අදහස් හිතේ තියාගෙන ඉන්න අයවත් වෙනස් කිරීමයි (නදී)
පෞද්ගලික තරහ පිරිමහගන්න ආපු සුළු පිරිසක්. නිහඩව විශාල පිරිසක් මේ දෙස බලා ඉන්නවා. පෞද්ගලික වාසිවලට අපි රට පාවා නොදෙමු! (නදී)
ගංජා ගහලා සින්දු කියන්ඩ, රඟපාන්ඩත් අවසරද ? (නදී)
මරු තරුණ කලාකාරයෝ ටික දැක්කෙත් අදම තමා (නදී)
අලුත් පරපුර නිසා පරණ දේවල් දන්නේ නැතුව ඇති. එ්ක නිසා තමා රැල්ලට අහුවෙලා කඩේ යන්නේ. (නදී)
මෙයාල දන්න දේශපාලනේ. ලස්සනට සින්දුවක් කියලා ඉන්නේ නැතිව. (නදී)
මෙයාලව දන්නේ නැහැ කියන්නේ ලංකාවේ අයද කියලත් හිතෙනවා. (නි)
මෝඩ අදහස් දාල තියෙන විමල් වගේ අය නැතුව තරුණ පරපුර සත්‍ය තේරුම් ගැනීම ගැන සතුටුයි. (නදී)
අනේ විමලෝ, කේ. පී. ලාගෙන් සල්ලි අරන් ඇත්තේ නේද? කේ. පී. ඉන්නේ පොදු අපේක්ෂක එක්ක වෙන්ඩ ඇති නේද? අනේ මගේ කට. මේ බොරු කාරයන්ගෙන් රට බේරගන්ඩ මෛත්‍රී මහතාට ජය හිමි වේවා. (නදී)
මම කැමති නළුවෙක් සහ ගායකයෙක් ඉන්නවා. එක ගායකයෙක් මගේ මිතුරෙක්. ඒත් මෙයාලා දක්වන අදහස් වල ගොඩක් බොළඳ ගතියක් මට පෙනෙනවා. මීටවැඩිය කරුණු දැනගෙන කළා නම් තවත් හොඳයි (නි)
තිරයෙන් සහ මයික්‍රෆෝනයෙන් පිටුපස සිට දස්කම් පෙන්වන ඔබලා සමාජයේ අප අතරට පැමිණ කරනා මේ මෙහෙයුම අගය කරමි. හොරකම සහ මර බිය දුරු කර මෛත්‍රිය පතුරවමු. (හේ)
ඇත්තටම සන්තොස වෙනවා කසුන්,චාපා ඔක්කොම වැදගත් තීරණයක් ගැනීම ගැන.(හේ)
ඇත්තටම හොද දෙයක්.මේ වගේ තරුණ පරපුර කතා කරන එක.(හේ)
මාගේ පාඨක හිතවතුනි, මේ හැට පැනපු බන්දුල නම් මානවකයා පිළිබද තවත් හෝඩුවාවක් මෙන්න. මොහු පුරුෂ නම්, ස්ත්‍රී නම්, දමිල සහෝදරයන්ගේ නම්, මුස්ලිම් සහෝදරයන්ගේ නම්, බගර් ජාතික නම් වලින් සහ පිටරට ජීවත් වෙන අයෙකු මෙන් [එම රටවල් වල නම් යොදමින්] අදහස් පල කරන බව මතක් කරනු කැමැත්තෙමි. නමුත් මොහුගේ ලියන විලාශය වෙනස් කර ලිවීමට තරම්, මොලයක් මොහුට නැත. එනිසා ඔහුගේ අදහස් හදුනා ගැනීමට ඉතාම පහසුයි. (නදී)
අද සියලු දෙනාම වේදිකාවලට නැගලා නිදහසේ කෑ ගහනවා.දැන් තමයි සේරටම ජනාදිපති තුමාගේ වැරදි පෙන්නේ .අවුරුදු 30 කට ඉස්සෙල්ලා මේ වේදිකාවල ඉන්න අය එතුමාගෙන් ඉල්ලුවේ අභය දානයයි .කොහොම වුනත් රටේ බහුතර ජනතා කැමැත්ත තවමත් එතුමාටයි.ජනපති තුමනි ඔබ 08 වෙනිදට නැවතත් අපේ ජනපතිමයි.(හේ)
මෛත්‍රී දිනලා ඉවරනම් ඇයි මේ අය දඟලන්නේ. (ස)
මේක හොඳ වැඩක්. (නදී)
බන්දුල, කළු සුද්දන් ගැන අපෙන් අහගන්න එපා. බන්දුල හරියට කතා කරන්නේ ඔය ඔක්කොම අමුඩ ගහගෙන කුඹුරට බැහැලා ඉන්නවා වගේනේ. ඔය ලොකු ලොක්කන් හැමෝගෙම ළමයි ලංකාවේ ඉන්නේ දේශපාලනය කරනතුරු විතරයි. (නි)
