සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධනය නොකරන්නේනම් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මේ පනත නොතිබුණත් සුපිරි ඇමැතිවරුන් සිටි බවත්, නැවතත් සුපිරි ඇමැතිවරුන් බිහි කිරීමට ඉඩ නොදෙන බවත් පෙරේරා මහතා සඳහන් කළේය.
‘බලය තවදුරටත් බෙදිය යුතුයි කියා කතා කරන ගමන් බලය ගන්නයි හදන්නේ. බලය බෙදන ගමන් හැන්දෙන් ඔළුවට ගහනවා වගේ අදහසක් තමයි මෙයින් එන්නේ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වසරේ පවත්වන අවසන් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එලෙස කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වසර දෙකකට අත්සන් කළ ගිවිසුම ලබන වසරේ අවසන් වන බවත්, එබැවින් 2017 වසර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම දේශපාලන ලෝකයටද වැදගත් වනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අනුමැතිය දී ඇත්තේ වසර දෙකක් සම්මුතිවාදීව කටයුතු කිරීමට බව ද, ඉදිරි වසර තුනත් සම්මුතිවාදීව යන බවට පක්ෂ ලේකම්වරයා කීවේ ඔහුගේ පෞද්ගලික අදහසක් බව ද, සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් දේශපාලකයෝ? මෙහෙම අය තමා මහින්දවත් විනාශකළේ? (නි)
ජනතාවට නොසෑහෙන විදිහට රුපියල් 25000 දඩ ගහන්න කතාකරනකොට පාර්ලිමේන්තුවේ හිටියට මේගොල්ලෝ නොවේ වචනයක්වත් කතාකළේ. අන්තිමට බස් රියදුයෝ උද්ඝෝෂණය කළේ නැත්නම් දැනටමත් දඩය ක්‍රියාත්මක කරලා. අවාසනාවක මහත! මොවුන්ව ජනතාව ප්‍රතික්ෂේප කළත් පස්ස දොරෙන් පාර්ලිමේන්තු යනවා (නි)
දැනුයි තේරුනේ මේක බොරු කෑගැසීමක් කියලා. පස්සේ කියයි අපි කියපු විදියට වෙනස් කළ නිසා පක්ෂයි කියලා. පහුගිය අයවැයේදී කළෙත් ඔය ටිකමනේ. මම කියන්නේ බොරුද කියලා මේ කියපු එක මතක තියාගන්න. (නි)
පින් ඇමතිගේ කටේ සැර බලපල්ලකෝ. (හේ)
එක එක තැන වල එකම පක්ෂේ අය එක එක කතා කියනවා (හේ)
ඉතින් ඔය සම්මුතිවාද කියන ආණ්ඩුවේ ඕව හදන්නේ එකට එකතුවෙලා නොවේද? හදල එලියට දැම්මට පස්සෙද සම්මුති වාදී කට්ටිය ඕව දකින්නේ? අනේ අපි මවපු සිහිනවලට වුන දේ? (බ)
සංශෝධනය කියන්නේ අ යන්න වෙනුවට ආ යන්න දාපුහම ගානට අත උස්සයි. බොරුවට කඩේ ඇතුලේ මුදලාලිත් එක්ක ඉදගෙන බඩු ගන්න සල්ලි නැති මිනිස්සුන්ට කොකා පෙන්නනවා වගේ වැඩ තමයි මේවා. ඡන්දයක් ආසාවට වගේ තියන්න කෝ අපි අත උස්සල පෙන්නන සංශෝධනය කරන්න ඕනේ කොහොමද කියල. (බ)