ගංවතුරින් හා නායයෑම්වලින් විනාශ වූ නිවාස ඉදිකරදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව ඇතුළු පාර්ශ්වයන් මෙම බලකායෙහි සාමාජිකත්වය දරණ බවද ඇමතිවරයා කීවේය.
ගං වතුර බැස යන්නේ ඉතා සෙමින් වුවත් ගං වතුරක කොටු වූ කිසිවෙකුගේත් ජීවිතයකට හානි නොවන අයුරින් ඔවුන් මුදාගැනීමට හැකිවූ බව කී අමාත්‍යවරයා එහිදී ත්‍රිවිධ හමුදාව ඉටුකළ මෙහෙවර අගය කරන බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. (ර)
ඇති එහෙමවත් කිව්වා. සාමාන්‍යයෙන් වෙන්නේ හමුදාවෙන් බේරා ගත්තහම දේශපාලුවෝ ඒකෙ කීර්තිය තමන්ට තනියෙන්ම බෙදා ගන්න එකනේ. (බ)