බන්දුල පෙරේරා, තමන්ගේ මහන්සියෙන් හෝ උගත්කමින් අනිත් උදවිය වගේ යමක් කරකියාගත නොහැකි බැවින් ජීවන වෘත්තීය ලෙස කඩේ යාම තෝරාගත්තාද? ඉතින් පිටරට නෙමෙයි ලංකාවේ කෙනෙක් කාො ඇඳලා හිටියත් මේ වගේ මිනිසුන්ගේ කුහකකම සහ පිටාර ගලන ඊර්ෂ්‍යාව කියන එක හංගන්න බැහැ. (නි)
දැන් ගංජා ඕන නැහැ මොකද රටේ ඕනෑතරම් කුඩු තියනවා. එ්ක හින්ද මොහොමඩ්ලා රජ වෙනවා (නදී)
මේ අයට කවුදෝ වැඩි සීනි ප්ලේන්ටි සහ මස්කට් වලින් සංග්‍රහ කරලා වගේ. (නදී)
දැන් ඉතින් ප්‍රශස්ති ගීය ගයන්න ඔයාවත් පුරුදුවෙන්න බන්දුල. (නි)
දු පුතුනේ බයවෙන්න එපා ...... මෙදා පාර ගලනවා ගඟ හොදගෙනම යන්න . බුද්දිමත් දරුවනේ ඔබට අපේ ආචාරය (නදී)
අනිල් රෝහණ දැන් දවස් දෙක තුනකට කලින් හිටි ගමන් සභාවේ ඉපදුන කෙනෙක් නේ. හරියටම ඡන්දෙ කාලෙට සභාවේ මැද්දෙන් මඩ ගුලි අතේ අරන් මතු වුන පොඩි ළදරු පැටියා නිසා මේ කලා කරුවන් ඔබට කලින් දැකල පුරුදු වෙන්න විදියක් නැහැ තමා. (නදී)
මේ තරුණ කලාකරුවන්ගේ පියවර ට සුබ පතමි. මෛත්‍රීගේ ජය තරුණ පරපුරේද ජයක්. (නදී)
රටේ ස්වාදීන විය යුතු අංශ ස්වාදීන විය යුතුයි. අපි මේ අවස්ථාවේ නිවැරදි නොවුනොත් ඉදිරි අවුරුදු අටෙන් පස්සේ අපිට ඉන්න වෙන්නේ වහලුන් වගේ තමයි. (නදී)
අනේ අනිල් රෝහණ. ඔයා ලංකාවේද ඉන්නේ? කසුන් කල්හාර, ජගත් මනුවර්ණ, සමනලී ෆොන්සේකා ගැන අහලවත් නැද්ද? මහින්දට කඩේ යන මාලිනි, රවින්ද්‍ර, ජැක්සන්, වසන්ති වගේ තලත්තෑන් අය ගැන විතරද දන්නේ? අපේ මෛත්‍රීට ජය! (නදී)
කලින් ආන්ඩු ගසාකෑම්, නාස්ති සිදු කරන විට මෙයාලා කොහෙද හිටියේ ? (නදී)
බන්දුල කියන කෙනාට තද බල විශාද තත්වයක් තිබෙනවා වගේ. තමන් ඔන් ලයින් කඩේ යන ගමන් අනෙක් මිනිස්සුන්ට රට පෙරලනවා යයි චෝදනා කරයි. තමන්ට පුද්ගලික වාසි ලැබෙන නිසා බන්දුල තුමෝ ඔහේ එතනට කළගුණ සලකා ගන්නවා. හැබැයි මේ රටේ අනෙක් මිනිස්සුන්ට රට පෙරලනවා කියන්න ඔහෙට මොකද්ද තියන අයිතිය ? මෙතන මහා උන්නැහේ ඔහේද ? (නදී)
අනේ අනිල් රෝහණ ඔයා මේගොල්ලන්ව දැකල නැත්තේ නාසා එකේ වැඩ කර කර ඉඳල ඡන්ද වැඩ වලට ඊයේ පෙරේදා ලංකාවට ගොඩ බැහැපු හින්දා වෙන්න ඇති. ඔතන ඉන්නේ මොහාන් රාජ් මඩවල සහ ලක්ෂ්මන් විජේසේකර ගායකයාගේ දුව ටෙලි නාට්යය නිලි අමා විජේසේකර සහ තව කිහිප දෙනෙක්. (නදී)
මෙම කලා කාරයෝ වගේම පේස් බුක් එකේ වැඩි හරියක් ගතකරන අය මෛත්‍රීට උදව් කරනවා. අපිටත් වෙනසක් ඕනේ කියා කලින් සිතුනත් දැන් සිතෙන්නේ අපගේ පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් අැයි අපි සිය දිවි හානි කරගන්නේ කියලා (නදී)
මේ කලා කරුවෝ පළමු වරට අද දකින්න අනිල් රෝහණ මෙච්චර කල් බකිංහම් මාලිගාවේද හිටියේ ? එහෙම නැතිනම් ඡන්දෙට හිටි ගමන් මෙතන ඉපදුනාද ? (නදී)
මෙන්න නියම මිනිස්සු. ආඩම්බරයි (නි)
මේ බන්දුල පෙරේරා කියන කෙනාට තියෙන්නේ එසේ මෙසේ උමතු රෝගයක් නෙමෙයි. මිනිසුන්ට වෙන වැඩ නැහැ කියලා හිතුවද? (නි)
අනේ බන්දුල, ඔහේට සැප විඳින්න බැරිවුණේ රට ඉන්න මිනිස්සු හින්දාද? කළු සුද්දෝ ඉන්නේ කොහෙද කියලා මුළු ලෝකයම දන්නවා. ඒක හින්දා අපෙන් ලුණු ඇඹුල් ඇතුව කළු සුද්දෝ ගැන නම් අහගන්න එපා. (නි)
මේ බන්දුල කියන තැනැත්තා උමතුවෙන් කියවන්නේ මොකද්ද? (නි)
මේක දැක්කහම පෙනෙනවා අපේ රටේ මිනිසුන්ගේ පටු අදහස්. මම මෙතන ඉන්න අයගෙන් බාගයක් පෞද්ගලිකව දන්නවා. මේගොල්ලන්ටත් අයිතියක් තියෙනවා රටට වෙන දේ වෙනුවෙන් පෙනීසිටින්න. ඒ නිසා මෙතන මේ ගොල්ලන්ට බනින ඔක්කොම දැනගන්න අපේ අනාගතය මොකක්ද කියලා. අනික මුහුණු පොත තියෙන්නේ සමාජයත් එක්ක එකතු වෙන්න. ඔයාලා පටු අදහස් එක්ක ඉන්න නිසා මුහුණු පොත පෙනෙන්නෙත් වැරදියට. (නි)
රොබින් සහතික ඇත්ත. සමාජ වෙබ් අඩවි වලින් පුලුවන්ද සමස්ත රටේ තරුණ තීරණය දැනගන්න (නදී)
බන්දුල, ඔහෙට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙමෙයි. පුද්ගලික න්‍යාය පත්‍රයක්. මෙතන ඉන්න ලොකුම කළු සුද්දා තමුන්නැහේ. ඔහේ වගේ මිනිස්සු තමයි බොරු දේශමාමකබවක් පෙන්නාගෙන හෙට අනිද්දාට රටත් කාටහරි බදුදෙන්න සූදානම් වෙන්නේ. (නි)
චනිල් ඔයා හරියට හරි. ඔයා කියපු කෙනත් ඉන්නවා ලිස්ට් එකේ. ඔයාට ඕනේ නම් මම දෙන්නම් මෙයා පාවිච්චි කරන නම් ලිස්ට් එක. දැනටම මට අහුවෙලා තියෙනවා නම් 29 ක්. තව කොච්චර තියෙනවද දන්නේ නැහැ. (නදී)
මට පේන්නේ මේ අය ඉල්ලන්නේ කනට බෝල් පොයින්ට් පෑනක් ගහලා ධර්මචක්කරේ දාලා කරකවන කාලයක්ද කොහෙද. ඉල්ලගන්න ඉල්ලගන්න එයාල දේවි (නදී)
බන්දුල මලයා දුකට පැල් කවි කියයි. (නි)
කෝ අර මායිම් ගම්මානයෙන් ආපු මෛත්‍රී විරෝධී ශ්‍යාමා කුමාරි ? දැන් ආගිය අතක් නැහැ නේද ? කුලියට මෙතන ලියන්න ඇවිත් කියපු බොරු ටික අතේ පත්තු වුනාම අතුරුදහන්. (නදී)
ක්‍රිස් මහත්මයෝ, අපිට ඔය වීණා නාදය අහලම ඇති වෙලා.ඔහේ ගාව වෙන මොකුත් සංගීත භාණ්ඩයක් නැද්ද වයන්න? (නි)
මේ අය කැමතිද ආයේ බෝම්බ පුපුරනවට, මිනිස්සු මැරෙනවට (නදී)
ජයවේවා ! (නදී)
කසුන් කල්හාර ඇරුනහම අනිත් අය ගැන දන්නේ නැහැනේ (නදී)
පිටරට ඉන්න අයට කළු සුද්දන් යැයි කියන කෙනා හීනමානයෙන් පෙළෙන කෙනෙක් බව පෙනෙනවා. එයාගේ කඩේ යන තැනට හෝයියා කියන්නේ නැති මිනිස්සු කළු සුද්දෝ. (නි)
අනිල් රෝහණ ඉපදුනේ කවද්ද ? මේගොල්ලන් දැක්කේ අද වුනාට අර බකිංහම් අශ්වයා පෙන්නුවා නම් හොඳට අඳුන ගනීවි මම හිතන්නේ. (නදී)
බන්දුල පෙරේරාට හොඳ නමක් නම් තියනවා. ඒත් ඒක මෙතන ලියන්න අමාරුයි (නි)
අනිල් රෝහණ, මොහොමඩ්, මහබාගේ අපට ලැජ්ජයි තමුන් ගැන. කඩේ යනවා නම් අඩුම ගානේ අමුඩයක් වත් ගහ ගෙන යන්න (නදී)
මෙතන කුලියට ප්‍රතිචාර ලියන කට්ටියත් ඉන්නවා වගේ. (නදී)
මලික්,චනිල්,ජගත් කුමාර මහත්වරුනි,මම දැන් එසැණහි අදහස් පල කිරීමේදී අනුගමනය කරන්නේ අපේ පැරණි ප්‍රස්තා පිරුළකට අනුව " උරාගෙ මාළු උරාගෙ පිටේම තියා කපන " ක්‍රමවේදයයි.එය ඉතාමත්ම සාර්ථක වූ බැව් සතුටින් කියනු කැමැත්තෙමි. (අ)
මේ කරුනාජිව සහෝදරයටනම් තියෙන්නේ අමුතුම පිස්සුවක්..රැට හීනෙනුත් පෙන්නේ බන්දුල පෙරේරාව වෙන්න ඇති..මේ එසැන පුවත්වල කවුරු හෝ තමන්ගේ මතයට පිටින් ප්‍රකාශ කරනවානම් මේ මනුස්සයට ඒ ලියන පුද්ගලයා පේන්නේ බන්දුල පෙරේරා වගේ..ඒ කියන්නේ මේ මනුස්සය හිතන් ඉන්නේ එයාල ඔක්කොම එක පැත්තකට කඩේ යනකොට අනෙක් පැත්තට කඩේ යන්නේ බන්දුල පෙරේරා විතරයි කියල ..නැහැ මහත්තයෝ..ඔයාට වැරදිලා..ඔයාට වැරදුනු තැන අපි 9 වෙනිදට ටොක්කක් ඇනලම පෙන්නලා දෙන්නම්..(නදී)
මේ කලා කරුවෝ දැක්කේ අද කියන්නේ ඇයි මීට කලින් රූපවාහීනි එහෙම බලලා නැද්ද (දිල්)
ඔබගේ ඉදිරිපත්වීම ගොඩාක් වටිනවා , ඔබලාට, ජය රටට ජය (දිල්)
අනුන්ට කළු සුද්දෝ කියන බන්දුල පෙරේරා ගැන මොකටද මගේ කට ! (නි)
රුසියන් සාහිත්‍ය කරුවා, ප්‍රංශ සාහිත්‍ය කරුවා , සමාජ පරිවර්තනයට ජනතාව පෙළ ගැස්වුවා කලා කරුවා හැමවිටම සිටිය යුත්තේ පිඩිත ජනයාගේ පැත්තේ. ඔබට ස්තුතියි.(දිල්)
රටේ වත්මන් පාලනයේ අවිදිමත් ක්‍රියාවන්ට හිස නොනමා, ජාතියේ හෙට දවස සුරක්ෂිත කිරීමට වෙර දරන මෙවන් කලාකරුවන්ගේ ගමන් මග සාර්ථක විය යුතු අතර ඔවුන් තනි නොකර සිටීමටද අප වග බලා ගත යුතුවේ. මන්ද ඒ, සංගීත ක්ෂේත්‍රයේ නව පරපුරේ ඉහලින්ම සිටිනා විශාරදයන් බැවිනි. (නදී)
බොහොම හොඳයි. (නි)
මේ කට්ටියට ඕන මොන වගේ වෙනසක්ද.. බෝල්පොයින්ට් පෑනෙන් කන හාරන ,එහෙම නැත්නම් ධර්ම චක්කරේ කැරකෙන, එහෙමත් නැත්නම් ටයර් මාල දාන වෙනසක්...? හරි හරි අපේ එක්සත් ජාතික පක්ෂ රජය මෛත්‍රිෙග් පිහිටෙන් මහින්ද එලවල බලයට ආවම දෙන්නම්. දෙන්නම්. පොඩ්ඩක් ඉවසල ඉන්න. ඕනනම් තුන්ඩු කල්ලෙන් කඩ වහන ඡන්දෙ දාපු එකාගේ අත කපන විරුද්ධ මත දරන එකාගේ කට කපන වෙනසකුත් බෝනස් එකක් වශයෙන් දෙන්නම්. (අ)
කසුන් කල්හාර, මොහාන් රාජ්මඩවල, ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර සහ සමනලී ෆොන්සේකා,මේ කොහේ ඉන්න කලා කාරයෝද ? (නදී)
අපි ඡන්දෙ දෙන්නේ රට වෙනුවෙන් මිසක් එක එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට නෙමෙයි. (නි)
මොහාන් රාජ් මඩවල, ලක්ෂ්මන් විජේසේකරගේ දුව අමා විජේසේකර හේමසිරි ලියනගේ නළුවාගේ ගේ පුතා ඉන්ද්‍රචාප ආදීන්. ! (නදී)
උපාලි, අපිටත් බැනර් එකක් අටෝගෙන මේ අය වගේ කඩේ යන්න පුලුවන්ද. ඔබගේ පීඩනයට රටෙන්, එහි නායකයන් ගෙන් රණවිරුවන් ගෙන් පලි නොගන්න! (නදී)
අනිල් රෝහණ පිටරටද හිටියේ මෙච්චරකල් ? (නදී)
එක්තරා බඩ ගෝස්තරවාදියෙක් තමන්ගේ උගත්කමින් මහන්සියෙන් පිටරට ගිහින් යමක් හරි හම්බ කරගන්න ලාංකිකයන්ට දත් නියවනවා. රස්සාවක් නැහැ කියලා ආණ්ඩුවට බැන බැන මව්බිමට බරක් වෙලා බෝක්කු ගානේ බීඩි ගහ ගහ ඉන්න රස්තියාදු හාදයෙක්ද කොහෙද (නදී)
උපාලි, අනිල් රෝහණ මේ ලඟදි මෙතන කඩේ යන්නම ඉහලින් පත් වුන කෙනෙක් වගේ තමයි. (නදී)
ගියපාර හිටපු සමහර කලාකාරයෝ පෙනෙන්න නැහැනේ. (නි)
අපිනම් නාලාකාරයෝත් දන්නවා කලාකරුවොත් දන්නවා කොන්දක් තිබ්බ නුඹලාට ජය (නදී)
දැන් එතකොට මේ බන්දුල කියන කෙනා මෙතන මැතිවරණ ප්‍රචාරයේ යෙදෙන්නේ අභ්‍යාවකාශයේ ඉඳන්ද? අනෙක් මිනිසුන්ට අන්තර්ජාලයෙන් ආණ්ඩු පෙරළනවා කියන්නේ? (නි)
අර 'අයුබෝන්‘ සිංදුව කියා කියා නටපු කළා කාරියත් මෙහෙන්ට අාවානම් තමයි මරු. (නදී)
ඇයි බන්දුල, දැන් තමුන්නැහේ මෙතන මේ ලියන්නේ අන්තර්ජාලයේ ඉඳගෙන නෙමෙයිද ? මොකද ඒකත් දැන් ඔහේගේ දේශපාලන සාප්පුවට සින්නක්කර ලියාගෙනද? ඔහෙට විතරද මෙතන දැන් දේශපාලන අදහස් ලියන්න පුළුවන්. එහෙනම් ඉල්ලාගන්න වෙනම පිටුවක්. (නි)
මොහාන් රාජ් මඩවල අැරුනාම අනෙත් ඔක්කොම තරුන අය. නමුත් බිය සෑක කියන දෙය මෙයාල තවම අත්විදලා නෑ. ඔයාලා දන්නා අයගෙන් අහගන්න 1988/1989 මේ රටේ තිබුනු තරුන මර්දනය කොපමනද කියලා. ජේ වී පී උපාසක මහත්වරුන්ගෙන් හැර (නදී)
අනිල් රෝහණ කඩේ ගියාට කමක් නැහැ සරම ඇඳගෙන ඔලුවෙන් හිට ගන්න එපා. (නදී)
මහින්ද මහතා පරාජය කිරීම එතරම් පහසු නැත. නමුත්, තියුණු තරඟයකින් පසුව 53% ඡන්ද ලබා මෛත්‍රී මහතා ජයග්‍රහණය කරනු ඇත. (නි)
සිරිසේනට කඩේ යන ට්කක් (නදී)
ගත් තීරණයට ඉතසිතින් සුභ පතමි. (නි)
අනේ බන්දුල, එතකොට ඔය කාර් රේස් සහ අශ්වයොත් හෙළ සංස්කෘතික අංග වලින් එකක් වෙන්න ඇති නේද? (නි)
මෙතන ඉන්න කලා කරුවන් කිහිප දෙනෙක් මම නම් දන්නවා. අනිල් රෝහණ නම් මෙච්චර කල් අභ්‍යවකාශයේ වෙන්න ඇති ඉන්න ඇත්තේ . ඒකනේ එක්කෙනෙක්වත් දැකල නැත්තේ. (නදී)
බන්දුල,බලාගෙන. පිටරට ඉන්න ලාංකිකයන්ට හෙළකම පෙන්නන්න ගිහින් ඔයාගේ මෝඩකම මෙතන ප්‍රසිද්ධ වෙනවා. (නි)
ඔය කඩේ බඩු ෂුවර් නෑ (නදී)
සමහරු හිතන්නේ වෙනත් දේශපාලන මත ඉදිරිපත් කරන එක රටට වින කරන වැඩක් කියලා. ඒවාට අර්ථ කථන දෙනවා ආණ්ඩු පෙරලීම කියලා. පිටරට ඉන්න උදවියට කළු සුද්දන්ලු. නමුත් ලංකාවේ තිබෙන සමාජ ශාලා වලට ගිහින් කලබගෑනි ඇති කරගන්නේ පිටරට ඉන්න මිනිස්සුන්ගේ ළමයින් නෙවෙයි. පුජනිය නගර වල මෝටර් රථ සැණකෙළි පවත්තමින්, සුද්දියන් ගෙනවිත් නටවමින් සංදර්ශන පවත්තන්නේ පිටරට ඉන්න ලාංකිකයන් නෙවෙයි. ඒ නිසා තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු සොයන එක හරි නැහැ. (නදී)
අපි නම් මුකුත් කියන්නේ නැහැ. මේ එන් ජි ඕ සල්ලිවලින් පිස්සු කෙලින, මුහුණු පොතෙන් ඡන්දෙ කරන එයාලා සාප්පු සවාරි යන ගමන් අපිට කඩේ යනවා කියන ඔක්කොම කට්ටියට පොදුවේ පිළිතුර 9 වෙනිදට අඩු නැතිව දෙන්නම්. තව අවුරුදු පහක් විදවන්න. (නදී)
බන්දුල පෙරේරා, කාර් රේස් යන එක සහ පිටරටින් ගෙන්වන අශ්වයෝ පදින එක ජාතික ක්‍රීඩා වලට අයිති වුනේ කවද්ද්ද කියල අපිට කියනවද ? ඊට පස්සේ ඔයා කළු සුද්දෝ ගැන කතා කරන්නකෝ. (නදී)
බන්දුල පෙරේරාට රට ඇතුලේ ඉඳන් රට කන අමු කළු සුද්දෝ පේන්නේ නැද්ද ? ඔයා කියන ලංකාවේ හෙළ කට්ටිය කුඹුරට බහින්න ලැස්ති වෙලා අමුඩ පිටින්ද ඉන්නේ ? අපිත් ලංකාවේ ඉන්නේ බන්දුල. මෝඩ කතා කියල කඩේ යන තැනට වැටෙන්න තියන ඡන්ද ටිකත් නැති කරන්න එපා. (නදී)
ගෙයින් ගෙට ගිහින් ගිහින් හෝ මහින්දව දිනවනවා කියලා ප්‍රසිද්ධියේ කියූ සරිගම වරද්ද ගත්ත මුසිල කෝ දැන්? (නදී)
මහබාගේ , ඔබට පීඩනයක් නැත්තේ අර වරදාන ලාභියෙක් නිසා වෙන්නැති. (නදී)
බන්දුල පෙරේරාට දැඩි මානසික අවපීඩන තත්වයක් ඇති බව පෙනේ. ඔහු තමන්ගේ දේශපාලන දර්ශනය අනුන් ඇදහිය යුතුයැයි සිතයි. පිටරට සිටින ලාංකිකයන් ගැන අහේතුක තරහක් ඇත. තමන්ට නැති සැපසම්පත් අනුන්ට තිබෙන එක වැරැද්දක් හැටියට දකියි. (නි)
බන්දුල, එතකොට පිටරට ඉන්න කට්ටිය කළු සුද්දෝ නම් ඔයා ඉන්නේ හෙළ ක්‍රමයට අමුඩ කෙටියකින් සැරසිලා වෙන්න ඕනෑ. (නි)
කවුද බන්දුල තුමෝ මුහුණු පොතෙන් ඡන්දෙ කරන්නේ ? ඒක එහෙම නම් තමුන්නැහේ මෙතන කරන්නෙත් ඒ ටිකමනේ . ඔබතුමාත් මෙතන හැටට හැටේ අන්තර් ජාලයෙන් ඡන්ද කෙරුවාව කරන ගමන් අනිත් මිනිස්සුන්ට කියනවා අන්තර් ජාලයෙන් දේශපාලනය කරනවා කියල. මොනවද මේ බහුබූත කතා ? (නදී)
ඔය පැන්නේ බන්දුල පෙරේරා ගේ බළලා මල්ලෙන් එලියට. තව අවුරුදු 5ක් විඳවන්න දෙනවලු. එයාම පිලිගන්නවා මෙච්චර කලක් මේ රටේ ජනතාව විඳවපු බව. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැලු. (නදී)
කොහෙද මේ නලු බට්ටෝ හිටියේ ? මහින්දට 58% යි, මෛත්‍රී 42% යි (නදී)
ඔය ගොල්ලන්ට නිදහසේ චිත්‍රපටි එහෙම කරන්න යුද්ධය නවත්වලා දුන්නේ කවුද දන්නේ නැහැ නේද? ලංකාවේ හැම මනුස්සයෙකුටම ෆේස්බුක් තියනවද? මමත් තරුණයෙක්. මටත් ෆේස්බුක් නැහැ.මම දන්නා තව ඉන්නවා.යුද්ධය නවත්වපු කෙනාට රටේ ඉතිරි වැඩ ටිකත් කරන්න පුළුවන්. (නි)
සේනක, ඔබත් කාලය කා නොදමා රැකියාවක් කර යහපත් පවුල් ජීවිතයක් ගතකරන්න. ධර්මිෂ්ටව ජීවත් වෙන්න. අනුන්ට ඊර්ශියා නොකරන්න. එවිට ඔබගේ පීඩනය නැති වෙයි. රටෙන් ජාතියෙන් පලි ගන්න එපා (නදී)
අපේ ජනාදිපතිතුමා නිසා තමයි ඔයාල සේරම නිදහසේ ජීවත් වෙන්නේ එය අමතක නොකරන්න (නදී)
යුද්ධයෙන් පසුව මොනවද රටේ වෙන්නේ කියලා දන්නේ නැත්තේ කවුද? මිනිසුන්ට මැර තර්ජන ගර්ජන නැතුව පාරක යන්න පුලුවන්ද? තුන්වේල කන්න පුලුවන්ද ණය නොවී? අපේ ළමයින්ට ලැම්බෝගිනි සහ අශ්වයෝ ඕනෑ නැහැ කීර්ති මහත්තයෝ. මේ අපේ රටයි කියන්න රටක් ඉතිරි වුණොත් ඇති. (නි)
මෙතන තරුණයෙක් කියනවා ෆේස් බුක් ගිණුමක් නැහැ කියලා.අහෝ බන්දුල ! අපි නම් අහුවෙයි ඔහේගේ කතා වලට.ඔහේ වගේම මමත් බෙන්තර ගඟෙන් එහා කියලා හිතාගන්න. (නි)
මම හොරට විභාග පාස් කරලා ගත්තු රැකියාවකින් යැපෙනවා කියල හිතුවද ? කොමිස් ගහල පගා ගහල, සල්ලි හම්බු කරගන්නේ නැහැ. මම පුද්ගලික අංශයේ මගේ උගත් කමට හරියන රැකියාවක් උපරිම තෘප්තියකින් කරනවා. මගේ පත්වීම තරඟ විභාගයක් සහ සාධාරණ සම්මුඛ පරීක්ෂණයක් මත දිනා ගත් රැකියාවක් විනා දේශපාලන පත්වීමක් නොවන නිසා එය 100% ධාර්මික එකක් බව කරුණාවෙන් දැනුම් දෙමි. පීඩනය ඇති ඇත්තන් දැක ගැනීමට වේදිකාවේ නොසරුප් බසින් කාන්තාවන්ට පරිභව කරන, ඔබ අදහන්නන් දෙස බලන්න. (ස)
බලාගෙන ඉන්න. හොඳ වෙනසක් නම් ඇතිවෙයි. එන 9 වැනිදා අපි හැමෝම මාධ්‍ය වටා එක්වී බලා ඉමු. (නදී)
ක්‍රිස් , කාගේ හරි දේශපාලන කතාවක් අහන්න යනකොට විදුලිය විසන්දි කිරීමද නිදහස කියන්නේ ? (ස)
මේ අය යුද්දය දිනුවේ කොහොමද කියල දන්නේ නැති කට්ටිය. එස්.එෆ් නොහිටින්න ඔය රාජපක්ෂලට කොරන්න පුළුවන් ද යුද්ධය දිනන එක. නිකම් බොරුවට කයි ගහනවා (ස)
අනුර කොහෙන්ද ඔය සංඛ්‍යා දත්ත ? ඔය කේන්දර බලන තැනින්ද ? (ස)
ගත්ත තීරණය හරි හැමදාම පවුල්වාදයට මුල්තැන දෙන්න බැහැ. (ස)
අර සමන්ජය කියන එක්කෙනා කියලා තියනවා කසුන් කල්හාර හැර කවුරුත් දන්නේ නැහැ කියලා. මෙය අනිවර්යෙන් පිට සක්වලින් ආපු හාදයෙක් වෙන්න ඕන නැත්නම්. දුමින්ද සිල්වාගේ ලග නෑයෙක් වෙන්නැති. මේ වගේ කලාවක් දන්නේ නැති මිනිස්සු තමයි රටවල් කන්නේ. හැබැයි මම හිතන්නේ කලා කාරයේ ස්වාධින වෙන්න ඔන කියලා. හැබැයි දේශපාලන මතයක් එළිකරන කොට ටිකක් හිතන්න ඕන. මම පුද්ගලිකව සතුටු වෙනවා අලුත් පරපුර අලුත් විදියට හිතන එක ගැන. (ස)
වක්කඩ කැඩුවම වතුර ගන්න ඇතිතරම් ගොවියෝ ඉන්නවා. ගොවියට කුඹුරු අස්වද්දන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි (නදී)
මේ වගේ තරුණ පිරිස් අද තියන මර්දන කාරී රජයේ වැඩපිළිවෙලට එරෙහිව පෙළ ගැහෙන ඒක ගැන ඇත්තටම සතුටුයි..අද තරුණ පරම්පරාව බුද්ධිමත් ඔවුන්ට වෙනසක් අවශ්‍යයි ..අද පාසැල් යන ළමුන්ට තියන බුද්ධිය බොහෝ වැඩිහිටියන්ට නැහැ ..මේ රටේ අනාගතය ඔවුන් අපි ඒකට සහයෝගය දිය යුතුයි ..මේ රට ඔවුන්ගේ නැතුව කුමාරවරුන්ගේ රජවරුන්ගේ නෙමෙයි ..මේ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම අතු ගාල දාන්න ඕනේ ..ඒ දේ වෙන්න නම් අපි කැපුවත් කොළ කැපුවත් නිල් කියන .දේශපාලන මන්දබුද්ධික රෝගයෙන් රටේ මිනිස්සුන්ව සුව කරගන්න ඕනේ ..(හේ)
මේ ඉන්නේ නියම ජනහිතවාදී කලාකරුවෝ. මොකද මෙයාල මාද්‍ය සාකච්ඡාවක් තිබ්බ මිසක් ස්ටේජ් ගානේ බඩ ගගා කඩේ ගියේ නැහැ. තරුණ හැගීම් තේරුම් ගන්න බැරි මුළු තාරුණ්‍යම තමුන්ගේ පුතාල කියල හිතන් ඉන්න අයට හොඳට තේරෙයි මේ තරුණයන්ගේ ශක්තිය මේ පාර (නදී)
රටේ ජනතාව විදවනවා නම් මහින්ද මහත්තය 9 වෙනිදට තුන්වෙනි වරටත් මේ රටේ ජනපති වෙන්නේ නැහැනේ රුවන් මහත්තයෝ. විදවන්නේ මුහුණු පොතේ වගේම මේ අන්තර්ජාලයෙන් ආණ්ඩු හදන පෙරලන කුහක ගුණමකුවෝ. එහෙම නැත්නම් මගේ වචනෙන් කිව්වොත් මේ රටේ ඉපදිලා වෙන රටක සැප විදින ගමන් මේ රටට විනය කැටෙනකම් පෙරුම් පුරන් බලන් ඉන්න කළු සුද්දෝ (නදී)
කීර්ති කියන කෙනා සහ මායිම් ගම්මානයෙන් ආ ශ්‍යාමා කුමාරි රත්නමල්ලාගේ ගෙවල් දෙක එක ළඟ වෙන්න ඇති. (නි)
මේ අය හරි මේ රටට ලොකු වෙනසක් අවශ්‍යයයි.(හේ)
හැඟීම් අමතකකර හදවතට එකඟව ජන්දය දෙන්න (නි)
අපිටත් ඕනෑ වෙනසක් කරන්න. හැබැයි මෙහෙම වෙනසක් නෙමෙයි (නි)
මේක හොඳින් සිතාබලා තීරණ ගතයුතු මොහොතක් (නි)
බෙන්තර ගඟෙන් එහා හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා කරුණාජීව. ඒත් ඉතින් අපි ඉස්සරහට කළු සුද්දෝ පරදවා හෙළ ක්‍රීඩාව නංවන්න තිරික්කල රේස් තියනකොට ඒකෙ බඳින්න කෙනෙක් නම් සභාවේත් ඉන්නවා. (නි)
වෙනසක් අවශ්‍ය බව අපිත් පිළිගන්නවා (නි)
රට පාවාදෙන්න නම් එපා (නි)
හැට පැනපු බන්දුල මහල්ලා තරුණයෙක් වෙයි. (නදී)
සරිගම අවුල් කර ගත්ත අවුල්සිංහ මාස්ටරුත් හිටියා නම් මරුම තමයි. (අ)
අනිවාර්යෙන් මෛත්‍රී දිනනවා (නදී)
නිවැරදි දැක්මක්. අපේ සතුට හා ප්‍රසාදය මෙන්න. වෙස්මුහුණු දමාගෙන දේශපාලනය කරන ේදශපාලකයින්ව හඳුනාගන්න ඔබටත් හැකිවුණා. (නි)
වර්තමාන තරුණ පරපුර බුද්ධිමත්. (නි)